Back to Top

සෙටප් කරපු විපක්ෂ ඕන නැහැ

January 23, 2015  


 

 

 

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව පළමු වතාවට පාර්ලිමේන්තුව රැුස්වූයේ පසුගිය විසිවෙනිදාය. එහිදී පාර්ලිමේන්තුවේ පුටු සැකසීම ඇතැම් පාර්ලිමේන්තු මන්තරීවරුන්ට සිතා ගැනීමට නොහැකි ආකාරයක් ගත්තේය. රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් පිරිස් ආණ්ඩුව පැත්තේද ඇතැම් පිරිස් විපක්ෂය පැත්තේද අසුන් ගෙන සිටියෝය. එක්සත් ජනතා නිදහස් සන්ධානය තවදුරටත් එක් පක්ෂයක් ලෙස නියෝජනය නොකරමින් එහි පක්ෂ තනි පක්ෂ ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන බවටද තීරණයක් ගෙන තිබුණි. මේ පිළිබඳව අනුර දිසානායක අපූරු හෙළිදරව්වක් කළේය.

 

 

අපිට සෙටප් කරන ලද විපක්ෂයක්  ඕන නැහැ. එක් පක්ෂයක් බලය අරගෙන 113ක් ආණ්ඩු පක්ෂයේ තියලා ඉතිරි ටික පාවිච්චි කරලා විපක්ෂය හදන්න  ඕන නැහැ.  නිසා කතානායකතුමනි මේ ගැන සලකා බැලිය යුතුයි. අපේ රටේ මෙහෙම සම්පරදායන් හැදුණොත් මොකද වෙන්නේ. මහජනයාගේ ඡන්දය නියෝජනය කරන ලද පාර්ලිමේන්තුවක් මිසක් සෙටප් කරන ලද පාර්ලිමේන්තු  ඕන නැහැ. හරියට පක්ෂයේ ස්ථාවරය කියන්න  ඕනෑ. අපේ ස්ථාවරය අපි කියලා තියෙනවා.  වගේ ආණ්ඩුව සම්බන්ධ රීලනිපයේ ස්ථාවරය අපි දැනගන්න  ඕනෑ.අනුර දිසානායක කීවේය.

 

 

කලින් ආණ්ඩුවේ හිටපු මන්තරීවරයෙක් මේ ගැන සුනිල් හඳුන්නෙත්තිට අපූරු කතාවක් කීවේය. අපි ආණ්ඩුවේ ඉන්නකොට ඉඩ නැති නිසා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පැත්තේ වාඩි වුණා. දැන් අපි විපක්ෂයට ආවට පස්සේ  පැත්තේ ඉඩ නැති නිසා ආණ්ඩුව පැත්තේ වාඩිවෙන්න වුණායැයි මන්තරීවරයා කීවේය.

 

 

 

MOST VIEWED VIDEO STORIES

MORE >>