December 22, 2014
මේෂ
මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී ගැටලු සහගත තත්ත්වයකට මුහුණදීමට සිදුවන අතර තමන්ගේ ආදායම් මාර්ග වලින් නිසි ප්‍රයෝජන
ගැනීමට අපහසුවේ.
ජය අංකය 07
වෘෂභ
සතුරු බලවේග ක්‍රියාත්මක විය හැකි දිනයක් බැවින් ඒ පිළිබඳව විමසිලිමත්ව සිටින්න. තමන්ගේ රාජකාරී කටයුතු පැහැර හැරීම ගැන චෝදනා එල්ල විය හැකිය.
ජය අංකය-06
මිථුන
භූමී දෝෂ ආදි බලපෑම් වලින් ආදායම් තත්ත්වය පහත වැටීමට පවා ඉඩ ඇති අතර අනවශ්‍ය වියහියදම් වලට ද හේතුවිය හැකිය.
ජය අංකය-02
කටක
ඉතා බුද්ධිමත්ව කටයුතු කළ යුතු දිනයකි. බාහිර කරදර බාධක නිසා ආවේගකාරී තත්ත්වයන්ට පත්විය හැකි බැවින් ඒ පිළිබඳව විමසිලිමත්ව සිටින්න.
ජය අංකය-09
සිංහ
රැකියාව පිළිබඳව කටයුතුවලින් විශේෂ වරප්‍රසාද හිමිවන අතර උසස්වීම්වලට ද හේතු විය හැකිය. විදෙස් රැකියා බලාපොරොත්තුව සිටියේ නම් එම කාරණා සඵල වේ.
ජය අංකය-05
කන්‍යා
අසල්වාසීන් හා ඇති සබඳතාව පළුදුවීමට ඉඩ ඇති බැවින් යම් ගැටලුකාරී තත්ත්වයන් තුළදී බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් ඔබට යහපතක්ම වේ.
ජය අංකය-05
තුලා
ස්වයං රැකියාවල නියුතු අයට තමන් බලාෙපාරොත්තුව සිටි ණය මුදලක් හෝ සහනාධාරයක් නැතහොත් මුදල් ආධාරයක් ලැබීමට වාසනාව ඇත.
ජය අංකය-01
වෘෂ්චික
ව්‍යාපාරික කටයුතු මෙන්ම ගේ දොර ඉඩ කඩම් ව්‍යාපාරවල නියුතු අයට අධික ලාබ ලැබිය හැකි මාර්ගයක් විවෘත වේ.
ජය අංකය-04
ධනු
මිල මුදල් සෙවීමේදී නීති විරෝධී ලෙස මුදල් උපයා ගැනීමට උත්සාහ ගැනීමෙන් තම කීර්තියත් සමාජ තත්ත්වයත් බිඳ වැටීමට පුළුවන.
ජය අංකය-08
මකර
නීති වෘත්තිය වැනි රැකියාවල යෙදී සිටින අයට අද දිනය ඉතාමත් යහපත් වේ. එමෙන්ම උසස් අධ්‍යාපනයේ යෙදී සිටින අයට විදේශ ශිෂ්‍යත්ව හිමිවීමට පුළුවන.
ජය අංකය-09
කුම්භ
ඛනිජ සම්පත් නිෂ්පාදන අංශයේ ව්‍යාපාර කටයුතු කරන අයටඅද ඉතාමත් සුවිශේෂි දිනයක් වනු ඇත. තම බලාපොරොත්තු ඉහළින්ම සඵල වේ.
ජය අංකය-01
මීන
තමන්ගේ ජනප්‍රිය බව වැඩිවන දිනයකි. ප්‍රිය සම්භාෂණ, උත්සව, විනෝද චාරිකාවලට ෙහ්තුවේ. විරුද්ධ ලිංගිකයින්ගේ අවධානයට යොමුවේ.
ජය අංකය-05
ජ්‍යෝතිෂ හා වාස්තු විද්‍යාවේදී
චන්ද්‍රසිරි ශ්‍රියානන්ද ද සිල්වා
පුස්තකාලයාධිපති (විශ්‍රාමික)
සීමන් මාවත, මිනුවන්ගොඩ