Back to Top

සජිත් විතරක් නෙමෙයි ඔබලත් මගෙත් එක්ක එකතු වෙන්න

December 1, 2014  


 

පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේන හවුල්කාර පක්ෂ සමග විශේෂ සාකච්ඡාවක් පසුගිය බදාදා නීතීඥ මෛත‍්‍රී ගුණරත්න මහතාගේ නිවසේ පැවැත්වුණා.

 

මේ සාකච්ඡාවට නියොජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස, පාඨලී චම්පික රණවක, නන්දන ගුණතිලක සහ නායක රනිල්ගේ නිලධාරීන් දෙදෙනෙකු ඇවිත් හිටියා.

 

මැතිවරණ ප‍්‍රචාරක යාන්ත‍්‍රණය අනුගමනය කළයුතු උපායමාර්ග මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වුණා.

සාකච්ඡාවෙන් අනතුරුව පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂ ප‍්‍රතිසන්ධානය වෙනුවෙන් පෙනී සිටි අයගේ පූර්ණ සහයෝගය ඉල්ලා සිටියා.

 

 ‘‘මගේ ඡන්ද ව්‍යාපාරයේ වැදගත් කාර්යභාරයක් මෛත‍්‍රී ගුණරත්නටයි, ශිරාල් ලක්තිලකටයි භාරදෙනවා. සජිත් විතරක් නෙමෙයි ඔබලත් මගෙත් එක්ක එකතු වෙන්න.’’

 

 ‘‘අනිවාර්යයෙන් අපි කිසිදු තනතුරක් බලාපොරොත්තු නොවී මේ ඡන්ද සටන කරනවා, පැහැදිලි ජයග‍්‍රහණයක් පෙනෙන මැතිවරණයක් මේක.’’

 

මෛත‍්‍රී සහ ශිරාල් පොදු අපේක්ෂකයාට ඒ විදිහට සහය පළකළා.

 

 

මේ අතර පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන සමග එක්සත් ජාතික පක්ෂ නායකයන් විශේෂ සාකච්ඡාවක් කළා.

 

සියලූ පක්ෂ ගොඩනගමින් හදන නව සන්ධානයේ ලේකම් ධුරය එක්සත් ජාතික පක්ෂයට දීමටත්, සභාපති ධුරය මෛත‍්‍රීපාලගේ නියෝජිතයෙකුට දීමටත් මෙහිදි එකඟ වුණා.

 

එසේම එළඹෙන ජනාධිපතිවරණයට අපේ ජාතික පෙරමුණේ පරවියා ලකුණින් තරඟ කිරීමටත් මෙහිදී තීරණය වුණා.

MOST VIEWED VIDEO STORIES

MORE >>