Back to Top

සර් කන්ද උඩරට අනර්ඝ තේ පැකට් එකක් තියෙනවා

December 1, 2014  


2015 අයවැය තුන්වෙනි වරටත් කියවීමේ ඡන්ද විමසීම පසුගිය සඳුදා පැවැත්වුණා. එදින පාර්ලිමේන්තුවේ පිල්මාරුවක් සිදුවන බවට කටකතා පැතිර ගියා.

 

මේ අතර පිල්මාරු කිරීමට සූදානමින් සිටි නුවරඑළිය දිස්ත‍්‍රික් සන්ධාන මන්ත‍්‍රී පී. රාජතුරෙයි, පාලිත රංගෙබණ්ඩාර සමග පාර්ලිමේන්තු භෝජනාගාරයේ ඒ ගැන කතාබහ කරමින් සිටියා.

 

 ‘‘අද කව්රුත් පිල්මාරු කරන්නෑ, ඔබතුමා විතරක් මේ වෙලාවේ  ඕක කරන්න එපා. දැන්මම වාහනයක් දෙන්නම්, ඒකේ නැගලා යන්න. අද ? මම කියන තැන නවතින්න. හෙට අපි නායකතුමත් එක්ක කතා කරලා තීන්දුවක් ගමු’’

 

පාලිත රංගෙබණ්ඩාර කියපු විදිහට රාජතුරෙයි මන්ත‍්‍රීවරයා අයවැයට පක්ෂව ඡන්දය නොදී පාර්ලිමේන්තුවෙන් පිටමන් කළා.

 

පසුදින උදෑසන රංගෙ බණ්ඩාර නායක රනිල්ට දුරකථනයෙන් කතා කළා.

 

 ‘‘සර් කන්ද උඩරට අනර්ඝ තේ පැකට් එකක් තියෙනවා. ඒ තේ පැකට් එක සර්ට ගන්න පුළුවන්. දැන් මංගාව තියෙනවා.’’

 

 ‘‘11.30 වෙද්දී ඒක මංගාවට එවන්න’’

 

 ‘‘දිලිප් වෙදආරච්චි මන්ත‍්‍රීවරයා අතේ තේ පැකට් එක එවනවා සර්’’

 

 

රංගෙබණ්ඩාර නොතේරෙන භාෂාවකින් රාජතුරෙයි මන්ත‍්‍රිවරයා එජාපයට එක්කර ගැනීමේ දුරකථන සංවාදය නායක රනිල් සමග සිදුකළා.

MOST VIEWED VIDEO STORIES

MORE >>