Back to Top

අපිටත් නැති බඩු ඔයාලට එන්නේ කොහොමද?

November 28, 2014  


 

 

Zමහින්දට තුන්වරක් පුළුවන්Z කියමින් ශ්රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කළ මතය සහිත වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන්නැයි දිගින් දිගටම විපක්ෂය විසින් ආණ්ඩුවට අභියෝගයක් එල්ල කළේය. Z වාර්තාව තියෙන්නේ ජනාධිපතිතුමාගේ අතේ. ඒක පාර්ලිමේන්තුවට දාන්නත් පුළුවන් නොදා ඉන්නත් පුළුවන් නිමල් සිරිපාල කීවේය. කෙසේ වෙතත් එම වාර්තාව ජවිපෙ මන්තරී විජිතගේ අතට ලැබුණේය.  අධිකරණ අමාත්යංශයේ වැය ශීර්ෂය විවාදයට ලක්වෙන 21දින අළුයමේදීය. විජිත හේරත් අයවැය කතාවේදී එම වාර්තාව පිළිබඳ කතා කළේය.

 

මේ මතය විභාගයට ලක්කරනකොට විවෘත අධිකරණයේදී සාකච්ඡා නොකළේ ඇයි.  විතරක් නෙවෙයි. ලංකා ඉතිහාසයේ නෙවෙයි මම හිතන්නේ ලෝක ඉතිහාසයේ පළමු වතාවට ඉරට්ටේ සංඛ්යාවකින් විනිසුරු මණ්ඩලයක් හැදුවේ. එක විතරක් නෙවෙයි  වෙලාවේ ලංකාවේ හිටපු විනිසුරුවරුන් දහදෙනා ලවාම මේ මතයට අත්සන් කරවා ගත්තා. ආණ්ඩුව වැඩ කළේ එහෙමයි. දැන් ඒවට හේතු කියන්න  ඕනෑ. විජිතගේ කතාවට කිසිවෙකු බාධා කරන්න ආවේ නැත.

 

 

අපි ආසාවෙන් හිටියේ මේකේ මොනවද තියෙන්නේ කියලා දැනගන්න. ඇත්තටම අපිටත් නැති බඩු ඔයාලට එන්නේ කොහොමද?. ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු විජිත ළඟට විත් වාර්තාව පිළිබඳව විස්තර විමසන්නට පටන් ගත්තෝය.

 

MOST VIEWED VIDEO STORIES

MORE >>