November 17, 2014
පූජ්‍ය අතුරලියේ රතන හිමි පසුගිය බදාදා සංවිධාන කළ ‘පිවිතුරු හෙටක්’ රැස්වීමට විපක්ෂයේ බොහෝ දෙනෙක් ගොඩවුණා. මේ රැස්වීම පැවැත්වෙන අතරතුර ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කාර්යාලයට රැස්වී ඒ ගැන කතාබහ කළා.
‘‘ජනාධිපතිතුමා පරද්දන්න බැරි නිසා රනිල් වික්‍රමසිංහ මහතා මේ ගමනත් කරන්නේ සරත් ෆොන්සේකාට කරපු වැඩේම තමයි.’’
ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු එහෙම කියද්දී නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩිත් ඒ කතාවට උල්පන්දම් දුන්නා.
‘‘පොදු අපේක්ෂකයා කරු ජයසූරිය වුණොත් මේ ගමන ජනාධිපතිතුමාට වැඩි මහන්සියක් වෙන්න ඕන නැහැ.’’
ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය ගැන ආණ්ඩුවේ මැති ඇමතිවරු ඒ විදිහට තක්සේරු කළා.