November 7, 2014
ජනාධිපතිවරණයක් කැඳවීම සහ මහින්ද රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම යනු කරුණු පිළිබඳව ඇති ව්‍යවස්ථා විරෝධී කරුණු විවිධ පාර්ශව විසින් ඉදිරිපත් කිරීම රටේ දේශපාලනය වේගයෙන් උණුසුම් කර තිබේ. ඒත් සමගම ආණ්ඩුව විවිධාකාරයේ ප්‍රතිචාර දැක්වමින් සිටී. කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ, නීතිඥ සංගමය, හිටපු අගවිනිසුරු සරත් සිල්වා ඇතුළු විශාල පිරිසක් මේ මතය සමාජගත කිරීමත් සමග ආණ්ඩුවට එම කරුණු මඟහැර යා නොහැකි වී තිබේ.
පසුගියදා ජනාධිපතිවරයා විසින් මේ කරුණු පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට ලියවිල්ලක් භාරදුන්නේ මේ පසුබිම තුළය. පසුගිය හතරවෙනිදා සිදුවූ මේ සිදුවීම පිළිබඳව නීතිඥ සුනිල් වටගලට දැනගන්නට ලැබිණි.
“ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසලා.”තමන්ට ලැබුණු ආරංචිය සුනිල් වටගල දුරකතනයෙන් විජිත හේරත්ට දැනුම් දුන්නේය. ”අපි මේ ගැන සරත් සිල්වා එක්ක කතාකරමු” විජිත යෝජනා කළේය. එදිනම රාත්‍රියේ සුනිල් වටගල හා විජිත හේරත් හිටපු අගවිනිසුරුවරයා මුණ ගැසිණි.
සුනිල් වටගල පසුදින ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය අතර මේ පිළිබඳව නියෝජ්‍ය රෙජිස්ටාර්වරියගෙන් විමසීමක් කළේය. “මම දන්න තරමින් එහෙම දෙයක් ඇවිත් නැහැ.”සුනිල් වටගලට පිළිතුරු ලෙස ලැබිණි. නමුත් එදින දවල් 12 පමණ වනවිට නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරියගෙන් වටගලට දුරකතන ඇමතුමක් ආවේය.
“ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසලා ජනාධිපතිවරයා ලේඛනයක් ඉදිරිපත් කරලා තියෙනවා. සිකුරාදා වෙනකොට අපේ මතය ලිඛිතව ඉදිරිපත් කරන්න කියලා අපිටත් ලිපියක් ඇවිත්. වාචිකව දේශන කරන්න බැහැ. මෙකේ කොපියක් ගන්න පුළුවන් තරම් ඉක්මනට” උපුල් ජයසූරිය සුනිල් වටගලට කීවේය.
මේ අතර පසුවෙනි දින රාත්‍රියේ සුනිල් වටගලට තවත් දුරකතන ඇමතුමක් ආවේය. ”ජනාධිපතිවරණය ගැන මතය විමසන්න අදම (05) බෙන්ච් එකක් පත්කරලා. ඒ ගැන විභාගයක් කරලා කියලා තමයි ආරංචිය. හයවෙනිදා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ලිඛිතව දෙන්න කියලා තියෙන්නේ ඒ නිසා. අනෙක් කාරණය මේක ජනතාව නියෝජනය කරන පක්ෂවලට අදහස් දක්වන්න අවස්ථාවක් දීලා නැහැ. ඒක ජනතා පරමාධිපත්‍යයට පටහැණි දෙයක්” දුරකථනයෙන් කතා කළ ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක් පැවසීය.
මේ පිළිබඳව අනුර දිසානායක, ටිල්වින් සිල්වා, ලාල්කාන්ත, විජිත හේරත්, සෝමවංශ අමරසිංහ යන අය අතර හදිසි අදහස් හුවාරුවක්ද සිදුවිය. අනතුරුව මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට සුනිල් හඳුන්නෙත්තිට වගකීම භාරවූ අතර ඔහු ජ්‍යෙෂ්ඨ නීතිඥ කි්රස්මාල් වර්ණසූරිය සමග මේ ගැන සාකච්ඡා කළේ ඒ අනුවය.
සාකච්ඡා සාර්ථකයි
නීතිවිරෝධී ජනාධිපතිවරණයක් එපා යැයි කියමින් ආරම්භ කළ කි‍්‍රයාමාර්ගය සඳහා සහය ලබාගත හැකි පාර්ශව සමග ජවිපෙ සාකච්ඡා ආරම්භ කර තිබේ. ජවිපෙ නායකයින් නිල නොවන මට්ටමින් සිදුකළ සාකච්ඡා බොහෝ දුරට සාර්ථක වී තිබේ. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්, අතුරලියේ රතන හිමි, සාධාරණ සමාජයක් සඳහා ජනතා ව්‍යාපාරය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමග මෙසේ සාකච්ඡා ආරම්භ කර තිබිණි.
“මේ වෙලාවේ හැමෝම එකතු වෙලා වැඩ කරන්න ඕනෑ.”සියලූ පාර්ශවවල ප්‍රතිචාරය විය. ”නුගේගොඩ රැලිය හොඳට තිබුණා නේද?” සාධාරණ සමාජියක් සඳහා ජනතා ව්‍යාපාරයේ කිහිප දෙනෙක් හමුවූ අවස්ථාවේ ඔවුහු විජිතගෙන් විමසූහ.
පාර්ලිමේන්තුවේදීද නුගේගොඩ රැලිය පිළිබඳව ආණ්ඩුවේත් විපක්ෂයේත් ඇතැම් පක්ෂවල මන්ත්‍රීවරුන් කතාබහ විය. ”රැලිය හොඳට කළා නේද? වැස්සෙත් මිනිස්සු ඇවිත් හිටියනෙ,” සුනිල් හඳුන්නෙත්තිගෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් ඇසීය. ”ආරාධනා කළානම් අපිත් එනවා.”විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හඳුන්නෙත්තිට කීවේය.”අනිවාර්යෙන් ඉස්සරහට එකතුවෙලා වැඩක් කරන්න වෙයි” හඳුන්නෙත්ති පිළිතුරු දුන්නේය.