Back to Top

හෙට පුතාට ඇපගන්න මේ විදියේ රඟපෑමක් කරන්න වෙනවා.

November 7, 2014  

 

2015 වර්ෂයට නියමිත ජනාධිපති වැය ශීර්ෂය පිළිබඳව විවාදය පසුගිය සතියේදී පැවැත්විණි. එහිදී අනුර දිසානායක තම කතාව ආරම්භ කළේය.

 

 

දැන් තියෙන්නේ ගෝතරික පාලනයක්. නමුත් වෙනසක් තියෙනවා පෙර ගෝතිරක නායකයා තමන්ගේ ගෝතරය ගැන හිතුවා. නමුත් මේ නායකයා තමන්ගේ පවුල ගැන විතරයි හිතන්නේඅනුර දිසානායක තම කතාව කරගෙන ගියේය. එවිට ඇමතිවරුන් කිහිප දෙනෙක් බාධා කරන්නට පටන් ගත්තේය. රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද, ඩිලාන් පෙරේරා, මර්වින් සිල්වා, ලලිත් දිසානායක ඇතුළු ඇමතිවරු කිහිප දෙනෙක් සහ අස්වර් මන්තරීවරයාද  අතර විය.

 

 

කලබල වෙන්න එපා ඔබතුමා ගැනත් ටිකක් තියෙනවා. ඒක මම පස්සේ කියන්නම්අනුර එක ඇමතිවරයෙකුට කීවේය. අනුර දිසානායක විධායක ජනාධිපති ධුරය පිළිබඳ දැඩි ලෙස විවේචනාත්මකව කතාව කරගෙන ගියේය. 2014 ජනාධිපතිට වෙන් කළා මිලියන 8530ක්. ඒක මදි කියලා අමතරව මිලියන එක්දහස් නවසීයක් වෙන්කර ගන්නවා. 2015 මිලියන 9593ක් වෙන්කරලා. මෙය අනිවාර්යයෙන් මිලියන 15,000 ඉක්මවන එක වළක්වන්න බැහැ. තනි පුද්ගලයෙකුගේ බලය වෙනුවෙන් මේ තරම් ධනයක් මහජනතාව වැය කරන්න  ඕන නැහැ,” අනුර කතාව කරගෙන ගියේය.

 

 

අස්වර් මන්තරීවරයා පොයින්ට් ඔෆ්  ඕඩර්කියමින් නැගිට්ටේය. පාර්ලිමේන්තුවේ පුටුවෙන් නැගිටලා වෙන අයට බාධා කරනවා හැර වෙන වෘත්තියක් නොකරන අයගේ කතාවලට මම කලබල වෙන්නේ නැහැ,” අනුර අස්වර්ට පිළිතුරු දුන්නේය. මර්වින් සිල්වාද දිගින් දිගටම බාධා කරන්න පටන් ගත්තේය. මර්වින් සිල්වා ඇමතිතුමා, මම දන්නවා ඔබතුමාගේ රඟපෑම. හෙට පුතාට ඇපගන්න මේ විදියේ රඟපෑමක් කරන්න වෙනවා. නැත්තන් තව සති දෙකකට ඇතුළට යවනවා. පුතාගේ ඇප වෙනුවෙන් තාත්තාගේ හිතේ පැනනගින වේදනාව මට තේරෙනවා.  නිසා රඟපෑමට මම පොඩි අවස්ථාවක් දෙන්නම්අනුර මර්වින් සිල්වාට පිළිතුරක් දුන්නේය. ඇමතිවරු දිගින් දිගටම බාධා කිරීම නිසා පාර්ලිමේන්තුව කල් තැබීමට සිදුවිය.

 

 

පසුගිය හතර වැනිදා ආරක්ෂක අමාත්යංශ වැය ශීර්ෂය විවාදයට ගැනුණි. එහිදී කරුණා අම්මාන් කතාවක් කළේය. ආණ්ඩුවේ බොහෝ ඇමතිවරු මන්තරීවරු කරුණාගේ කතාවට අත්පුඩි ගසමින් රීතියෙන් ඉපිලූණෝය. කරුණාගේ කතාවෙන් අනතුරුව විජිත හේරත් තම කතාව ආරම්භ කළේය. රීලනිපයේ උප සභාපති කරුණා අම්මාන්ගේ කතාවට පක්ෂයේ ජ්යෙෂ්ඨයෝ අත්පුඩි ගහමින් සතුටු වුණා. මේක එක අතකින් ඉතිහාසයේ සරදමක් කියලත් හිතෙනවා.  වගේම අපිට නම් ලොකු ලැජ්ජාවකුත් ඇතිවුණා.විජිත හේරත් කතාව ආරම්භ කරමින් කීවේය. මේ කතාව බොහෝ ඇමතිවරුන්ට දරාගැනීමට නොහැකි විය. එතැන් සිට ඔවුහු විජිතගේ කතාවට දිගින් දිගටම බාධා කළෝය.

 

ගුවන්යානයකදී සෝමවංශට මැකො හමුවෙලා

 

 

පසුගියදා ඉන්දියාවේ සංචාරයකට ගිය සෝමවංශ අමරසිංහට ගුවන් යානයේදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපරිය මුණ ගැසුණි. මැතිවරණ කොමසාරිස්වරයාත් ඉන්දියාවට යමින් සිටියේය. හා කොහොමද? අපිට කතා කරන්න දේවලූත් තියෙනවා. වෙලාවක එන්නකො මැතිවරණ කාර්යාලය පැත්තේමහින්ද දේශපරිය සෝමවංශට ආරාධනයක් කළේය. සෝමවංශ අමරසිංහ සිනා සී ආරාධනාව භාරගත්තේය.

 

 

මෙම සංචාරයේදී සෝමවංශ අමරසිංහ ඉන්දියානු මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂයේ රධාන ලේකම් රකාශ් කරන් සමඟ දීර්ඝ සාකච්ඡාවක් කළේය. එම සාකච්ඡාව එම පක්ෂයේ රධාන කාර්යාලයේදී පැවැත්විණි. වර්තමානයේ රී ලංකාවේ දේශපාලන චලනයන් පිළිබඳවත් ජවිපෙ කාර්යභාරයත් පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

 

 

 

MOST VIEWED VIDEO STORIES

MORE >>