මහා භාණ්ඩාගාරය හිස්කර හෝ බලය ලබාගැනීමේ අරමුණින් ගෙනාපු අල්ලස් අයවැයක්
October 31, 2014
පසුගිය 28වැනිදා ජවිපෙ දේශපාලන මණ්ඩලය පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී රැස්විය. කොරියානු සංචාරයක නිතරව සිටි අනුර දිසානායක එදින අළුයම දිවයිනට පැමිණි අතර ඔහුද දේශපාලන මණ්ඩල රැස්වීමට එක්විය. ඒ අතර ජවිපෙ ජාත්‍යන්තර කටයුතු ලේකම් සෝමවංශ අමරසිංහ එදිනම දවහල් ඉන්දියාව බලා පිටත්විය. ඒ, ජවහල්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි හදාරන ශ්‍රී ලංකාවේ විද්වතුන් පිරිසකගේ ආරාධනාවකට අනුවය.
එහිදී විශේෂයෙන් සාකච්ඡාවට ගැනුණේ නීතිවිරෝධී ජනාධිපතිවරණය පිළිබඳවය.
“රටේ බොහෝ පිරිස් මේ නීතිවිරෝධී ජනාධිපතිවරණය ගැන කරුණු කියනවා. පැහැදිලිව ව්‍යවස්ථාව උල්ලංඝණය වීමක් ඇති බව නීති විශාරදයන් කියනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයත් ඒ මතය පැහැදිලිව කිව්වා. නමුත් ආණ්ඩුව හිතාමතා ඒ කරුණ මගහරිමින් යනවා” ටිල්වින් සිල්වා කීවේය.
“ආණ්ඩුව නීතිය පැත්තෙන් පැහැදිලි කරන්නේ නැහැ. ඒක කරන්න බැරි බව දන්නවා. ඒ නිසා තමයි වෙන වෙන දේවල් කියන්නේ. ඇමතිවරු වෙන වෙනම පෝස්ටර් ගහනවා. ඒත් මේක කරන්න ඉඩ දෙන්න බැහැ. මොකද මුළු රටම ආරාජික වෙන වැඩක්. නීතියක් නැති රටක් විතරයි ඉතිරි වෙන්නේ. ඒ නිසා මේ නීතිවිරෝධී ජනාධිපතිවරණයට එරෙහි කි‍්‍රයාමාර්ග තව තවත් ශක්තිමත් කරන්න ඕනෑ. උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ කරන්න ඕනෑ.” විජිත හේරත් කීවේය.
“අපි මේ ගැන වෙනත් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරන්න ඕනෑ. ආණ්ඩුවේ ඉන්න සමහර දේශපාලන පක්ෂ මේ සාකච්ඡාවට සහභාගි කරවා ගන්න එක කි‍්‍රයාමාර්ගය ශක්තිමත් වෙන්න හේතුවෙක්” අනුර දිසානායක යෝජනා කළේය.
“ඒ විතරක් නෙවෙයි. නීතිඥ සංගමය, විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය, සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය, රතන හාමුදුරුවෝ, වෘත්තීය සමිති ඇතුළු සියලූම සංවිධානත් මේ කි‍්‍රයාමාර්ගයට සම්බන්ධ කරන්න ගන්න සාකච්ඡා ආරම්භ කළ යුතුයි” බිමල් රත්නායකද අනුර දිසානායකගේ යෝජනාව ස්ථිර කරමින් කීවේය.
කුරුඳුවත්තෙ ඕඅයිසීට සමාව ගන්න වුණා - විජිත
මේ අතර මිනුවන්ගොඩදී නීති විරෝධී ජනාධිපතිවරණ එපා යැයි අත්පති‍්‍රකා බෙදූ ජවිපෙ සාමාජිකයින් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබිණි. එය දැනගත් විජිත හේරත් මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිට දුරකථනයෙන් කතා කළේය.
“මේ ලීෆ්ලට් එක නීතිවිරෝධී එකක් නෙවෙයි. නීතිවිරෝධී වැඩ කරන්නේ රටේ නායකයා. ඒ ගැන ජනතාව දැනගන්න ඕනෑ.” විජිත හේරත් කීවේය.
“නෑ මන්ත්‍රීතුමා, ටවුන් එකේ බෙදුවාම මිනිස්සු පති‍්‍රකා බිම දානවා. එතකොට පරිසරය දූෂණය වෙනවා.” ඕ.අයි.සී. කීවේය.
“පරිසරය දූෂණය වෙන දේවල් කොච්චර තියෙනවද? බෙදන අය පති‍්‍රකා බිම දාන්නේ නැහැ. මේක මානව හිමිකම් උල්ලංඝණය කිරීමක්. අපි මීට කලින් කුරුඳුවත්තේ ස්ථානාධිපතිට විරුද්ධව නඩු දැම්මා. එයා සමාව ගත්තා” විජිත හේරත් කීවේය. පසුව මිනුවන්ගොඩ ඕ.අයි.සී. තමන් කළ වරද පිළිගත්තේය. ජවිපෙ සාමාජිකයින් දෙදෙනා ආපන ශාලාවට කැඳවාගෙන ගොස් තේ බීමට දුන්නේය. ”ලොක්කෝ කියන වැඩ කරන්න ගිහින් අපේ රස්සාවත් ගහලා යනවා” ජවිපෙ සාමාජිකයින් දෙදෙනාට කිසිවෙක් කියනු ඇසිණි.
අයවැය විකුණගන්න බැහැ නේද? - හඳුන්නෙත්ති අමුණුගමගෙන් අසයි
පසුගිය 24වෙනිදා මුදල් ඇමති 2015 සඳහා අයවැය ඉදිරිපත් කළේය. එයත් සමග ආණ්ඩු පක්ෂය කීවේ මෙය 78න් පසු ඉදිරිපත් කළ හොඳම අයවැය බවයි. නමුත් ජනතා විමුක්ති පෙරමුණ මෙම අයවැය හඳුන්වා දුන්නේ ‘අල්ලස් අයවැයක්’ ලෙසය. අයවැය කතාවෙන් අනතුරුව සුනිල් හඳුන්නෙත්ති සහ විජිත හේරත් පාර්ලිමේන්තු පුස්තකාලයට වී අයවැය කතාවේ සැඟවූ තැන් සෙවූහ.
“සහන මල්ලක් කිව්වට මේකේ තියෙන්නෙත් ණය බරයි, බදු බරයි විතරයි. අයවැය කතාවේදී අයවැය හිඟය ගැන කිව්වේ නැහැ. නමුත් අයවැය හිඟය රුපියල් බිලියන 521ක්. ඉතිං මේවා පියවන්න කෝටි ගණන් ණය ගන්න වෙනවා.” සුනිල් හඳුන්නෙත්ති කීවේය.
“ඒ විතරක් නෙවෙයි වැඩකරන ජනතාවට සහන දෙනවා කිව්වට එතනත් තියෙන්නේ කොලේ වහලා ගැහිල්ලක්. සියලූ දීමනා වැටුපට එකතු කරනවා කිවුවට ආණ්ඩුව ඒක කරලා නැහැ. මොකක්ද මේ විශේෂ දීමනාවක් දෙනවා කියන්නේ” විජිත හේරත් හඳුන්නෙත්තිගෙන් විමසීය.
සුනිල් හඳුන්නෙත්ති ලාල්කාන්තට දුරකථන ඇමතුමක් ලබාදුන්නේ එය තේරුම් කර ගැනීමටය. දුරකථන සංවාදයෙන් පසුව විජිත හේරත්ට එය විස්තර කළේය.
“මේ වැටුප් වැඩිවීම ගණනය කරන්නේ 2015 ජූලි මාසයේ ඉඳලා. ඒ වෙනකල් රාජ්‍ය සේවකයින්ට රුපියල් තුන්දාහක විශේෂ දීමනාවක් දෙනවා. ජූලි මාසෙන් පස්සේ රුපියල් 2200ක ජීවන වියදම් දීමනාවයි, රුපියල් 924ක වැටුප් වැඩිවීමයි ලැබෙනවා. මැතිවරණය ඉලක්ක කරලා සහන දෙනවා කිව්වට ඒකත් මෙතන නැහැ. සිහින මල්ලක් විතරයි.” හඳුන්නෙත්ති කීවේය.
“ඉදිරි ජාතික මැතිවරණයක් ඉලක්ක කරගනිමින් මහා භාණ්ඩාගාරය හිස් කර හෝ බලය ලබාගැනීමේ අරමුණින් ගෙනාපු අල්ලස් අයවැයක් මේක” ජවිපෙ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවේදී අයවැය කතාව කරමින් කීවේය. මේ අතර පසුගිය සතියේ දිනක පාර්ලිමේන්තු සතියේදී පාර්ලිමේන්තු භෝජනාගාරයේදී සුනිල් හඳුන්නෙත්තිට මුදල් නියෝජ්‍ය ඇමති සරත් අමුණුගම මුණ ගැසුණේය. ”ඇමතිතුමා විකුණගන්න කියලා අයවැයක් ගෙනාවට දැන් ඒක විකුණගන්න බැරි තත්ත්වයක් නේද උදාවෙලා තියෙන්නේ” හඳුන්නෙත්ති අමුණුගමගෙන් ඇසීය. ”ඇයි එහෙම කියන්නේ”
අමුණුගමගෙන්ද ලැබුණේ ප්රශ්නයකි.
”බලන්නකො දැන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම. ඔබතුමාලා කියපු විදියට රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවෙලා නැහැ. ලැබිලා තියෙන්නේ 2200ක ජීවන වියදම් දීමනාවකුයි රුපියල් නවසිය ගණනක වැටුපක් වැඩිවීමකුයි විතරයිනේ. මේ විදියට රටේ ජනතාව රවටන්න බැහැ” හඳුන්නෙත්ති අමුණුගමගේ පැනයට පිළිතුරු දුන්නේය.
“ඔව් ඉතිං මේ දවස්වල හැමදේම මාකටින්නේ” සරත් අමුණුගම හඳුන්නෙත්තිට කීවේය. ඒ අතරේ බැසිල් රාජපක්ෂ ඇමතිවරයාත් ඒ අසලට පැමිණියේය.
“විකුණන්න ගෙනාවට දැන් ඔබතුමාලට මුදලාලිලත් නැහැ නේද?” හඳුන්නෙත්ති සිනාසෙමින් කීවේය.
ජී.එල්.ලා - විමල්ලා නානවා...
එල්.ටී.ටී.ඊ.ය සමග ගනුදෙනු කළා යැයි පසුගියදා හෙළිදරව්වූ විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ක්ෂෙනුකා සෙනෙවිරත්න බටහිර රටවල්වල වුවමනාවට කටයුතු කරන්නියක් බවට මේ වනවිට දේශපාලන ලෝකයේ කතාබහට ලක්වේ. ”විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ධුරය දරන්න මෙයා සුදුසු කෙනෙක් නෙවෙයි. රාජ්‍යතාන්ත්‍රික සේවයේ නියුතු බොහෝ දෙනෙක් ඒක කියනවා. ජිනීවා නිත්‍ය නියෝජිත කාර්යාලයේ සේවයට එන්න කලින් එතැන සේවය කරපු දයාන් ජයතිලක ඉවත් කිරීමේ මෙහෙයුමේ ප්‍රධානියා ක්ෂෙනුකා. දයාන් ජයතිලක විසින්ම ඒක ප්රවෘත්ති විකාශයකට කියලා තිබුණා. දැන් සිදුවෙන රාජතාන්ත්‍රික හැසිරීම්වලින් තහවුරු වෙන්නේ ක්ෂෙනුකා, සචින් වාස් ඇතුළු පිරිස ශ්‍රී ලංකාව අපකීර්තියට පත්කිරීමේ කොන්ත්‍රාත්තුව භාරගෙන කියලා.” රාජ්‍යතාන්ත්‍රික සේවාවේ නියුතු අයෙකු විජිත හේරත්ට කීවේය.
“මන්ත්‍රීතුමා අපි ගොඩාක් විස්තර දන්නවා. ඔබතුමා මේ ගැන හෙළිකරපු නිසා අපි තවත් විස්තර දෙන්නම්” ජිනීවා සිටින ඇතැම් රාජතාන්ති‍්‍රක නිලධාරීන් සහ මේ සම්බන්ධයෙන් වාර්තා කළ මාධ්‍යවේදීහු ජවිපෙ මන්ත්‍රී වසන්ත සමරසිංහට දුරකථන ඇමතුම් ලබාදුන්නේය.
“ක්ෂෙනුකා සහ එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයින් අතර ගනුදෙනුව වෙන පැත්තකට යොමු කරන්න ජී.එල්. පීරිස් නිවේදන නිකුත් කළා. විමල් වීරවංශත් ඒ ගැන කියන්න ගිහින් නාගත්තා. තුරෙයිරාජා ඇතුළු පිරිසක් එල්.ටී.ටී.ඊ සංවිධානයට මුදල් සෙවීමේ ජාවාරම් සිදුකළ නිසා ස්විස් පෙඩරල් පොලිසිය අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සිදුකළ බව හෙළිවෙලා තියෙනවා. ඇයි මේ ආණ්ඩුව මේ අය බේරන්න හදන්නේ? තුරෙයිරාජා මූල්‍ය සමාගමක් හරහා එකතු කරගත් මුදල් සංවිධානයට දීලා තියෙනවා. ක්ෂෙනුකාගේ මහත්තයා තුරෙයිරාජා එක්ක කොන්ත්‍රාත් වැඩ කරලා තියෙනවා. ක්ෂෙනුකා කොන්ත්‍රාත්තුව කොටි සංවිධානයේ අයට භාරදෙන්නේ මහත්තයා හරහා.” ඒ පිළිබඳව තොරතුරු දුන් තවත් අයෙක් වසන්ත සමරසිංහට කීවේය.
මිනිස් ජාවාරමටත් සම්බන්ධ බවට තොරතුරු
“ඒ විතරක් නෙවෙයි මේ කට්ටිය ‘හියුමන් ස්මග්ලින්’ වැඩෙත් කළා. ශ්‍රී ලංකාවේ මිනිස්සු පිටරටවල්වලට ගිහින් දාලා වීසා අරන් දීලා සල්ලි හම්බ කළා. ඉතාලියේ එහෙම සිදුවීමකට වීසා නොදුන්න නිසා හිටපු තානාපති අසිත පෙරේරා ඉවත් කරන්න කටයුතු කළා. බෙනට් කුරේ පත් කළේ ඊට පස්සේ. මහලොකුවට පපුවට ගහගෙන රට ගැන කතා කරනවා. ඒ වුණාට ආණ්ඩුව මුළු රටම ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලූවට දාන අය ගැන තීරණයක් ගන්නේ නැහැ,” ස්විස් සිට දුරකථන ඇමතුමක් දුන් තවත් අයෙක් වසන්ත සමරසිංහට වැඩිදුරටත් කීවේය.