Back to Top

2014.10.31

October 31, 2014  


මේෂ

ආගමික අංශයේ රැකියාවල නිරත වූවන්ට අද දිනය යහපත් වේ. ආගමික පත පොත ලියන අයට මෙන්ම ආගම් පිළිබඳව පර්යේෂණ කටයුතුවල නිරත අයගේ කටයුතු සාර්ථක වේ.

ජය අංකය -09

 

 වෘෂභ 

රසවත් ආහාර පාන මෙන්ම විසිතුරු ඇඳුම් පැළඳුම් ලැබීමේ වාසනාවක් අද දිනයේ ඔබට හිමිවිය යුතුය. විනෝද ගමන් වලට ද හේතුවේ.

ජය අංකය-01

 

මිථුන  

ඉඩ කඩම් ගෙවල් ආදි  දේපළ මිලට ගැනීමට යහපත් දිනයකි. විශේෂයෙන්ම නීතිමය කටයුතු වලින් යහපත් ප්‍රතිචාර හිමිවේ.

ජය අංකය-07

 

කටක  

දේශපාලන කටයුතුවල නිරත අයට තමන්ගේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට හැකි සුවිශේෂී අවස්ථාවක් උදාවන්නේය. ජන ප්‍රසාදයට හේතුවේ.

ජය අංකය-05

 

සිංහ 

අන්‍යන්ගේ වගකීම් ද තමන් වෙත පැවරෙන දිනයකි. රජයේ රැකියාවල නිරත වූවන්ට තම අධ්‍යාපන කටයුතු සඳහා විදෙස් ගත වීමට හැකියාව ඇතිවන්නේය.

ජය අංකය-03

 

 කන්යා 

පවුල් දිවිය තුළ තරමක් ගැටලුකාරී තත්ත්වයක් උදාවිය හැකි වුවත් එම තත්ත්වය ඉක්මණින් විසඳා ගැනීමට හැකි වීමෙන් සාමදානය තහවුරු වේ.

ජය අංකය-02

 

 තුලා  

ලිපි ද්‍රව්‍ය නිෂ්පාදන කටයුතු මෙන්ම පොත් පත් ප්‍රකාශනයේ යෙදෙන ව්‍යාපාරිකයින්ට සුවිශේෂී කටයුත්තකට අත ගැසීමට හැකිවේ.

ජය අංකය-06

  

වෘෂ්චික  

මෙලොවට වඩා පරලොව ගැන හිතෙන දිනයකි. නිස්සාර ජීවිතය ගැන කලකිරීමටත් ආගමික අංශය කෙරේ වැඩි අවධානයක් ඇති වීමටත් හැකි දවසකි.

ජය අංකය-09


 ධනු  

අයථා ආකාරයට ධනය රැස්කරන්නන්ට ඉතාම අයහපත් දිනයක් වේ. තම රහස් කටයුතු හෙළිදරව් වීම නිසා නීතියේ රැහැනට හසුවීමට ඉඩ ඇත්තේය.

ජය අංකය-08


 මකර  

පිටස්තර අය හා කරන ගනුදෙනු හරියාකාරව නොලැබීම නිසා මත භේදාත්මක තත්ත්වයකට මුහුණදීමට සිදුවේ. නීතියේ පිහිට පැතීමට සිදුවේ‍.

ජය අංකය-03

 

 කුම්භ  

පූජ්‍ය පක්ෂයේ ඇසුරට ලක්වන දිනයකි. වන්දනා ගමන් බිමන් හෝ ආගමික අංශයේ නොයෙකුත් කටයුතුවලට සහයෝගය දැක්වීමට සිදුවේ.

ජය අංකය-07


මීන  

විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණයට ලක්වන දිනයකි. ප්‍රේම සබඳතා තහවුරු වන අතර මෙතෙක් තිබූ බාධක අවහිරතා ඉවත්වේ.

ජය අංකය-04

 

ජ්යෝතිෂ හා වාස්තු විද්‍යාවේදී

චන්ද්‍රසිරි ශ්‍රියානන්ද  සිල්වා 

පුස්තකාලයාධිපති (විශ්‍රාමික) 

සීමන් මාවත, මිනුවන්ගොඩ

MOST VIEWED VIDEO STORIES

MORE >>