October 25, 2014
ජාතික හෙළ උරුමයේ නියෝජිතයින් හා ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පසුගිය අඟහරුවාදා අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. මේ සාකච්ඡාවට සම්බන්ධ වූ හෙළ උරුමයේ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි මුලින්ම කරුණු කාරණා පැහැදිලි කළා.
‘අපි 2005 ජනාධිපතිවරණයේදී අපි ඔබතුමා සමග ඇති කරගත් එකඟතාවය ඔබතුමා ඉටු කළා. නමුත් 2010 දී අපි කොන්දේසි ඉදිරිපත් නොකර ඔබතුමාට සහාය දුන්නා. නමුත් දෙවන ධූර කාලයේදී ඔබතුමාගේ කටයුතු ගැන පක්ෂයක් විදිහට අපිට සෑහීමකට පත්වෙන්න බෑ,
ඒ නිසා අපි තුන්වෙනිවර ජනාධිපතිවරණයට කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කරනවා. මේ යෝජනා අපේ පක්ෂ සම්මේලනයේදී සම්මත කරගත් ඒවා.’
නායක හිමිපාණන්ගේ පැහැදිලි කිරමෙන් පසු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊට ප්‍රතිචාර දැක්වූවා.
‘මේ යෝජනාවලට අපි එකඟයි, හැබැයි මෙහි සඳහන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හදිසියේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, අපිට පුළුවන් ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට මේක ඇතුළත් කරන්න.’
‘ජනාධිපතිවරණයට කලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගේමු.’
ඕමල්පේ හිමියන්ගේ මේ යෝජනාවට ජනාධිපතිවරයා ප්‍රතිචාර දැක්වූවා.
‘අපි පක්ෂයක් විදිහට ජනාධිපතිවරණයකට යන්න තීරණය කරලා ඉවරයි, අයවැය විවාදය ඉවර වෙනකොට කාලයක් නෑ ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කරගන්න. කොහොම වුණත් අපි පක්ෂයත් සමග කතා කරලා අපේ ස්ථාවරය ඉක්මනින්ම ඔබ වහන්සේලාට දැනුම් දෙන්නම්.’
ජනාධිපතිවරයාගේ පැහැදිලි කිරීමෙන් පසුව ඒ සාකච්ඡාව අවසන් වුණා.
කොළඹ ඞී.එස්. සේනානායක විද්‍යාලයේ පැවති සංගිත ප්‍රසංගයක් ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා සමග ජයරත්න හේරත් සහ සී.බී. රත්නායක යන අමාත්‍යවරු දෙන්නා නරඹමින් සිටියා.
කුමාරසිරි හෙට්ටිගේ තම ජංගම දුරකථනයට ඇමතුම් ගද්දී ඇහෙන්න ‘මෝහෙන් මුලා වෙලා’ කියන ගීතය දාල තියෙන එක මේ ඇමතිවරුන් දෙන්නට ගැටලූවක් වුණා.
‘උද්ධච්චකම ගහපු මෝහෙන් මුලා වෙච්ච, දේශපාලනඥයන් සහ නිලධාරීන් ටික දෙනෙක් අප අතරින් ඉන්නවා. ඒ වගේ අය මට ටෙලි ෆෝන් කරන කොට ටිකක් වෙලා ඔය සිංදුව අහන්න ඉඩ දෙනවා. මම මේ ගීතය දාලා තියෙන්නේ ඒ අරමුණින්.’
හෙට්ටිගේ දුන්න පිළිතුරෙන් ඇමතිවරුන්ට හිතන්න යමක් ඉතුරු කළා.