Back to Top

2014.10.24

October 24, 2014  


මේෂ

අධ්‍යාපන කටයුතු කෙරෙහි දැඩි අවධානයක් යොමුවන දිනයකි. විශේෂයෙන්ම උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක ලෙස නිමා කර ගත හැකිවේ.

ජය අංකය - 05

 

වෘෂභ 

අනවශ්‍ය මිතුරු මිතුරියන් ඇසුර නිසා ඔබගේ කීර්තිනාමයට හානී සිදුවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව සිතා කල්පනාවෙන් කටයුතු කරන්න.

ජය අංකය-09

 

මිථුන  

කෘෂිකාර්මික මෙන්ම පතල් කර්මාන්තයේ යෙදෙන අයට භූමියෙන් ජය ලැබේ. ඔබගේ සිතුම් පැතුම් සාර්ථක වන බව කිව හැකිය.

ජය අංකය-04

 

කටක  

ආදරය, ප්‍රේමය වැනි කටයුතුවලදී ආත්මාර්ථකාමී ලෙස කටයුතු කිරීමෙන් වළකින්න. එසේ නැතහොත් ඔබගේ විරුද්ධ ලිංගිකයා අපහසුතාවයට පත්වේ.

ජය අංකය-01

 

සිංහ 

රැකියා ආයතනයේදී ඇති වන නොයෙකුත් ප්‍රශ්නවලදී ඔබ එඩිතරව කටයුතු කිරීම නිසා සහෝදර සේවකයින් අතර අප්‍රසාදයට ලක්වේ.

ජය අංකය-04

 

කන්යා 

අසල්වැසියන් ‍හා ගනුදෙනු කිරීමේදී කල්පනාකාරීව කටයුතු කරන්න. එසේ නැතහොත් නොයෙකුත් ප්‍රශ්න ඇතිවීමට ඉඩ ඇත්තේය.

ජය අංකය-02

 තුලා  

දුර බැහැර ගමන් බිමන් හෝ විනෝද චාරිකා වන්දනා ගමන් බිමන් වලට ද හේතුවන දිනයකි. පූජක පක්ෂයේ ප්‍රසාදයට පාත්‍රවේ.

ජය අංකය-07

 

වෘෂ්චික  

හදිසි ධනලාබ මෙන්ම අන්සතු ධනය ලැබීමට ඉඩ ඇති අතර ආදායම් තත්ත්වය උසස් කර ගැනීමට ඔබ ගන්නා උත්සාහයන් සාර්ථක වේ.

ජය අංකය-09

 

ධනු  

වැඩිහිටි සමීපතම ඥාතියෙකු වෙනුවෙන් ඔබගේ ධනයත් ශ්‍රමයත් කාලයත් වැය කිරීමට සිදුවන දිනයකි. කෙසේ වුවත් යහපත් දවසකි.

ජය අංකය-06

 

මකර  

දූගී මගී යාචකයින්ට මෙන්ම ගිලන්ව සිටින අයට උදව් උපකාර කරන දිනයකි. සමාජ සේවා කටයුතු නිසා ඔබ අන් අය අතරේ කැපී පෙනෙනු ඇත්තේය.

ජය අංකය-02

 

කුම්භ 


වටිනා භාණ්ඩ මෙන්ම නිවාස දේපළ හිමිවන දිනයකි. සමහර විට විදෙස්ගතව සිටින පවුලේ අයෙකු හදිසියේම නිවසට පැමිණීමට පුළුවන.

ජය අංකය-04

 

මීන  

ගිහි ජීවිතය පිළිබඳව කලකිරීමෙන් කටයුතු කරන දිනයකි. සිතිවිලි පහලවේ. පොත පත කියවීමට උනන්දුවක් ඇතිවේ.

ජය අංකය-07

 

 

ජ්යෝතිෂ හා වාස්තු විද්යාවේදී

චන්ද්රසිරි ශ්රියානන්ද  සිල්වා 

පුස්තකාලයාධිපති (විශ්රාමික)

සීමන් මාවත, මිනුවන්ගොඩ

MOST VIEWED VIDEO STORIES

MORE >>