විපක්ෂයේ කාර්ය භාර්ය කුමක්ද?
October 20, 2014
’එන්. ජී. ඕ නඩය මහින්දට මෙචිචර බය ඇයි’ මේ පසුගිය දිනවල රටේ විවිධ තැන් වල අලවා තිබූ නිර්ණාමික පෝස්ටරයකි. නිර්භයව මහින්ද වෙනුවෙන් පෙනී ඉන්නා අයගේ පෝස්ටරය පිළිබඳව වගකීම ගත් අයෙක් නැති. ඉදිරියේදී පැමිණීමට නියමිත බොහෝ නිර්ණාමික පෝස්ටර් ඇතුළු ඊනියා ප්රචාරක කටයුතු ගැන මෙය පෙර ඉඟියක් සේ සැලකීම හොඳය. නීතිය, යුක්තිය හෝ සදාචාරය ගැන කිසිම වගක් නැති මැතිවරණ සමයක් අප ඉදිරියේ ඇති බව වටහා ගෙන අප මේ පෝස්ටර් කියවීම වඩා වැදගත්ය.
මහින්ද ජනපතිවරයා වෙනුවෙන් ඇළවුණු මේ පෝස්ටරය හරහා මතු කර දැක්වීමට අදහස් කෙරෙන ප්‍රධාන කරුණු දෙකකි. ඉන් පළමුවැන්න ඔහු අපරාජිත පාලකයෙක් බවයි. දෙවැන්න වඩා උපාය
මාර්ගිකය. එය බොහෝ දුර බලා කෙරෙන්නකි. ඉන් මතු කර පෙන්වන්නට අදහස් කෙරෙනුයේ තෙවෙනි වර ජනපතිවරණයට ඉදිරිපත් වෙන මහින්ද ජනපතිට එරෙහිව පෙළ ගැසෙනුයේ රාජ්‍ය නොවන සංවිධාන වල මෙහෙයවීමෙන් සැදෙන ව්‍යාපාරයක් බවයි. එය යූ.එන්. පි යට මෙන්ම සියලූම පාර්ශව වලට අදාළය. රාජ්‍ය නොවන සංවිධාන වල විවිධ වැඩ සටහන් වලින් ප්‍රයෝජන ගත් හා ගනිමින් ඉන්නා ඔවුන් ඊට එරෙහිව ගොඩ නඟනා අවස්ථාවාදී විරෝධයේ සැබෑ ස්වරූපය ඔවුන් විපක්ෂයේ උන් අතීත සමය දෙස බැළීමෙන් වටහා ගත හැකිය.
‘බය ඇයි‘ යනුවෙන් අසනා මේ ප්රශ්නය අපට නම් සිහිපත් කරන්නේ යුද වන් සොල්දාදුවන් දෙදෙනකු ගැන ඇති උපහාස කතාවකි. මේ සොල්දාදුවන් දෙදෙනාගෙන් එකෙක් නිතරම අනෙකාගෙන් අසන ප්‍රශ්නයක් තිබේ. ඇයි උඹ බයද? රාත්‍රී මුර රාජකාරියේ යොදවනු ලැබ ඉන්නා දෙදෙනා බෝම්බ ෂෙල් වෙඩි පුපුරණ වාරයක් ගානේ තිගැස්සෙති. ඒ සෑම විටම අර සොල්දාදුවා අනෙකාගෙන් සුපුරුදු පැනය අසයි. ඇයි උඹ බයද? පසුව ඔවුහු දෙදෙන වැඩි ආරක්ෂාවට පිටට පිට තියා මුරකරති. මේ අතරේ ප්‍රශ්න අසනා සොල්දාදුවාට මලපහ කිරීමේ අවශ්‍යතාවක් ඇතිවෙයි. ඔහු අනෙකාට යෝජනා කරන්නේ පිටට පිට තියාගෙනම ඒ කාරියත් කිරීම මැනවැයි කියාය. අනෙකා ඊට එකඟ වෙයි. ඒ අනුව දෙදෙන පිටට පිට තියා ඉඳිද්දී ප්‍රශ්න අසන සොල්දාදුවා වැඩේ හමාර කරයි. ඉන් පසු එන්නේ සෝදාගැනීමේ ගැටළුවයි. ඊටද විසඳුම සරලය. පිටට පිට තියාගෙනම එයත් කර ගැනීම. දැන් දෙදෙනෙ එම ඉරියව්වෙන්ම වතුර වළක් සොයා ගොස් පිටට පිට තියාගෙනම සෝදා ගැනීමට හිඳ ගනිති. එක් වරම ඈත ෂෙල් වෙඩිල්ලක් පුපුරයි. දෙදෙන ගැස්සී යති. එක් වරම මෙතෙක් වේලා ඇයි උඹ බයද යනුවෙන් අනෙකා අසන ප්‍රශ්නයට උත්තර දෙමින් උන් සොල්දාදුවා ප්‍රශ්නකරුගෙන් හදිසි ප්‍රශ්නයක් අසයි. ඇයි උඹ බයද? උත්තරය නෑ යන්නයි. එවිට අනෙකා ගෙන් අපූරු අතුරු ප්රශ්නයකි. ඇයි උඹ එහෙනං මගෙ පුක හෝදන්නෙ?
අවුන් සාන් සුකී වරෙක පවසා සිටියා පාලකයන් අත්තනෝමතික වන්නේ බලය ඇති විට නොව බලය නැතිවේ යයි බිය දැනෙන විට බවයි. මෙය මියන්මාරයේ නිවුන් සොහොයුරා බවට පත් වෙමින් ඉන්නා ශී‍්‍ර ලංකාවට ඉතා හොඳින් දැන් ගැලපෙමින් තිබේ. ඔවුන් විසින අත්හදා බලන ලද ඌව මැතිවරණය යනු තාර්කිකව කල්පනා කරන විට අන්ත පරාජයකි. එය ජයග්‍රාහී තෙවෙනි වර ජනපතිවරණයක සිහින බිඳ දමා අනපේක්ෂිත තරගයක අනතුර මතුකර තිබේ. ඔවුන් ඌවට බැස්සේ ජනපතිවරණයකදී දමනා බරට බොහෝ ආසන්න බරක් මේ එක පළාතට යොදමිනි. ආණ්ඩුවේ සියලූ බලය යෙදීමෙන් පසුවද ලැබූ ඡන්ද සංඛ්‍යාව යනු සිත කීරි ගස්වන්නකි. එළඹෙන සෑම දවසක් යනුම ජනප්‍රියත්වය හැලෙනා ක්ෂිතිමය අතදැකීමකි. ඉක්මන් ජනපතිවරණයකට යාමේ ආණ්ඩුවේ තීරණය මේ තත්ත්වය හොඳින් අවබෝධ කර ගැනීමේ එසේත් නැත්නම් බලය අහිමිවීම ගැන ඇතිවුන බියේ ප්රතිඵලයකි. ආණ්ඩුවේ බල යාන්ත්‍රණයේ ප්‍රධාන දැතිරෝද දැන් කැරකෙනුයේ අන් කිසිවකින් නොව බලය අහිමිවීමේ බිය විසිනි. අනෙකාගේ බිය පිළිබඳව කරනා ප්‍රශ්න කිරීම එහෙයින්ම තම භීතියේ ප්රකාශනය බවට පත්වීම වැළැක්විය නොහැකිය. මෙහි ඇති හාස්‍යජනක පැත්ත නම් දැන් රටේ බොහෝ අය -ඔවුන්ගේම පිලේ ඉන්නා අයද ඇතුළුව- රෙජීමය බියපත්ව ඉන්නා බව වටහා ගනිමින් සිටීමයි.
මේ වන විට රටේ ඡන්දදායකයා බැස ඉන්නා නිගමනයක් තිබේ. ආණ්ඩුවෙන් ලැබෙන දෙයක් ඉලෙක්ෂන් එකට කලින් තමයි. උන් හිටි ගමන් කරන ලද විදුලි බිල, ඉන්ධන මිල අඩුකිරීම රෙජීමයේ මහා කරුණා සමාපත්තිය නිසා නොව මැතිවරණ ගුණ්ඩු ලෙස ලැබෙන්නක් බව
මිනිස්සු දනිති. ඒ නිසාම මේ වන විට වෘත්තීය සමිතිද සිය ක්‍රියාමාර්ග වේගවත් කරමින් සිටිති. දුම්රිය වර්ජනය මීට එක් උදාහරණයකි. එහිදීද අධිකරණ තීන්දු හරහා වර්ජනය අඩාල කිරීමට කටයුතු කිරීම හරහා රෙජීමය සෘණ ලකුනු රැස් කරගෙන සිටියි. දැන් දැන් ඔවුන් මේ අහිමි කර ගනිමින් ඉන්නේ වරෙක තමන් වෙනුවෙන් පෙළපාලි ගිය කොටසකි. ඌවේ තැපැල් ඡන්ද වල පිරිහීම මෙහි දර්ශකයයි’. ජනපතිවරණය ඉලක්ක කරගෙන රෙජීමය දිග හරින සහන මල්ල ඉදිරියේ දී ඔවුන්ගේ බය මීටරයේ තරමට බරින් වැඩිවෙනු නියතය.
ආණ්ඩුව මෙතෙක් තම පාලනය පවත්වා ගැනීමට ගත් ක්‍රියාමාර්ග පිළිබඳ සාක්ෂි දිග හැරෙනු ඇත් තේ බලය වෙනස් වූ පසුව එතෙක් රාජපක්ෂ පරපුර වෙනුවෙන් දරදිය ඇදි පාර්ශව වෙතින්මය. අපි මීට පෙර මෙය පේ‍්‍රමදාස ජනපතිවරයා ඇසුරින් දුටිමු. කෙසේ වෙතත් අසීමිත බලය යනු සදාකාලික දෙයක් නොවන බව දැකීමෙන් රෙජීමය තුළ ඇතිව තිබෙන බිය ප්‍රකාශයට පත් වීම විපක්ෂයට ඉතා හොඳය. දැන් දත හෙල්ලී තිබේ. සාර්ථක ජනතා ව්‍යාපාරයකට එය ගලවා දැමීම දැන් කළ හැක්කකි. ජනයාද මෙතෙක් අසීමිත බලය හමුවේ ස්ථාවර යැයි සිතා හුන් ආණ්ඩුවේ පිරිහීම තමනට පිරිනැමෙන කප්පම් හරහා තේරුම් ගනිමින් සිටිති. එහෙත් ඔවුන් දිගින් දිගටම අසනා ප්‍රශ්නයක් තිබේ. කෝ අපිට ඡන්දෙ දෙන්න බලවේගයක්? මේ මොහොතේ විපක්ෂයේ සියල්ලන්ගේම අවධානය ඉල්ලන ප්රශ්නය එයයි.
සදාකාලික බලය රැක ගැනීම අරමුණු කරගෙන රෙජීමය විසින් ම දැන් අගනා අවස්ථාවක් පිරි නමා තිබේ. එය කෙසේවත් අත නොහැරිය යුතුය. අප පිළිගත්තද නොගත්තද මෙතෙක් තම පිරිහීම සඳහා සියලූ කටයුතු කර ගත්තේ ආණ්ඩුවම මිස එය විපක්ෂයේ වික්‍රමයක් නොවේ. මෙතෙක් කල් විපක්ෂයේ සියලූ පක්ෂ කරමින් උන්නේ ආණ්ඩුවේ බෝල වලට පහර දීම පමණි. දැන තමන්ගේම වැඩ සටහනකට අනුව ක්‍රීඩාව කිරීමට පාලකයන් සිය බිය හරහා පාර කපා දී තිබේ. ජනයා දැන් ඉල්ලන්නේ මේ ක්‍රීඩා වාරයට සාමූහිකව හා අරමුණු සහගතව මුහුණ දෙන ලෙසයි. ජය ලලිතා ගේ සැබෑ ස්වරූපය හෙළිකිරීම දෙස ප්රහර්ශයෙන් බලාසිටීම වෙනුවට දැන් අපේ විපක්ෂය කළ යුත්තේ හැකි සෑම ආකාරයකින්ම තාර්කික හා සාධක සහිතව ආණ්ඩුවේ නිරුවත හෙළිකිරීමයි.
ජනපතිවරණය හමුවේ සමස්ත විපක්ෂය තේරුම් ගත යුතු එක් දෙයක් තිබේ . ඒ ආණ්ඩුව සිය මැතිවරණයන් වෙනුවෙන් රාජ්‍ය යාන්ත්‍රණය විශේෂයෙන්ම රජයේ සේවය යොදා ගන්නා අනීතික ආකාරයයි. ඉදිරි මැතිවරණයන්හිදී මේ රාජ්‍ය පරිපාලන තන්ත්රය දේශපාලන න්‍යාය පත්රයන් සඳහා යොදා ගනීම වැළැක්වීම අත්‍යවශ්‍යය. අධිකරණය ඇතුළු සියලූ පාර්ශව දේශපාලන හස්තය යට තිබෙන බව ඇත්ත වුවද ඊට එරෙහිව අභියෝග කිරීමට විපක්ෂය උපරිම පියවර ගත යුතුය. පීඩනය
මැද දේශපාලනය කිරීම යනු අපට ආගන්තුක දෙයක් නොවේ. එහෙයින් දැන් කළ යුත්තේ ආණ්ඩුවෙන් එල්ලවෙන පීඩනය ඔවුන්ටම හරවා යැවීමයි. එහිදී පවත්නා බොහෝ මාධ්‍ය කෙරෙහි විශ්වාසය තැබීම අතාර්කිකය. එළඹෙන ජනපතිවරණය යනු විපක්ෂයේ සැලසුම් සහගත බව මෙන්ම නිර්මාණශීලීබව ද ඉතා තීරණාත්මක අවස්ථාවකි. නීතිය මාධ්‍ය ඇතුළු සියලූ ක්ෂේත්රයන් හී නිර්මාණශීලී ක්‍රියාකාරීත්වය ජනතාව ඉදිරියට ගැනීමට බෙහෙවින් බලපානු ඇත. අපට අවශ්‍යව ඇත්තේ ජනතාව ට ඉදිරියෙන් ඉන්නා විපක්ෂයක් මිස ජනතාව විසින් තල්ලූ කරගෙන යනු ලබන විපක්ෂයක් නොවේ. විපක්ෂය එය වහා වටහා ගත යුතුය.
- නුවන් උදය වික්‍රමසිංහ