Back to Top

දෙවන ධූර කාලයට පත් වුණොත් ඔහු දෙවන ධුර කාලය තුළ අවුරුදු හයම ඉන්න ඕනෑ.

October 17, 2014  


 

 

 

මහින්දට තුන්වරක් බැහැ නීති විරෝධී ජනාධිපතිවරණ එපා! තේමාව යටතේ ජවිපෙ දියත් කරන ලද සටන තීව කරමින් සිටී. මේ සම්බන්ධයෙන් ජවිපෙ නායකයින් අතර තවත් නීති තර්කයක් සාකච්ඡාවට භාජනය විය.

 

කලින් කතාබහ තිබුණේ මහින්දට තුන්වරක් බැහැ කියලා පමණයි. 18 සම්මත කරගත්තත් මහින්දට තුන් වරක් මැතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන් විදියට හදාගන්න බැරිවෙලා තිබුණේ. ව්යවස්ථාව අනුව ජනාධිපතිවරණයට තුන්වරක් ඉදිරිපත් වෙන්න බැරි අය තුන් දෙනෙක් ඉන්නවා. ජේ.ආර්.,චන්ද්රිකා, මහින්ද. මේ ව්යවස්ථාව ආණ්ඩුවේ අයට තේරෙන්නේ නැති එක නම් ලොකුම රශ්නයක්ලාල්කාන්ත කීවේය.

 

 

තව දෙයක් මහින්දලාට සංශෝධනය කරගන්න බැරිවෙලා. ජේ.ආර්. ගෙනාපු තුන්වෙනි ව්යවස්ථා සංශෝධනයේ කරුණකුත් මහින්දට හරස් වෙලා තියෙන්නේ. යම් පුද්ගලයෙක් දෙවන ධූර කාලයට පත් වුණොත් ඔහු දෙවන ධුර කාලය තුළ අවුරුදු හයම ඉන්න  ඕනෑ. ඒක 18 ව්යවස්ථා සංශෝධනයෙන් වෙනස් කරලා නැහැ.  නිසා  නීතිය තවමත් ව්යවස්ථාවේ තියෙනවා.ටිල්වින් සිල්වා කියා සිටියේය.

 

 කියන්නේ ආණ්ඩුව බැරිවෙලා හරි ජනාධිපතිවරණයක් කැඳෙව්වොත් ඒක නීති විරෝධීයි.විජිත කීවේය. එහෙම තමයි.  කියන්නේ ජනාධිපතිවරණයක් කැඳෙව්වොත් ඒකත් නීති විරෝධියි; අනෙක් පැත්තෙන් මහින්ද ජනාධිපතිවරණයක් සඳහා නාමයෝජනා බාරදුන්නොත් ඒකත් නීති විරෝධියි.  නිසා මේ සම්බන්ධයෙන් රටේ ජනතාව දැනුවත් කරන්න  ඕනෑ. බහුතරයකට මේ නීති තර්කය ගැන අවබෝධයක් නැහැ වගේ පේන්නේ. නමුත් ඇත්තටම ජනතාව බය වෙන්න  ඕනෑ. රටේ මූලික නීතියට පයින් ගහලා එන්නේ රට හදන්න නෙවෙයි. ඒකාධිපතියන් බිහිවෙන එකට කවුරුත් බය වෙන්න  ඕනෑ.ටිල්වින් සිල්වා කියා සිටියේය.

 

 

ජනතාව මහින්දට බය වෙන්න  ඕනෑ

 

 

 විතරක් නෙවෙයි. මහින්දට හිතෙන හිතෙන වෙලාවට ඇමතිවරු පත්කරන එකට, රටේ වැදගත්ම ආයතන සියයකට වැඩියෙන් තමන් යටතෙ තියාගෙන ඉන්නවට, කාර්ය මණ්ඩලයට 1350ක් විතර දාගෙන මහජන මුදල් කෝටි ගණන් වියදම් කරන එකට, රටේ මුදල්වලින් භාගයකටත් වැඩියෙන් මහින්ද රාජපක්ෂ පවුල පාලනය කරන එකට, වැදගත්ම කැබිනට් ඇමති ධුර ටික පවුලේ අය අතේ තියාගෙන ඉන්නවට මේ රටේ ජනතාව බය වෙන්න  ඕන තමයි. මේ වගේ ඒකාධිපති නායකයෙකුටත් බය වෙන්නේ නැති නම් කාටද අපේ රටේ ජනතාව බය වෙන්න  ඕනෑ.සුනිල් හඳුන්නෙත්ති ඇසුවේය.

 

 

මේ සම්බන්ධයෙන් අපි අපේ කිරයාමාර්ග තීව කරන්න  ඕනෑ. රටේ සම්මන්තරණ යන අතරේ අත්පතරිකාවක් මගින් ජනතාවට මේ ගැන පැහැදිලි අවබෝධයක් ලබාදෙන්න  ඕනෑ.  වගේම රටේ ජනතාවගේ විරෝධයක් හදන්න විරෝධතා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කළොත් හොඳයි.  විතරක් නෙවෙයි මැතිවරණ කොමසාරිස් හමුවෙලා ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අපේ මතය කියන්න  ඕනෑ.  විතරක් නෙවෙයි මේකට විරුද්ධව කතා කරන ආණ්ඩුවේ අයත් ඉන්නවනේ  සියලූ දෙනා පාරට බස්සන්නත්  ඕනෑසෝමවංශ අමරසිංහ යෝජනා කළේය.

 

 

මේ පිළිබඳව නීතිමය පැත්තට අවධානය යොමු කළේ අනුර දිසානායකය. දැන් සමහරු අපෙන් අහනවා අධිකරණයට යන්නේ නැද්ද කියලා.  ගැනත් පැහැදිලි කිරීමක් අපිට තියෙන්න  ඕනෑ. නියමිත කාලයට පෙර පැවැත්වීමට සැරසෙන ජනපතිවරණය සම්බන්ධ ගැටලූව කඩා වැටී තිබෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර  පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අවශ්යතාවයක් තිබෙනවා. අපිට අවශ්යයි, ශ්රේෂ්ඨාධිකරණයට තිබෙන දේශපාලන මැදිහත්වීම හෙළිදරවු කරගන්න. ලංකාවේ පළවෙනි වතාවට බැංකු සභාපතිවරයෙක් අධිකරණයේ පළමු පුටුවේ වාඩිවෙලා තියෙන්නේඅනුර දිසානායක කීවේය.

 


 

MOST VIEWED VIDEO STORIES

MORE >>