October 9, 2014
පසුගිය 07වන දින පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගැනුණු නඩු විභාගයකින් අනතුරුව පොලිස් නිලධාරීහු පිරිසක් විජිත හේරත්, අර්ජුන රණතුංග ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසකගෙන් සමාව ගත්තෝය. එම නඩුව 2010 වර්ෂයේ සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් විභාගවූවකි. එවකට සිරගතව සිටි හිටපු හමුදාපති සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙස ‘ප්රජාතන්ත්රවාදය සඳහා ජනතා ව්‍යාපාරය’ මගින් ගාල්ලේදී විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන ලදී. එම උද්ඝෝෂණය මර්දනය කිරීම සඳහා පොලිසිය විසින් පියවර ගෙන තිබූ අතර විජිත හේරත්, අර්ජුන රණතුංග යන මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් අසත්‍ය චෝදනා එල්ල කරමින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගතකරන ලදහ. අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ගාල්ල පොලීසිය තුළ නිලධාරීන් පිරිසක් විසින් මන්ත්‍රීවරුන්ට පහර දී තිබිණි. ඇප ලැබීමෙන් අනතුරුව මන්ත්‍රීවරු පොලීසියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කළහ. වසර හතරක් තිස්සේ විභාගයට ගැනෙමින් තිබුණේ එම පෙත්සමය.
ඒ අතරතුර පසුගිය 07වෙනිදා නඩු විභාගය කැඳවීමෙන් පසු පොලීසිය මන්ත්‍රීවරුන්ගෙන් සමාව ගැනීමට පියවර ගෙන තිබිණි. අධිකරණය තුළ වගඋත්තරකාර පොලිස් නිලධාරීහු මන්ත්‍රීවරුන්ට අතට අත දුන්නෝය. ඉන් පසු අධිකරණ භූමියෙන් පිටතට පැමිණි පසු පොලිස් නිලධාරීහු විජිත හේරත් වටා එක්වූහ.
”බලන්න සර්, අපි තනියෙන් පරිප්පු කෑවා. අපිව බේරගන්න කවුරුත් ආවේ නැහැ. ලොක්කෝ කියන දේවල් කරන්න ගිහින් අපි අමාරුවේ වැටුණා.” එක් පොලිස් නිලධාරියෙක් කීවේය. “අපිට දැන් අවුරුදු 04ක් උසස්වීම් නැහැ. අපි නඩුවලට වියදම් කළෙත් පෞද්ගලිකව අපේ මුදල්. අපිට පෞද්ගලිකව වන්දි ගෙවන්න වුණා.” තවත් නිලධාරියෙක් කීවේය. ”මීට පස්සේවත් ඔය එක එක්කෙනා කියන දේවල් කරන්න යන්න එපා. ඒවා කරන්න ගිහින් අමාරුවේ වැටෙන්නේ ඔයාලා. ඒ අයට කිසි ප්‍රශ්නයක් නැතුව තානාපතිකම්, උසස්වීම් ලැබෙනවා. ඒ නිසා සිහි බුද්ධියෙන් කටයුතු කරන්න. මේක පොලිසියේ අනෙක් අයටත් හොඳ පාඩමක්” විජිත හේරත් කීවේය.
මහින්දගේ හිත ගන්න ජවිපෙ පෝස්ටර් ගලවයි
පසුගිය හතරවන දින උදේ වන විට ජවිපෙ විසින් රටපුරා පෝස්ටරයක් අලවා තිබිණි. “මහින්දට තුන්වරක් බැහැ, නීති විරෝධී ජනාධිපතිවරණ එපා! එම පෝස්ටරයේ සටන් පාඨ විය. කෙසේ වෙතත් මෙම පෝස්ටරය ඇලවීමෙන් පසුව එම සටන් පාඨයට ආණ්ඩුවේ පිරිස්වල අවධානයට දැඩි ලෙස යොමු වී තිබිණි. ආණ්ඩුවට ‘මහින්දට පුළුවන්’ යැයි පවසමින් පෝස්ටර් ඇලවීමටද සම්මන්ත්රණ සංවිධානය කිරීමට සිදුවූයේද ඒ අනුවය.
“ආණ්ඩුව හොඳටම වැදිලා වගේ අපේ සටන් පාඨය. හොඳටම බයවෙලා ඉන්නේ. අපිට කියනවා මහින්ද එනවට බයේ තමයි අපි පෝස්ටර් ගහන්නේ කියලා.” මේ සම්බන්ධයෙන් කතා බහක් මතුවුණ වෙලාවේ සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය. ”අපේ ප්රශ්නය තියෙන්නේ රටේ මූලික නීතියට පටහැණිව මහින්ද කටයුතු කරන එක ගැනයි. නැතිව මහින්ද ජනාධිපතිවරණයට එනවද නැද්ද කියන එක නෙවෙයි. රටක් වුණාම නීතියක් තියෙන්න ඕනෑ. මහින්දටත් මහින්ද වටේ ඉන්න කණ්ඩායමටත් නීතිය, ප්රජාතන්ත්රවාදය අදාළ නැහැ.” ටිල්වින් සිල්වා කියා සිටියේය.
“මහින්ද 2005දීත් 2010දීත් ජනාධිපතිවරණයේදී ජනතාවට දුන්න පණිවිඩයක් තියෙනවා. ඒ තමයි ජනාධිපතිවරණය අහෝසි කරනවා කියපු පොරොන්දුව. නමුත් එකත් කඩකරලා තියෙන්නේ. දැනටත් මහින්ද බොරුකාරයෙක්.” හඳුන්නෙත්ති මතක් කර දුන්නේය. ”ඒ අතරේ මහින්දගේ අවධානය දිනාගන්න ඇමතියෝ අලූත් අලූත් වැඩවලට බැහැලා. ටී.වී. වැඩසටහන් කරනවා. ආණ්ඩුවේ පත්තරවල මහින්දට පුළුවන් කියලා හෙඩිම් දානවා. බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමති මීඩියා එක්ක ගිහින් අපේ පෝස්ටර් ගලවලා පොටෝ එක පත්තරේ දාගත්තා.” විජිත හේරත් කීවේය.
“අපේ සම්මන්ත්රණ රටපුරා යනකොට ජනතාව තේරුම් ගනියි ඇත්ත මොකක්ද කියලා. රටේ ප්රජාතන්ත්රවාදය නීතිය ආරක්ෂා කරන්න ජනතාව වුවමනාවෙන් ඉන්නවා. ශිරානිව නෙරපළා දැම්මෙත් 18 සංශෝධනයේ අවුල හදාගන්න උදව් කරපු නැති නිසා. එහෙම මහින්ද කෙනෙක් රටේ සදාචාරය ගැන කතා කරන්නේ කොහොමද? දැන් ගෝමින් දයාසිරිත් සාටකයක් දාගෙන නේද?” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය.
අනුර අවිවේකී කටාර් සංචාරයක
පසුගිය සතියේ කටාර් සංචාරයක නිරත වූ ජවිපෙ නායක අනුර දිසානායකට ඉතාම අවිවේකී කාල සටහනකට අනුව වැඩකටයුතු කිරීමට සිදුවිය. දින තුනක් පමණ කටාර්හි රැඳී සිටි අනුරට කටාර් කමිටුව විසින් සම්මන්ත්රණ, වැඩබිම් හමු, විද්වත් සාකච්ඡුා ඇතුළු වැඩසටහන් ගණනාවක් සංවිධානය කර තිබිණි. ”සහෝදරයා වැඩසටහන් ගොඩාක් සංවිධානය කරන්න වුණා. ගොඩක් අය ස්වේඡාවෙන්ම රැස්වීම් හදලා. ඒ අය හමුවෙන්නම ඕනෑ.” ගුවන්තොටුපළේදී අනුර පිළිගැනීමට පැමිණි කටාර් කමිටුවේ සාමාජිකයෙක් කීවේය. රතු මල් පොකුරක් දී ගුවන්තොටුපළේදී අනුර දිසානායක පිළිගනු ලැබූවේ කුඩා දරුදැරියන් කිහිපදෙනෙකි.
පළමු දිනයේ ‘අපේ දැක්ම’ සම්මන්ත්‍රණයක්, ශයිලියා කර්මාන්තපුර සංචාරය, මුස්ලිම් සංවිධාන සාමාජිකයින් සම`ග සාකච්ඡාවක් සහ සංවිධානගත සාමාජිකයින් සම`ග දේශපාලන තත්වය පිළිබඳ සාකච්ඡාවකට ඔහු සහභාගි විය. පසුදින සලාමත්හිදී උදේ ආහාරය ගැනීමෙන් පසු කර්මාන්තපුර සාකච්ඡාවකට සහභාගිවිය. දිවා කාලයේදී උම් සලාල් අලි සාකච්ඡාවට සහ කර්වා ප්‍රවාහන සමාගම සාකච්ඡාවට ඔහු එක්විය.
පස්වරුවේ ඉංජිනේරුවන්, කළමනාකරුවන් සහ පාසල් ගුරුවරුන් පිරිසක් සංවිධානය කළ වෘත්තීයවේදීන්ගේ හමුව සහ ‘අපේ දැක්ම’ සම්මන්ත්‍රණයට සහභාගිවිය. සංචාරයේ අවසන් දිනය අල් ජාබර්හිදී ජාතික සමගිය ගොඩනැගිය හැක්කේ කෙසේද? යනුවෙන් සාකච්ඡාවක්ද නව සබඳතා තහවුරු කරගැනීම සඳහා නිවාස කිහිපයක සංචාරයටද කර්මාන්තපුර සාකච්ඡාවකට සහභාගි විය. ”අපිට දුන්න වෙලාවනම් හොඳටම මදි. තවත් වැඩසටහන් ගොඩක් අවලංගු කරන්න වුණා කාලය මදි නිසා. ළඟදිම අපිට තව දින ටිකක් ඕනෑ.” කටාර් කමිටුවේ සාමාජිකයෙක් ගුවන්තොටේදී අනුරට සමුදෙමින් කීවේය.