Back to Top

ෆොන්සේකාත් ජනපතිවරණ සටනට - අපේ දෙවැනි මනාපය රනිල්ට දෙමු

October 3, 2014  


 
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ සියලූම සංවිධායකයින් පසුගිය බදාදා කොළඹට කැදෙව්වා.

පක්ෂ නායක සරත් ෆොන්සේකා මෙහිදී තම අරමුණ පැහැදිලි කළා.

 ‘‘ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයක් තියන්න රජය සූදානම් වෙනවා. අපි පක්ෂයක් විදිහට රනිල් වික‍්‍රමසිංහ මහතා දිනවන්න වැඩ කළොත් මේ පක්ෂය දිය වෙනවා. රනිල්ගේ වේදිකාවට නැගලා මට විතරක් තරුවක් වෙන්න පුළුවන්. ඒකෙන් අපේ පක්ෂයට යහපතක් වෙන්නේ නෑ. ඒ නිසා ලබන ජනාධිපතිවරණයට මම ඉල්ලනවා.’’


 ‘‘ සර් අපි වෙනම ඉල්ලූවොත් රනිල්ගේ ඡන්ද කැඩෙනවා නේද?’’ කියමින් සංවිධායකවරයෙක් ප‍්‍රශ්න කළා.

 ‘‘මේ පාර කිසිම පක්ෂයකට 50%ක් ඡන්ද ගන්න වෙන්නේ නෑ. ජේවීපී එකත් ඉල්ලන්න යන්නේ. සෝභිත හාමුදුරුවොත් ඉල්ලන්න ඉඩ තියෙනවා. අපේ දෙවැනි මනාපය රනිල්ට දෙමු. එහෙම වුණොත් විතරයි රනිල් ජනාධිපති වුණත් අපිට වටිනාකමක් තියෙන්නේ.’’


මේ විදිහට සිදු වූ වාදවිවාද අවසානයේ බහුතරය සංවිධායකයින් නායක සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ගත්ත තීරණය අනුමත කළා.


MOST VIEWED VIDEO STORIES

MORE >>