Back to Top

2014.09.30

September 30, 2014  


මේෂ

ආදායම් මාර්ග සරු කර ගත හැකිවේ. එමෙන්ම හවුල් ව්යාපාරවලින් සාර්ථක ප්රතිඵල නෙළා ගත හැකි වන අතර ගමන් බිමන් බහුලවේ.

ජය අංකය - 07

 

වෘෂභ 

තමන්ගේ අවශ්යතා පරිදි අතමිට මුදල් ගැවසේ. සුඛෝපභෝගී භාණ්ඩ සඳහා මුදල් වියදම් කිරීමට පෙළඹෙන අතර ප්රීති උත්සවවලට සහභාගී වීමට සිදුවේ.

ජය අංකය- 09

 

මිථුන  

රැකියා විරහිත අයට රැකියා ලබා ගැනීමට අවස්ථාව උදාකර ගත හැකි වන අතර ප්රභූවරුන්ගේ උදව් උපකාර ලැබීමට  හේතුවේ.

ජය අංකය- 05

 

කටක  

තම කටයුතු වඩාත් කාර්යක්ෂම ලෙස කර ගැනීමට අවස්ථාව උදාවේ. බාධක කරදර මොන තරම් පැමිණියත් දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කිරීමට ශක්තිය ලැබේ.

ජය අංකය- 05

 

සිංහ 

වැඩිහිටි අයට වන්දනා ගමන් බිමන් යාමට අවස්ථාව උදාවන අතර බොහෝ විට ඈත පළාත්වල සංචාරය කිරීමට  හැකිවේ. 

ජය අංකය- 07

 

කන්යා 

තරුණ අයට හදිසි විවාහ ආදියට අවස්ථාව සැලසෙන අතර වැඩිහිටියන්ගේ ආශිර්වාදය  ලබා ගැනීමට හැකිවේ.

ජය අංකය- 05

 තුලා  

ගේ දොර මෙන්ම අවට පරිසරය  අලංකාර කිරීමට අවස්ථාව උදාවන අතර සමහර විට නිවසෙහි ප්රීති උත්සවයකට මග පෑදෙනු ඇත්තේය.

ජය අංකය- 04

 

වෘෂ්චික  

දුර දිග නොබලා ගන්නා තීරණ නිසා පසුව පසුතැවිලි වීමට සිදුවන අතර වැය පක්ෂය අධික වීමෙන් ණය තුරුස් වීමට පවා සිදුවනු ඇත්තේය.

ජය අංකය- 03

 

ධනු  

රැකියා ස්ථානයේ ඇති වන යම් ගැටලුකාරී තත්ත්වයන් නිසා අසහනයට පත්වන අතර ස්ථාන මාරු වලට පවා හේතුවනු ඇත්තේය.

ජය අංකය- 04

 

මකර  

තමන් සමග හවුලේ කටයුතු කරන අයට අනවශ් ලෙස ආධිපත්යය පැතිරවීමට යාම නිසා තම හවුල්කාර පක්ෂයේ දැඩි දෝෂ දර්ශනයට හේතුවනු ඇත්තේය.

ජය අංකය- 08

 

 කුම්භ  

ශරීර සනීපයට බාධා ඇති වීමට ඉඩ ඇති බැවින් රාජකාරීයට වාර්තා කිරීමට පවා සමහර විට නොහැකි වනු ඇත්තේය. මේ නිසා ශරීර සුවතාවය ගැන කල්පනාකාරීවන්න.

ජය අංකය- 01

 

මීන  

විරුද්ධ ලිංගිකයින්ගේ යම් ක්රියාකාරකම් නිසා අපහසුතාවයට පත්වීමෙන් පවත්වාගෙන ගිය සුහදතාවය අඩාලවීමට ඉඩ ඇත්තේය.

ජය අංකය- 06

 

ජ්යෝතිෂ හා වාස්තු විද්යාවේදී

 

චන්ද්රසිරි ශ්රියානන්ද  සිල්වා 

 

පුස්තකාලයාධිපති (විශ්රාමික)

 

සීමන් මාවත, මිනුවන්ගොඩ

MOST VIEWED VIDEO STORIES

MORE >>