Back to Top

අපි සූදානම් බලයේ ඉන්න ආණ්ඩුවත් එක්ක සටනකට

September 26, 2014  




ඡන්දෙන් පසු ජවිපෙ වැටුප් සටනට...


මැතිවරණයෙන් පසුව ජවිපෙ වැටුප් සටනක් දියත් කළේය. ජවිපෙ වෘත්තීය සමිති නායක ලාල්කාන්ත පසුගියදා කොළඹ මහජන පුස්තකාලයේ පැවැති සම්මන්ත‍්‍රණයකට එක්වෙමින් මේ සටන පිළිබඳව අදහස් දැක්වීය.

“අපි සූදානම් වෙන්නේ බලයේ ඉන්න ආණ්ඩුවත් එක්ක සටනකටයි. ඒ සඳහා ලබන මාසය පුරා ප‍්‍රගතිශීලි වැඩකරන ජනතාව එකතු කරගන්න කටයුතු සූදානම් කර තිබෙනවා. රටේ වැඩකරන ජනතාවට ඉල්ලීම් මාලාවක් තිබෙනවා. එම ඉල්ලීම් ජනතාවගේ පොදු ඉල්ලීමක් බවට පත්කිරීම තමයි අපේ අරමුණ වෙලා තියෙන්නේ. ඒක හරියට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමාජගත කළ අධ්‍යාපනයට 6% සටන් පාඨය වගෙයි. අපි භාණ්ඩයක් නිෂ්පාදනය කර තිබෙනවා. ඒක මාකට් කරන්න තමයි අපි යන්නේ. සමහරු මෙය ඉල්ලනවා. ආණ්ඩුවත් එක්ක ඉන්න අය ඉල්ලන්නේ නැහැ. නමුත් අපි මේක ජනතාව අතරට ගෙනියනවා.”


නව ඉල්ලීම බවට පත්වී ඇත්තේ වැටුපට එල්ලා ඇති දීමනා මූලික වැටුපට එකතු කරගැනීමත් රු.10,000/=කින් වැටුප් වැඩිකර ගැනීමත්ය. මේ සටන් ක‍්‍රියාමාර්ගය ඉදිරි මාස කිහිපය පුරා දියත් කිරීමට ජවිපෙ සැලසුම් සකස් කරමින් සිටී. එම සටන් කි‍්‍රයාමාර්ගයන්ට වැඩබිම් උද්ඝෝෂණ, පොස්ටර් ව්‍යාපාර, පති‍්‍රකා බෙදාහැරීම්, දැනුවත් කිරීමේ රැස්වීම් ඇතුළත් වේ. මෙම සටන් කි‍්‍රයාමාර්ගයේ උච්ඡතම අවස්ථාව වැඩවර්ජනයක් විය හැකි බවද ලාල්කාන්ත පවසයි.


MOST VIEWED VIDEO STORIES

MORE >>