Back to Top

නිමල් ඡන්දය ගැන නම් කිසිදේකට කලබල විය යුතු නෑ

September 5, 2014  





ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ 63 වන සංවත්සර උත්සවය බදුල්ල වින්සන්ට් ඩයස් ක‍්‍රීඩාංගණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණා. උත්සවය නිමා වෙලා සවස තේ පැන් සංග‍්‍රහයක් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ නිවසේ පැවැත්වුණා.


මේ තේ පැන් සංග‍්‍රහයට ගිය ජනාධිපතිවරයාත් මහලේකම් මෛත‍්‍රිපාල සිරිසේන සහ නිමල් සිරිපාල යන අමාත්‍යවරුන් විශේෂ සාකච්ඡාවක නිරත වුණා.


සංවත්සර උත්සවය ඉතා සාර්ථකව පැවැත්වීම ගැන මුලින්ම ජනාධිපතිවරයා දිස්ත‍්‍රික් නායක නිමල් සිරිපාලට ස්තූති කළා.


‘‘අද වැඩේ ඉතාම සාර්ථකව කෙරුණා. මේ පක්ෂය මේ තත්ත්වයට ගේන්න අපි විශාල කැප කිරීමක් කරලා තියෙනවා. ඒ ගැන අලූතින් දේශපාලනයට එන අයට කියා දෙන්න  ඕනේ.’’


ජනාධිපතිවරයාගේ ඒ පැහැදිලි කිරීමෙන් පසුව ඇමති නිමල් සිරිපාල එළඹෙන ඡන්ද ප‍්‍රතිඵලය ගැන සහතිකයක් දුන්නා.


‘‘විපක්ෂය කියනවා බදුල්ල දිනනවා කියලා. බදුල්ලට ඇවිත් ඡන්ද කරන  ඕන කෙනෙකුට තේරෙනවා, බදුල්ල කවුද දිනන්නේ කියලා. විපක්ෂය තනිකර මාධ්‍ය සංදර්ශනයක් ගෙනයන්නේ.’’


‘‘නිමල් ඡන්දය ගැන නම් කිසිදේකට කලබල විය යුතු නෑ. මේක අපි දිනනවා. සමීක්ෂණ කිහිපයකින්ම ඒක තහවුරු වෙලා තියෙනවා. දැනට කරගෙන යන විදිහට ඡන්ද වැඩ කරගෙන යන්න.’’


ජනාධිපතිවරයා ඒ විදිහට මැතිවරණ ජයග‍්‍රහණය ගැන මෛත‍්‍රීපාලටත්, නිමල් සිරිපාලටත් සහතිකයක් දුන්නා.


MOST VIEWED VIDEO STORIES

MORE >>