Back to Top

මහින්දගේ විවෘත කිරීම්වලට සිසුන්ගෙන් 400/=ක්

September 5, 2014  



ඌව පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් පවතින නිති බලාත්මක කිරීම සහ මතුවී ඇති ප‍්‍රචණ්ඩකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පසුගිය 29වෙනිදා ජවිපෙ නායකයෝ මැතිවරණ කොමසාරිස්වරයා හමුවූහ. එම හමුවට එක්වූයේ අනුර දිසානායක, ටිල්වින් සිල්වා, හඳුන්නෙත්ති, සුනිල් වටගල, ලක්ෂ්මන් නිපුණආරච්චි යන නායකයින්ය.

මැතිවරණ කොමසාරිස්වරයා සමග තවත් නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්වූහ.

ආයුබෝවන්... ජවිපෙ නායකයෙක් මැතිවරණ කොමසාරිස්වරයෙක් හමුවෙන පළවෙනි අවස්ථාව මේක. ඒ වගේම කියන්න  ඕනෑ මහින්ද දේශප‍්‍රිය කියන පුද්ගලයා ජවිපෙ නායකයෙක් හමුවෙන දෙවැනි වතාව මේක. ඒ අවුරුදු 35කට පස්සේ. මහින්ද දේශප‍්‍රිය අනුර දිසානායකට කීවේය. කොමසාරිස්තුමා මොකක්ද ඒ කතාවෙ තේරුම සුනිල් හඳුන්නෙත්ති විමසීය. මම මීට කලින් රෝහණ විජේවීර හමුවෙලා කතාබහ කරලා තියෙනවා. ඊට පස්සේ ජවිපෙ නායකයෙක් මට හමුවුණේ අද. මැතිවරණ කොමසාරිස්වරයා පැහැදිලි කළේය.

මේ හමුවේදී වර්ධනය වන මැතිවරණ ප‍්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් පැය දෙකකට වැඩි කාලයක් සාකච්ඡා කෙරිණි. මම කරන්න පුළුවන් උපරිමය කරනවා. හොඳ නිලධාරීන් දාලා ඉන්නේ. ඔබතුමාලත් වැඩි වැඩියෙන් මිනිස්සු දැනුවත් කරන්න. 18 සම්මත කළාට පස්සේ මගේ බලතලත් සීමා වෙලා තියෙන්නේ. නීතිය කි‍්‍රයාත්මක කරන්න බාධා තියෙනවා. මැතිවරණ කොමසාරිස් කීවේය. අපේ යෝජනාවක් තියෙනවා පිටරටවල වැඩකරන ශ‍්‍රී ලාංකිකයින් පිළිබඳව. ඒ අය ලංකාවේ මැතිවරණ පිළිබඳ ලොකු උනන්දුවක ඉන්නේ. නමුත් ඡන්දය දෙන්න විදියක් නැහැ. ඒක ඒ අයට කරන අසාධාරණයක්. ඒ නිසා එම ශ‍්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න පුළුවන් ක‍්‍රමයක් හදන්න  ඕනෑ. අනුර දිසානායක යෝජනා කළේය. ඒක ගොඩක් වැදගත් දෙයක් මන්ත‍්‍රීතුමා. අපි ඒ ගැන අවධානය යොමු කරනවා. මේකට පාර්ලිමේන්තුවේත් සාකච්ඡාවක්  ඕනෑ. කොමාසාරිස්වරයා කියා සිටියේය. රාජ්‍ය සේවකයින්ගෙන් අපිට සෑහෙන පැමිණිලි ඇවිත් තියෙනවා. සමහර රැස්වීම්වල රෙකෝඩ් පවා අපිට එවලා තියෙනවා. මේ වෙනුවෙන් අපි මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබතුමාටත් සාක්කි දෙන්න වෙයි. වටගල සිනාසෙමින් කීවේය. ඔබතුමාලා ගන්න පුළුවන් කි‍්‍රයාමාර්ග ගන්න මම උපරිම සහය දෙනවා. මැතිවරණ කොමසාරිස් කීය. මානව හිමිකම් කොමිසමේ සභාපති පත්කරන්නෙත් මහින්ද රාපක්ෂ මහත්තයා නිසා මේකෙත් අපිට සැකයක් තියෙනවා. සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය.  මහියංගනේ 06වෙනිදා සිද්ධියට ඔබතුමා කඩිනමින් මැදිහත් වූණා. ඒ ගැන අපි ස්තූතිවන්ත වෙනවා. ටිල්වින් සිල්වා ස්තූතිය පළ කළේය.

ශිරානි ගෙදර යැවූ ඇත්ත හේතුව හෙළිවෙයි

2013 ජනවාරි මාසයේදී ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය දෝෂාභියෝගයක් මගින් ධූරයෙන් පහ කරන ලැබුවාය. එය මෙරටේ විශාල ආන්දෝලනයකට ලක්කළ සිදුවීමක් වූ අතර නීති ක්ෂේත‍්‍රයේ කතාබහට ලක්වුණේ මින්පසු ශ්‍රේෂ්ඨාධිකරණය සම්බන්ධයෙන් විශ්වාසයක් තැබිය නොහැකි බවය. කෙසේ වෙතත් එහි උණුසුම පහවෙමින් තිබියදී නැවත වරක් එම ඉවත්කිරීම කතාබහට ලක්වීමට පටන්ගෙන තිබේ. මේ ගැන ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරු කිහිප දෙනෙක් විජිත හේරත්ට කියා තිබුණේ අලූත්ම කතාවකි.

මන්ත‍්‍රීතුමා ඔබතුමාලත් තර්ක කළේ දිවිනැගුම නිසා ශිරානි ඉවත් කළා කියලනේ. ඒක නෙවෙයි ඇත්ත. ඇත්තම හේතුව තමයි 18 සංශෝධනය. අගවිනිසුරුවරිය ඒක සම්මත කළා තමයි. ඒ වුණාට පස්සේ ආණ්ඩුව දැනගත්තා ඒක අතීතයට බලපාන විදියට හදන්න බැරිවෙලා බව. ඒකට අර්ථකතනයක් දෙන්න කියලා ආණ්ඩුව ශිරානිගෙන් ඉල්ලූවා. නමුත් ශිරානි ඒකට කැමති වුණේ නැහැ. ඒ නිසා තමයි ශිරාණිව අයින් කරන්න සිද්ධ වුණේ. ඇමතිවරයෙක් ආණ්ඩුව සහ ශිරාණි පමණක් දැන සිටි කරුණක් විජිතට කීය.

මහින්දගේ විවෘත කිරීම්වලට සිසුන්ගෙන් 400/=ක්...

මන්ත‍්‍රීතුමා මේ දවස්වල ඌවේ විවෘත කිරීම් ගොඩයි. පාසල්වලට මේක ඇණයක් වෙලා තියෙන්නේ. ගොඩක් ගුරුවරු මේකට අකමැත්තෙන් ඉන්නේ. සති ගාණක ඉඳලා විවෘත කිරීම් සංවිධානය කරන්න  ඕනෑ. ළමයිට නැටුම්, සංගීත උගන්වන්න  ඕනෑ. ළමයිගේ අධ්‍යාපනයටත් බාධයි. විදුහල්පතිලා කැපිල්ලෙන් බේරෙන්න මේවා කළාට ඒ අයටත් එපාවෙලා තියෙන්නේ සුනිල් හඳුන්නෙත්තිට කෝල් එක්ක ආවේ ගුරුවරයෙකුගෙනි.

අපේ ඉස්කෝලෙටත් ජනාධිපති එනවා විවෘත කිරීමකට. එක ළමයෙකුගෙන් රුපියල් 400/=ක් මේ උත්සයට එකතු කරන්න කියලා අපිට කීවා. ඒකට අමතරව මව්පියන්ට කැවුම්, කොකිස්, කිරිබත් හදන්න බාර දීලා. හැමෝටම එපාවෙලා තියෙන්නේ මේ වැඩේ. මහියංගනයේ ආඳාඋල්පත විදුහලකින් ගුරුවරයෙක් විජිතට කතා කළේය.

මේ දිනවල මේ ආකාරයේ දුක්ගැනවිලි ජවිපෙ නායකයින් වෙත නිතර ඉදිරිපත් වේ. සියලූ දෙනා ආණ්ඩුවේ කි‍්‍රයාපිළිවෙළින් පීඩාවට ලක්වී තිබේ. මේ අතර සමෘද්ධි නිලධාරීන්ගෙන් කෘෂි පර්යේෂණ නිලධාරීන්ගෙන් සහ උපාධිධාරීන්ගෙන්ද ජවිපෙට එන කෝල් නිමක් නැත.

මේ ආණ්ඩුව නම් මළ වාතයක් වෙලා තියෙන්නේ. මේ විදියට රාජ්‍ය සේවකයින් අපහසුතාවයට ලක්කරපු කාලයක් තවත් නැහැ. අපිට ගෙවල්වල ප‍්‍රශ්න දාහක් තියෙනවා. ඒ මදිවට මේ ආණ්ඩුවට ඡන්දේ හොයන්නත්  ඕනෑ. අපි ගිහින් කියන්නේ මේ ආණ්ඩුව මළ වදයක් ඒ නිසා මේ ආණ්ඩුව එලවන්න ජවිපෙට ඡන්දය දෙන්න කියලා. ලාල්කාන්තට, වසන්ත සමරසිංහට, සුනිල් වටගලට දුරකථන ඇමතුම් දෙන රජයේ සේවකයින් වැඩි ප‍්‍රමාණයක් කියන්නේ මේ කතාවය.

අපි ආණ්ඩුවේ නිලධාරීන් සන්ධානෙට ඡන්දෙ ඉල්ලගෙන ගෙවල්වලට එනකන් බලාගෙන ඉන්නේ. අර සමීක්ෂණ මේ සමීක්ෂණ කිය කියා එනවා. බලාගන්න පුළුවන් අපේ ගෙවල්වලට ආවාම. හොඳට සලකන්න බලාගෙන ඉන්නේ. ඌව ජනතාව ජවිපෙ අපේක්ෂකයින්ට කියන්නේ ඒ ආකාරයටය.
 


MOST VIEWED VIDEO STORIES

MORE >>