Back to Top

යන්නෙ නැහැ කියපු බල්ලානම් තාම ගෙදර

September 5, 2014  



හරීන්-නාමල් හමුව නිසා කලකිරුණු එජාප සාමාජිකයින්ගෙන් සමන්තට කෝල් ගලා ඒමට පටන්ගෙන තිබේ. පසුගියදා ඌව පරණගම, යාලේගම එජාප ප‍්‍රබලයෙක් සමන්තට දුරකථන ඇමතුමක් දුන්නේය.

සහෝදරයා අපි වැඩ කළේ හරීන්ට. දැන් අපිට ඒ අයගෙන් වැඩක් නැහැ. ආණ්ඩු විරෝධී ඡන්ද අරගෙන කරන්නෙත් මහින්දලාගේ ප්‍රෝග‍්‍රෑම්. අපි ජවිපෙට ඡන්දේ දෙනවා. අපේ ගමට රැස්වීමක්  ඕනෑ. එජාප සාමාජිකයා කීවේය. අපි ගිය පාර්ලිමේන්තු මැතිවරණයේදීත් කිව්වා ලක්ෂ්මන් සෙනෙවිරත්න යනවා කියලා. මිනිස්සු අපි විශ්වාස කරන්නේ නැතිව ලක්ෂ්මන්ට ඡන්දය දුන්නා. එයා ඡන්ද ටික අරගෙන ආණ්ඩුවට ගියා. යන්නෙ නැහැ කියපු බල්ලානම් තාම ගෙදර. දැන් ලක්ෂ්මන්, ඩිලාන් වගේ ආණ්ඩුවේ අය කියනවා මේ ඡන්දෙන් පස්සෙත් එජාප 04ක් ආණ්ඩුවට එනවා කියලා. ඒක තමයි ඇත්ත. අපිව විශ්වාස කරපු එකට ඔබතුමාට ස්තූතියි. අපි රැස්වීමක් කරමු. සමන්ත විද්‍යාරත්න පොරොන්දු විය. ඒ අනුව යාලේගමටත් ජවිපෙන් රැස්වීමක් සංවිධානය විය. එයට වසන්ත සමරසිංහ සහභාගි වූ අතර එම රැස්වීමේ මූලාසනය දැරුවේද එජාප සාමාජිකයෙකි.

සෝමවංශ තම්පෝගේ මතකයන් අවදි කරයි

ලාංකේය ඉතිහාසයේ ඉතා ප‍්‍රබල කම්කරු නායකයෙකු දැයෙන් සමුගත්තේය. ඔහුට ගෞරව දැක්වීම සඳහා පසුගිය 03වෙනිදා ජවිපෙ සෝමවංශ අමරසිංහද ගොස් තිබුණි. ඔහුගේ කැපවීම ධෛර්යය පිළිබඳව සෝමවංශ ඥාතීන් සමග දොඩමළු විය. සෝමවංශ අමරසිංහ සමග සුනිල් හඳුන්නෙත්තිත් එහි සිටියේය. මේ අතර සියලූම වෘත්තීය සමිති සමග එක්වී ජවිපෙ වෘත්තීය සමිතිද බාලා තම්පෝ කම්කරු නායකයාගේ අවසන් කටයුතු සිදුකිරීමේ සාකච්ඡාව සිදුකළේය.

බාලා සහෝදරයා මරණ තර්ජන තියෙද්දී 71 මහ නඩුවට අපේ සහෝදර සහෝදරියන්ට නීති උපදෙස් දුන්නා. අවස්ථාවාදයට එරෙහිව වැඩකළා. සෝමවංශ අමරසිංහ පැමිණි සිටි වෘත්තීය සමිති නායකයින් සමග මතකය අවදි කළේය. අපි වෘත්තීය සමිති එකතුවෙලා අවසන් කටයුතු ගැන සාකච්ඡා කළා. නමුත් ශ‍්‍රීලනිප වෘත්තීය සමිති පියදාසගේ වෘත්තීය සමිතිය ආවේ නැහැ. වසන්ත සමරසිංහ කීවේය.

මහින්ද රාජපක්ෂ තම්පෝ සහෝදරයට සම්මානයක් දෙන්න හැදුවා. තම්පෝ ඒක ගන්න ගියේ නැහැ. බාලා කියලා තිබුණේ මට දෙන ඉහළම සම්මානය කම්කරු ප‍්‍රඥප්තිය කි‍්‍රයාත්මක කරන එකයි කියලා. මහින්ද කරන්න  ඕනෙ ඒක කියලා එයා කිව්වා. මොකද මෙයත් මේ කම්කරු ප‍්‍රඥප්තිය හදපු කමිටුවේ සාමාජිකයෙක් තම්පෝගේ සමීපතමයෙක් සෝමවංශට කීවේය.



MOST VIEWED VIDEO STORIES

MORE >>