Back to Top

ඒ ආදරේ නැති වුණා........

September 1, 2014  

ඒ ආදරේ නැති වුණා........

 

* මේ දවස්වල කොහොමද වැඩ කටයුතු? 

 

 

මේ දවස්වව ලෝකුවට මුකුත් නෑ. ලොකු වැඩකට අත ගහන්න තමයි මේ දවස් වල සුදානම් වෙන්නේ.  මේ දිනවල ටිකක් නිදහසේ ඉන්නවා.  අධික කාර්යය බහුලත්වයක් නෑ.

 

*  ඔබ රංගනයට පිවිසුණේ කොහොමද?

 

 මගේ ආරම්භය සිද්ධ වෙන්නේ පාසල් කාලයේ හතරවන වසරේ සිට. මම ඉස්සල්ලාම වේදිකා නාට්‍යය වලට සහභාගී වෙනවා. එහෙම රංගනය හදාරගෙන යනකොට මට රාජ්‍ය සම්මාන උළෙලෙන්  හොඳම නළුවා සම්මානය  ඒ කාලයේ ලබා ගන්නවා. එතකොට මං හතරවන වසරේ. මම ඒ කාලයේ රංගනය විතරක් නෙවෙයි.   මම ක්‍රිකට් ක්‍රීඩකයෙක්.  පාසල් මට්ටමින් අවුරුදු 13න් පහළ සහ අවුරුදු 19න් පහළ ලුම්බිණි විද්‍යාලයේ නායකයා විදියට ක්‍රීඩා කළා.  මගේ  බලාපොරොත්තුව වුණේ ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්න.  ඊට පස්සේ මම උසස් පෙළ කරන්න ගත්තාම මගේ ඔලුවට නළු පිස්සුව ගැහුවා. ඊට පස්සේ තමයි මට මේ ක්ෂේත්‍රය හැඳුණේ. මං හිතනවා ඉතින් මේ ක්ෂේත්‍ර‍ෙයන් ඉදිරියටම යන්න.

 

 

 

* ඔබ   ක්ෂේත්‍රයට පැමිණිලා කෙටි කාලයක් වෙන්නේ මොනවගේ අත්දැකීම්ද තියෙන්නේ ක්ෂේත්‍රය තුළ?

 

ඇත්තටම ක්ෂේත්‍රෙය් මම තවමත් ඉන්නේ පෙර පාසල් අවධියේ. ඉතින් මං හිතනවා මට ඉදිරියට යන්න පුළුවන් කියන එක සහ ඒ පිළිබඳව දැඩි විශ්වාසයක් තියෙනවා මට. මෙතෙක් කාලයක් පැමිණි ගමන්මග තුළ මිනිස්සු මාව හඳුනාගත්තේ ප්‍රධාන චරිතයක් හැටියට.  මං මිනිස්සු අතරට ආවේ මීට අවුරුදු එකහාමාරක් දෙකක් විතර කාලය තුළ.  ඒ කාලයේ හැටියට මං පුළුවන් තරම් උපරිම දේවල් කරලා තියෙනවා.  මේ වගේ පොඩි කාලයක් තුළ මං මගේම විදියේ දෙයක් ගොඩ නගාගෙන තියෙනවා සහ යම්කිසි දෙයක් මං කලාවට කරලා තියෙනවා. මොකද මං කලාවට ගොඩක් ආදරය කරන කෙනෙක් කියලා  මං හිතනවා. මං කලාව සෑහෙන්න ඉගෙන ගත්තා කියලත් මං හිතනවා . තව ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ලංකාවේ කලාව ගොඩාක් ඉහළට ගන්න පුළුවන් අපිට. මොකද ලංකාව කියන්නේ පොඩි රටක්. ඉන්දියාව වගේ නෙවෙයි.

 

 

 

* අමතක නොවන සිදුවීම් එහෙම අනිවාර්යෙන් ඇති ක්ෂේත්‍රයේ ඒ ගැනත් මතක් කරමු?

 

අමතක නොවන අත්දැකීම් නම් සෑහෙන්න තියෙනවා. ඉස්සල්ලාම කියන්න ඕන. ටෙලි නාට්‍යයක කියලා ඉස්සල්ලාම රඟපාන්න එනකොට මම දන්නේ නෑ   කාත් එක්කද රඟපාන්න තිබුණේ කියලා.  අදාළ තැනට ගියාම තමයි දැනගත්තේ ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා සමඟ රඟපාන්න තියෙන්නේ කියලා. ඒක මගේ ජීවිතයේ අමතක නොවන අත්දැකීමක්.  ඊට පස්සේ ගොඩක් අමතක නොවන අත්දැකීම් තියෙනවා.  රූපගත කිරීම් කරන  අවස්ථාවල හොඳට නිදාගෙන වතුර නාපු අවස්ථා තියෙනවා. හොඳට නිදාගන්න පුළුවන් මට.  ගොඩක් කතා කරනවා අඩුයි මම.  කතා කරන තැනට කතා කරන එක්කෙනෙක්  .  තව තියෙනවා තිසුරිව උස්සගෙන ගිහින් වැටිලා තියෙනවා. ඊට පස්සේ දෙන්නම කඳු වලින් පහළට වැටුණු අවස්ථා තියෙනවා.  ගැහැණු ළමයිගෙන් ගුටි කාපු අවස්ථා තියෙනවා.  

 

* අපිට දැනගන්න විදයට ධනුක සිනමාවටතත් එන්න අදහසක් තියෙනවා නේද ළඟදීම?

 

මට විතරක් නොවෙයි. ඒක කලාකරුවන් විදියට හැමෝගෙම වගේ ජීවිත වල තියෙන හීනයක්නේ. ඉතින් මටත් ඒ දේ උදාවෙලා තියෙනවා. ඉතින ඒ හරහා  මට ලොකූ ගමනක් යන්න පුළුවන් වෙයි. ලංකාවේ කලාවත් ගෙඩක් දුරට ඉදිරියට ගෙන යන්න පුළුවන් වෙයි.  සාරංග මෙන්ඩිස් කියන අධ්‍යක්ෂකවරයාගේ පළමු චිත්‍රපටයේ ප්‍රධාන නළුවාගේ චරිතය මට ලැබිලා තියෙනවා. ලංකාවේ මෙතෙක් දුරට කරන දැවැන්තම සිනමා නිර්මාණය මේ චිත්‍රපටය.  අපි රට රටවල් වල ගිහින් ගොඩාක් රූපගත කිරීම් කරනවා.  කොහොම හරි ඉදිරියට ලංකාවේ නම්බර් වන් චිත්‍රපටය මේක වෙයි.

 

 

* ප්‍රසිද්ධ හෝ ජනප්‍රිය පුද්ගලයින් සමාජයේ කටකතා හැ‍ඳෙනවා වැඩියි. ඔබට කට  කතා හැදිලා තියෙනවාද? කටකතා සම්බන්ධයෙන් ඔබ දරන අදහස කුමක්ද?

 

 

ඇත්තටම කලා ක්ෂේත්‍රය තුළ මං අවුරුදු දෙකයිනේ තාම ඉඳළා තියෙන්නේ.  ඇත්තටම මං හිතුවේ නෑ මේ අවුරුදු දෙක තුළ මේ වගේ වෙනසක් මට වෙයි කියලා.  මට කියන්න බැරි තරම් කටකතා හැදිලා තියෙනවා. ගෙදරට කොල් කරළ මරණ තරජන පවා කරපු අවස්ථා තියෙනවා. කටකතා නිසා. මං දන්නේ නෑ මොකක්ද හේතුව කියලා.  එහෙම දේවල ගොඩාක් තියෙනවා. ලංකාවේ මිනිස්සු ගොඩාක් බලන්නේ උඩට යන මිනිස්සු කොහොම හරි කරලා කකුලෙන් ඇදලා පහළට දාන්නයි හදන්නේ.  ඕක තමයි ලංකාවට වෙලා තියෙන්නේ. මං හිතන්නේ මේ තත්ත්වය වෙනස්  කර ගන්න ඕන.  සාම්‍යනයෙන් කටකතා කියන දේවල් ගණන් ගන්නේ නැතුව හිටියාම හරි.  ඵල තියෙන ගහටනේ ගල් ගහන්නේ. ඉතින් ඒ ඵල තියෙන ගහ මං කියලා හිතාගෙන හිටියානම් හරි. 

 

 

* ආදරය ගැන මොනවගේ අදහසක් තියෙන්නේ?

 

ආදර සම්බන්ධතාවයක් නම් ඇත්තටම නෑ.  මොකද මං අම්මට බාර දීලා තියෙන්නේ ඒ කටයුතු කරන්න කියලා. එයා කියලා තියෙන්නේ දැන්ම ඕවා ඕන නෑ. තව අවුරුදු ගොඩාක් තියෙනවා.  ඒ කාලය වෙද්දි තමයි මං ඔයාට හොයලා දෙන්නේ කියලා. ඉතින් මං කියලා තියෙනවා අම්මාට ඒක ප්‍රශ්නයක් නෑ කියලා.  ආදර සම්බන්ධතාවයක් තිබිලත් තියෙනවා. අවුරුදු පහකට විතර කලින්. ඒක නැති වුණා. ඉතින්  ඊට පස්සේ ආදරය කරන්න කෙනෙක් හම්බ වුණෙත් නෑ. එක්කෙනෙක් හොයන්න ගියෙත් නෑ.  ඉතින් අම්මගෙයි තාත්තගෙයි කියන දේවල් වලට තමයි මං කැමති වෙන්නේ.

 

  

* එහෙනම් ඔබ මොනවගේ සහකාරියක්ද බල‍ාපොරොත්තු වෙන්නේ?

 

මොනවගේ සහකාරියක්ද අවශ් කියලා හැමෝටම තිබුණු අදහසක් ඉස්කෝලේ යන කාලේ ඉඳළා මටත් තිබුණා.  ඊට පස්සේ එහෙම කෙනෙක්ව මං හොයා ගත්තා.ඉතින් එහෙම ආදර සම්බන්ධතාවය තියාගෙන යද්දි මට තේරුණා  කෙනාගේ තියෙන අදහස් සමහරක් දේවල් වෙනස් කියලා . අපි මිනිස්සුන්ව  ඇස් මට්ටමේන්  බලනවාට වඩා එයාගේ ඇතුළට ගිහින් බලද්දි සම්පුර්ණයෙන් වෙනස්නේ. ඉතින් ඕන්න ඔහෝම දේවල් වෙලා ඒක ඉවර වුණා.

 
මම දැන් නම් හිතන් ඉන්නේසහකාරිය කියන කෙනා අම්මට තෝරලා දෙන්න කියලා.ගොඩාක් වෙලාවට අම්මටයි තාත්තටයි නංගිටයි සලකගෙන ඉන්න කෙනෙක් වෙන්න ඕන. මට කන්න හදන්න පුළුවන්  කෙනෙක් වෙන්න ඕන අනිවාර්යෙන්ම.

 

* ආදර සම්බන්ධතා‍වයක් කසාදයකින් කෙලවර විය යුතුයි කියලා ඔබ හිතනවාද?

 

මම හිකන්නේ නෑ ආදරය කරන දෙන්නෙක් විවාහයකින් ඉවර වෙන්න ඕන කියලා. මොකද ආදර සම්බන්ධයක් පටන් ගන්නේ දෙන්නෙක් හඳුනාගන්න.  ආදරයක් පටන්ගෙන සතියක් විතර කාලයක් දෙන්න හඳුනගැනීම කරන්නේ.  දෙන්න හඳුනාගත්තට පස්සේ දෙන්නා ගොඩාක් කාලයක් ආදරය කරනවානේ. සමහරක් කට්ටිය අවුරුදු නවයක් දහයක් අතර කාලයක් ආදරය කරනවානේ.  තේරුම් ගැනීම කියන දේත් එක්ක තමයි මේ ආදර සම්බන්ධය ගොඩාක් දුරට ගෙනියන්න පුළුවන් වෙන්නේ.  මං දන්න විදියට ආදරය කරන දෙනනෙක් ගොඩක් දුරට අඩුයි.  ආදරය කරන දේ ඇති වුණාම ඉරිසියාව ඇති වෙනවා. වෙනින් මොකක්දෝ දෙයක් ඇති වෙනවා. තමන්ගේ තියෙන සිතුම් පැතුම් ළඟාකර ගැනීමක් තමයි ගොඩාක් දෙනෙක් කරන්නේ.    හරියට තේරුම් ගැනීමත් එක්ක තමයි ආදරයක් සාර්ථක වෙන්නේ. අන්න එතනදී විවාහයකින් කෙළවර වීම අවුලක් නෑ.

 

* දැන් අපිට කියන්න පාසලේ සහ ඔබේ පවුලේ  තොරතුරු?

 

ඇත්තටම කියන්න ඕන. මගේ පාසලෙන් මට ලෝකු සහයෝගයක් ලැබුණා. මොකද කොළඹ ලුම්බිණි විද්‍යාලයේ ලුම්බිණි රඟහල කියන්නේ  ලංකාවේ කවුරුහරි රඟහලේ රඟපාල තියෙනවා නම් එතන තමයි අම්මා.  ඉතින් ලුම්බිණි අම්මගෙන් මට හම්බවෙච්ච දේ බොහෝමයි.  විද්‍යාලයෙන් මම හදාරපු දේවල් බොහොමයි. ලුම්බිණි විද්‍යාලයේ ගුරුවර ගුරුවරියෝ මට ගොඩාක් ආදරයෙන් හටියා.  එයාලගේ ඒ ශක්තියත් එක්ක තමයි මං හිතන්නේ මං ළඟ  මොනවා හරි දෙයක් තියෙනවානම් මං හැමෝටම පෙන්වන්නේ.

පවුලේ විස්තර ගත්තොත් මට අම්මා, තාත්තා, නංගී, මල්ලී කියන හතර දෙනෙක් ඉන්නවා. ඉතින් දැන් ඉන්නේ තුන්දෙනයි. මගේ මල්ලී නැති වුණා 2001 දී.  මගේ තාත්තා තමයි මාව පොඩි කාලේ ඉඳළාම බලාගත්තේ. මාව පාසල් එක්කගෙන ගියේ.  තාත්තා ගොඩාක් ආශාවෙන් හිටියා මං ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙයි කියලා. තාත්තා මාත් එක්ක ගොඩක් අමනායෙන් හිටියා මං මේ ක්ෂේත්‍රයට යොහු වුණ නිසා. ඒත් දැන්නම් ඒක නෑ.  ඉතින් තාත්තා තමයි මගේ ජීවිතයේ නම්බර් වන්.  අම්මා, මල්ලී, නිංගී තමයි එයාලගේ ජීවිතයේ මම නම්බර් වන්. මං හිතනවා මං මගේ පවුලත් එක්ක තමයි ගොඩාක් රැඳෙන්නෙත්,   ගොඩාක් ආදරය කරන්නෙත් මං මගේ ජීවිතය තුළ.  ඉතින් මගේ ජීවිතයේ වටිනාම තැන. නිදහස්ම තැන මගේ පවුගේ කටිටයත් එක්ක ඉන්න එකයි. 

 

 

  

* ධනුක කියන්නේ ඇත්තටම මොනවගේ චරිතයක්ද? 

 

 ධනුක දිල්ෂාන්  කියන්නේ නළුවෙක් නම් නෙවෙයි. මං කැමති නෑ නළුවෙක් විදියට මාව කවුරුවත් අමතනවාට. ඇත්තටම මං කොළඹ ජීවත් වෙච්ච. කොළඹ හැදිච්ච.  මං හොඳ කොළඹ කොල්ලෙක් .  ඒ වගේම ධනුක කියන චරිතය ගොඩාක් නිහතමානී. යාළුවන්ට ගොඩාක් ආදරය කරන. මිනිස්සුන්ට කවදාවතක් කරදරයක් කරන්නේ නැති. හොඳින් ජීවිත්වෙන පට්ට කොල්ලෙක්.

 

 

MOST VIEWED VIDEO STORIES

MORE >>