සුසිල් කියන විදියට ඌවේ මිනිස්සුන්ට ඩිපෙන්ඩර්, ටී56 අවි තියෙනවා...
August 29, 2014
පසුගිය 26වෙනි දින ජවිපෙ නායක අනුර දිසානායක සහභාගිවූ රැස්වීමක් බඩල්කුඹුරේදී සංවිධානය කෙරිණි. ඒ සඳහා වේදිකාව ඉදිකෙරුණේ 25වෙනි දින රාත්‍රී ජවිපෙ සාමාජිකයින් අතිනි. 25වෙනිදා රාත්‍රී 7.30ට පමණ බඩල්කුඹුර ප්‍රාදේශීය සභාවේ උප සභාපති කපිල සමරක්කොඩි එම ස්ථානයට පැමිණ “මේවා ශෂීන්ද්‍ර මහත්තයගේ ලයිට් කණු. ඒ ලයිට් කණුවල ස්පීකර් බඳින්නවත්, කොඩිවැල් දාන්නවත් දෙන්නේ නැහැ” ජවිපෙ සාමාජිකයින්ට තර්ජනය කළේය. ගැටුමක් ඇතිවීම වැළැක්වීමට ජවිපෙ සාමාජිකයෝ ස්පීකර් කිහිපයක් ගැලවූහ. අනතුරුව උප සභාපතිවරයාගේ පිරිසක් වෑන් දෙකකින් පැමිණ ජවිපෙ පතාක සහ කොඩිවැල් ගැලවීමට පටන් ගත්තෝය. අනතුරුව උණුසුම් තත්ත්වයක් ඇතිවූ අතර වෑන් රථයෙන් පැමිණි පිරිස පළවා හැරීමට ජවිපෙ සාමාජිකයෝ කටයුතු කළහ.
අනතුරුව කපිල සමරක්කොඩි එම ප්‍රදේශයේ වීදි ලාම්පු නිවාදැමීමට කටයුතු කළේ එම වීදි ලාම්පු ප්‍රාදේශීය සභාවට අයත් බව කියමිනි. මේ සියලූ සිද්ධීන් සිදුවූයේ පොලිස් නිලධාරීන් ඉදිරිපිටදීය. කෙසේ වෙතත් ජවිපෙ සාමාජිකයෝ ජෙනරේටර් මගින් විදුලිය ලබාගෙන වේදිකාව ඉදිකිරීමේ වැඩකටයුතු කරගෙන ගියහ. මේ අතර සන්ධානයේ පිරිසක් ආයුද සන්නද්ධව එතැනට කඩා වැදුණහ. අහසට වෙඩි තැබූ ඔවුහු ජවිපෙ වේදිකාවට පහරදී ගිනිතබා විනාශ කළහ. ජවිපෙ සාමාජිකයෝ මැරයින්ගෙන් බේරීමට පළා ගියහ. පැමිණි මැර පිරිසෙන් බොහොමයක් තංගල්ල, වීරකැටිය ප්‍රදේශවලින් පැමිණි අය බව ජවිපෙ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබිණි.
මේ අතර කපිල සමරක්කොඩි මොණරාගලටද මේ සිද්ධිය දැනුම්දී තිබූ අතර ශෂීන්ද්‍ර රාජපක්ෂගේ සමීපතමයෙකු වන මොණරාගල ප්‍රාදේශීය සභාවේ සභාපති ආයුධ සන්නද්ධ පිරිසක් සමග පැමිණ ජවිපෙ කාර්යාල තුනකට වෙඩි තබා විනාශ කළහ. මේ අතර ජවිපෙ අපේක්ෂක විජේසිරිගේ නිවසට පැමිණි මැර පිරිසක් නිවසට වෙඩි තබා ඒ අසළ නවතා තිබූ වාහනය ගිනි තැබීමට උත්සහ දැරූහ. දුරකථන පණිවිඩයකින් සිද්ධිය දැනගත් පොලීසිය එම නිවසට පැමිණි අතර ආණ්ඩුවේ පිරිස පොලිස් නිලධාරීන්ට ජීප් රථයෙන් බැසීමටවත් ඉඩ දුන්නේ නැත. පොලිසිය සිද්ධිය වාර්තා කරගත්තේ, පසුදින (26) පැමිණීමෙන් පසුවය.
“අපිට ජීප් එකෙන් බහින්න දුන්නේ නැහැ. රාජ්‍ය ත්‍රස්තවාදය පොලිසියට වඩා බලවත්. අපිට නීතිය කි‍්‍රයාත්මක කරන්න බැහැ” පොලිස් කොස්තාපල්වරයෙක් ජවිපෙ අපේක්ෂකයාට කීවේය.
“ඔයාලට වඩා මට මේ සිද්ධිය ගැන කම්පනයක් තියෙනවා. මොකද පොලිසියට බැරිවුණා මේ මැරකම් වළක්වන්න. අපිටත් දැන් නිල ඇඳුමක් ඇඳගෙන ඉන්න විදියක් නැහැ,” සිද්ධිය පිළිබඳ අදහස් දක්වමින් ඉහළ පොලිස් නිලධාරියෙක් ජවිපෙ අපේක්ෂක ආර්.එම්.ජයවර්ධනට කියා සිටියේය.
කෙසේ වෙතත් ගිනි තැබූ වේදකාව පැය කිහිපයක් ඇතුළත නැවත සකස් කිරීමට ජවිපෙ සාමාජිකයෝ පියවර ගත්හ. එම රැස්වීමට ජවිපෙ නායක අනුර දිසානායක, මොණරාගල දිස්ති‍්‍රක් නායක ආර්.එම්. ජයවර්ධන සහභාගි වූහ.
“මහින්ද රාපක්ෂලා මේ සැරසෙන්නේ ‘මැරවරණයකට’ නම් අපි ඒකට ලෑස්තියි. ආණ්ඩුව මතක තියාගන්න ඕනෑ මේක ජවිපෙ බව. වොයිස්කට්වලින් කොමසාරිස්වෙලා ඉන්න මහින්ද දේශප්‍රියයි, පොලිස්පතියි සාධාරණ මැතිවරණයක් කරන්න තමන්ට බැරිනම් ඒ බව පැහැදිලිව රටට කියන්න ඕනෑ, එක එක පෙත්තප්පුලා දාලා මාධ්‍යට ප්‍රකාශ නිකුත් කරන්නේ නැතිව. අපි සූදානම් ජනතාව එක්ක පාරට බැහැලා සාධාරණ මැතිවරණයක් දිනාගන්න” අනුර දිසානායක දැඩි ප්‍රහාරයක් එල්ල කළේය. බඩල්කුඹුරේ විශාල පිරිසක් සහභාගිවූ රැස්වීමක් බවට ජවිපෙ රැස්වීම පත්විය.
මේ සම්බන්ධයෙන් ජවිපෙ සොමවංශ අමරසිංහද අපූරු ප්‍රකාශයක් කළේය. “කුළුහරක් සාමාන්‍යයෙන් රතු රෙද්දට බයයි. රතු රෙද්දක් දැක්කාම කුලප්පු වෙනවා. මේ මී හරක් ටික රතු රෙද්දට අනින්න ගිහින් පස්ස බිම ඇණගන්නවා. ඒ අය කුළු හරක් වගේ වැඩ කරපුවාවේ. අපි මහත්වරුන්ගේ දේශපාලනය කරනවා. ඒකට අපිට ජනතාවගේ සහයෝගය ලැබෙනවා” සොමවංශ අමරසිංහ ජනහමුවකදී මේ පිළිබඳව අදහස් දැක්වමින් කීය.
සුසිල් කියන විදියට ඌවේ මිනිස්සුන්ට ඩිපෙන්ඩර්, ටී56 අවි තියෙනවා...
ඌව පළාතේ ඡන්දය භීෂණයක් බවට පත්වෙමින් තිබෙන අතර මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීහුද දැඩි විමසිල්ලෙන් පසුවෙති. මාධ්‍යවේදියෙක් සමන්ත විද්‍යාරත්නට දුරකථන ඇමතුමක් ලබාදුන්නේ මේ ගැන අහන්නටය.
“මන්ත්‍රීතුමා මොකද මේ ආණ්ඩුව ජවිපෙටම ගහන්නේ” මාධ්‍යවේදියා විමසීය. ”මේකනේ ඌවේදි විතරක් නෙවෙයි දැන් මුළු රටේම දේශපාලනයේ ආණ්ඩුවට අභියෝගය ජවිපෙ. ඒ නිසා තමයි ආණ්ඩුව අපිට ගහන්න පටන් අරගෙන තියෙන්නේ. ආණ්ඩුවේ ඔටුන්න ගැලෙව්වෙත් ජවිපෙ තමයි. ඌවට ආවාම මහ ඇමතිගෙයි ආණ්ඩුවෙයි රෙදි ගැලවුණේ ජවිපෙ හෙළිදරව් කරපු දේවල් නිසා. ඒකයි මේ අපිට වෙඩි තියන්නත් පටන් අරගෙන තියෙන්නේ. මැරයින් පිටින් ගේනවා. අපිට ආරංචියි ‘එරාජ්’ කියලා පුද්ගලයෙක් එක්ක පිරිසක් කොළඹින් ඌවට බස්සලා කියලා” සමන්ත කියා සිටියේය.
“කවුද මන්ත්‍රීතුමා එරාජ්” මාධ්‍යවේදියා විමසීය.
“අපිත් හරියටම දන්නේ නැහැ. අපිට ආරංචි එනවනේ ඉතිං. අපිත් හොයනවා මේ කවුද කියලා. වැඩිපුර එන්නේ හම්බන්තොටින්. දැන් සුසිල් පේ‍්‍රමජයන්ත කියනවා ජවිපෙ කාර්යාලවලට ගැහුවේ ගම්වැසියන්ලූ. ඒ කියන්නේ බඩල්කුඹුරේ මිනිස්සුන්ට ඩිපෙන්ඩර්, ටී56 තුවක්කු එහෙමත් තියෙනවා. සුසිල් ඇමතිතුමාලම දුන්නු ඒවද දන්නෙත් නෑ. පොලිසිය හරියට වැඩකරන්නේ නෑ කියලා නාහෙන් අඬනවා. පුදුම ආණ්ඩුවක්.” සමන්ත කියා සිටියේය.
“ඒක නෙවෙයි මන්ත්‍රීතුමා ඌවේ බාර් වැඩිපුරම අයිති ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ බිරින්දන්ටනේ. ඒ මොකද?” මාධ්‍යවේදියා විමසීය.
“මේකනේ, ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ ගෑනු අඬන්නේ බාර් ඉල්ලලා වෙන්නැති. ගම්වල ගෑනු නම් තමන්ගේ මනුස්සයා බොනවට මාරාන්තිකයි. ඒත් ඇමති බිරින්දෑවරු බාර්වලට හරිම කැමතියි. බඳිනකොට පොරොන්දු වුණේ බාර් එකක් දාලා දෙනවා කියලා වෙන්නැති” සමන්ත පිළිතුරු දුන්නේය.