Back to Top

ඌවේ මැතිවරණ සටනට පණ දෙන්න ගිය දයාසිරි රෝහලේ

August 29, 2014  




මන්දගාමීව සිදුවන ඌව මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලට නව ජවයක් ලබාදීම සඳහා ආණ්ඩුවේ ප‍්‍රබලයෝ වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර බදුල්ලට කැඳෙව්වා.බදුල්ලට ආපු දයාසිරි ජයසේකර පහුගිය අඟහරුවාදා බදුල්ල නගරයේ කැන්වසින් යන්න පටන් ගත්තා.


දවස පුරා නගරයේ පයින් ගිය දයාසිරි රාතී‍්‍ර නවයට විතර ආහාර ගැනීමෙන් පස්සේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ කි‍්‍රයාකාරීන් පිරිසක් සමග සාකච්ඡාවක නිරත වුණා.

සාකච්ඡාව පැවැත්වෙන අතරතුර දයාසිරිට ක්ලාන්තය හැදුණා.

වහාම බදුල්ල රෝහලට ඇතුළත් කළද දයාසිරිට වෛද්‍යවරු එළිවෙනකම් ප‍්‍රතිකාර කළා.

උදෑසන ටිකට් කපල ගෙදර යන්න පෙර දයාසිරි ගැන විවිධ වෙබ් අඩවි ප‍්‍රවෘත්ති මවලා තිබුණා.

හෘදයාබාධයකින් පෙළෙන බවට පළවූ එම ප‍්‍රවෘත්ති දයාසිරි රෝහලේ වෛද්‍යවරුන්ට පෙන්වද්දි මාධ්‍ය භාවිතය ගැන වෛද්‍යවරුන්ට හිනා ගියා.

කොහොම වුණත් වෛද්‍ය උපදෙස් නිසා ඌවේ ඡන්ද සටනින් ටික දිනකට ඈත් වෙන්න දයාසිරිට සිදුවුණා.



දයාසිරි ඌවෙන් ඈත් වෙද්දි නාමල් රාජපක්ෂ ඊයෙ ඡන්ද සටන ආරම්භ කළා.

ඌවපරණගම හරහා නාමල් ගමන් කරද්දි හරීන් රැස්වීමක් අමතමින් ඉන්නවා දැක්කා.

ඒ රැස්වීම ඉවරවෙන වෙලාව බලලා නාමල් හරීන්ට දුරකථනයෙන් කතා කළා.

‘‘මචං, මං උඹේ රැස්වීම ළගින් ආවා. එතනින් එනකොට මට හිතුනා වාහනෙන් බැහැලා උඹේ කතාව අහන්න.’’

‘‘අපරාදෙ බහින්න එපැයි.’’
.............
‘‘මචං මං ඉන්නෙ රැස්වීම තිබුණ තැනට කිට්ටුව චාමික බුද්ධදාස මන්ති‍්‍රවරයගෙ ගෙදර යනගමන් මේ පැත්තට එනවද ?’’

‘‘හරි මං එනවා මචං’’

හරීන් නාමල් හිටපු ගෙදරට ගොඩ වෙද්දි නාමල් මොකක්ද දන්නවද කිව්වෙ.

‘‘ආයුබෝවන් මහ ඇමතිතුමා’’

‘‘ඒ කියන්නේ නාමල් ඔයාලා පිළිගන්නවා මං මහ ඇමති වෙනවා කියලා’’කියමින් හරින් නාමල්ගෙ කරට අත දැම්මා.


MOST VIEWED VIDEO STORIES

MORE >>