Back to Top

ඌව දිනුවොත් නායකතුමා ජනාධිපති වෙලා නවතින්නේ

August 29, 2014  




මේ සතිය තුළ එක්සත් ජාතික පක්ෂෙ වෙනස්කම් රැසක් සිදුකිරීමට නායක රනිල් වික‍්‍රමසිංහ සැලසුම් කර තිබුණා.


සජිත්ට බලතල සහිතව නියෝජ්‍ය නායකකම දීමටත්, කෘත්‍යාධිකාරී බලමණ්ඩල සාමාජිකත්වය අහිමි වූ අයට යළි ඒ තනතුරු ලබාදීමටත්, පක්ෂයෙන් නෙරපා හැරිය මෛතී‍්‍ර ගුණරත්නට සහ ශිරාල් ලක්තිලකට යළි පක්ෂයේ සංවිධායකකම් ලබා දීමත් රනිල්ගේ සැලැස්ම වුණා.


කොහොම වුණත් රවි කරුණානායක රනිල්ගේ තීරණයට දැඩිලෙස විරුද්ධ වුණා.


රවිත් සමග නායකත්ව මණ්ඩලයේ පස් දෙනෙක් එකට සිටගැනීමත් සමග නායක රනිල් තමන්ට අභිමත පරිදි පක්ෂය තුළ සිදුකිරීමට ගිය වෙනස්කම් තාවකාලිකව නතර කළා.


ඒ අනුව ලබන හය වැනිදා බදුල්ලෙදි පැවැත්වෙන එ.ජා.ප. සමුළුවට මේ යෝජනා ඉදිරිපත්කර පාක්ෂිකයන්ගෙ අනුමැතිය ගැනීම නායක රනිල්ගේ අවසන් තීරණය වුණා.



රනිල් වික‍්‍රමසිංහ ගෙන ඇති මේ තීරණය පිළිබඳ ඔහුගේ සමීපතමයෙකු වූ මලික් සමරවික‍්‍රම දුරකථනයෙන් කතාකර රංජිත් මද්දුමබණ්ඩාරව දැනුවත් කළා.


‘‘නායකතුමා ලබන සමුළුවට මේ යෝජනා ගේනවා. ජනතාවගේ අනුමැතිය හිමිවුනොත් කාටවත් විරුද්ධ වෙන්න බෑ.’’


‘‘මලික් නායකතුමාට කියන්න කරන දෙයක් ඉක්මනින් කරන්න කියලා. දැනටමත් අපි ප‍්‍රමාදයි, ඌව දිනුවොත් නායකතුමා ජනාධිපති වෙලා නවතින්නේ. පක්ෂෙ සමගියට බාධා කරන්නේ රනිල් ජනාධිපති වෙනවට අකමැති මිනිස්සු.’’


රංජිත්ගෙ පැහැදිලි කිරීමට මලික් එකඟ වූ අතර දෙන්නම ලබන හය වැනිදා දක්වා පක්ෂයෙ සමගිය ගැන බලාපොරොත්තු දීර්ඝ කර ගත්තා.



MOST VIEWED VIDEO STORIES

MORE >>