Back to Top

ඒක නෙමෙයි සජිත් ඔයා ඌව ඡන්දයට යන්නැද්ද ?

August 26, 2014  


එක්සත් ජාතික පක්ෂයේ වෙනස්කම් රැසක් සිදු කිරීමට යන බව දැනගත්ත ආණ්ඩුවේ ප‍්‍රබලයෝ කිහිප දෙනෙක් පාර්ලිමේන්තු ලොබියේදී සජිත් පේ‍්‍රමදාසව වට කරගත්තා.
 
‘සජිත් මන්තී‍්‍රතුමාට මේ පාරනම් සාධාරණයක් වෙයි වගේ’ කියමින් ආණ්ඩුවේ ප‍්‍රබලයෝ මාතෘකාවට බැස්සා. 
 
‘මට පෞද්ගලිකව වෙත අසාධාරණකම් දරාගන්න පුළුවන්, ඒත් මං වෙනුවෙන් කතා කරලා අසාධාරණයට ලක්වූ අයට සාධාරණයක් විය යුතුයි.’
 
 
ඒක නෙමෙයි සජිත් ඔයා ඌව ඡන්දයට යන්නැද්ද ?
 
‘මොන ප‍්‍රශ්න තිබුණත් මම ඌවට යනවා, හැබැයි අපි සමගිවෙලා  ඌවට ගියොත්, ඔයාලාගේ විනාශයේ ආරම්භය’
 
අහපු ප‍්‍රශ්නවලට උත්තර දුන්න සජිත්, ආණ්ඩුවේ ප‍්‍රබලයින්ගේ බඩට තට්ටුවක්  දාලා එතැනින් යන්න ගියා.

MOST VIEWED VIDEO STORIES

MORE >>