ඌව පළාත් සභා මැතිවරණයේ මොණරාගල දිස්ති‍්‍රක්කයේ ප්රචාරක කටයුතු ආරම්භ කිරීමේ සාකච්ඡාවට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වුණා.
රැස්වීම ආරම්භයේදී ඌවේ තත්ත්වය දිස්ති‍්‍රක් නායක රංජිත් මද්දුම බණ්ඩාර පැහැදිලි කළා.
‘නායකතුමා මේ ඡන්දය අපිටත් ඔබතුමාටත් තීරණාත්මක ඡන්දයක්, මොකද අපි මෙතන හැප්පෙන්නේ රාජපක්ෂ පවුලේ කෙනෙක් සමඟ, රාජපක්ෂ පවුලේ කවුරු පරාද වුණත් ඒක මේ පාලනය වෙනස් කරන්න පුළුවන් කියන පණිවිඩය රටට දැනේවි.
හරීන් මහඇමති අපේක්ෂකයා කිරීමෙන් ඡන්ද ව්‍යාපාරයට ලොකු ජවයක් ආවා. ඒවගේම ඡන්ද ව්‍යාපාරය මැදදී තවත් ජවයක් අපිට ඕනේ, පක්ෂය සියලූ දෙනා එකට එකතු වුණා කියන පණිවිඩය ලැබුණෙත් අපි මේ ඡන්දය දිනලා පෙන්වනවා නම්, සර් ජනාධිපතිවරණයට එනවා නම් මේ ඡන්ද අපි දිනන්නට ඕනේ.’
‘රංජිත් මම ඔයාගේ කතාවට එකඟයි. ඉදිරි දින කිහිපයේ දී ඒ සුභවාදී පණිවිඩය ඔබලාට අසන්නට ලැබෙයි. දැඩි විශ්වාසයක් තියලා වැඩ කරගෙන යන්න.’
රංජිත්ගේ ඉල්ලීමට රනිල් සුභවාදී පිළිතුරක් දුන්නා.