Back to Top

ජනාධිපති කොමිෂන් ගැන දිනේෂ් අනුර පාර්ලිමේන්තුවේදී හැපෙති

August 22, 2014  



පසුගිය 19වෙනිදා අනුර දිසානායක විසින් ජනාධිපති කොමිෂන් සභා පිළිබඳව ප‍්‍රශ්නයක් යොමු කළේය.

2005 සිට 2013 වර්ෂය දක්වා පත් කර ඇති කොමිෂන් සභා ගණන කොපමණද? එම කොමිෂන් සභා සඳහා වැය කර ඇති මුදල කොපමණද? එම කොමිෂන් සභා සඳහා පත්කොට සිටින පුද්ගලයින් සහ ඔවුන්ගේ සුදුසුකම් මොනවාද? එම කොමිෂන් මගින් ඉදිරිපත් කොට ඇති වාර්තා සභාගත කරන්නේද? අනුර දිසානායක ප‍්‍රශ්න කළේය.

පිළිතුරු ලබාදුන්නේ දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයාය.

පිළිතුරට අනුව 2005-2013 කාල සීමාවට පත්කොට ඇති කොමිෂන් සභා ගණන 17කි. එම කාලය තුළ එම කොමිෂන් සඳහා රුපියල් කෝටි 27කට අධික මුදලක් වැය කොට තිබේ.

හලාවත ධීවරයාගේ ඝාතනය, කටුනායක රොෂෙන් චානක ඝාතනය, රතුපස්වල ඝාතන පිළිබඳව ජනාධිපති කොමිෂන් සභා පත් කළා කිව්වට එම කොමිෂන් සභා පිළිබඳව සඳහනක් නැහැ. අනුර අතුරු ප‍්‍රශ්නයක් යොමු කළේය.


දිනෙෂ් ගුණවර්ධනට නිශ්චිත පිළිතුරක් තිබුණේ නැත.


කොමිෂන් සභා වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ යුතුයි කියලා පනතේ වගන්තියක් තියෙනවද? රු. කෝටි 20ක් 30ක් වියදම් කරලා රටේ ආන්දෝලනයක් මතුවුණු කාරණා සම්බන්ධයෙන් පත්කළ කොමිෂන්වල වාර්තා පාර්ලිමේන්තුවටවත් ඉදිරිපත් කරන්නේ නැත්නම් මේ පාර්ලිමේන්තුවෙන් ඇති වැඩේ මොකක්ද? ඉදිරිපත් කරන්න ඇමතිතුමා මැළිවෙන්නේ ඇයි? අනුර දිසානායක විමසීය.

සමහර දේවල් අධිකරණමය හේතු තියෙනවා. ව්‍යවස්ථාවේ සමහර නීති අනුව එම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී නැහැ. එවැනි අඩුපාඩුකම් පාර්ලිමේන්තුවේ තිබෙනවා. දිනේෂ් කීය.

ඔබතුමාලම තමයි කියන්නේ මේ උත්තරීතර පාර්ලිමේන්තුව කියලා. රටේ ආන්දෝලනයක් දෙන කරුණක් ගියාම පත්තරවල හෙඩිම් දානවා ජනාධිපති මැදිහත්වෙයි. ති‍්‍රපුද්ගල කොමිසමක් පත්කරයි කියලා. පත්තරවල විශාල ප‍්‍රවෘත්ති පළකරලා ඇයි ඒ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැත්තේ. අනුර දිසානායක නැවත විමසීය.


ඒ ගැන රජය සාකච්ඡා කළ යුතුයි කියලා අපි හිතනවා. දිනේෂ් ගුණවර්ධන ලිස්සා ගියේය.


එජාප කි‍්‍රයාකාරිකයින් ජවිපෙ රැස්වීම්වලට


මේ දිනවල ජවිපෙ නායකයින් වැඩි පිරිසක් කාලය ගත කරන්නේ ඌව පළාත තුළය. මේ අතර අනුර දිසානායකද බදුල්ල සහ මොණරාගල දිස්ත‍්‍රික්කයේ රැස්වීම් ගණනාවකට පසුගිය සතියේ සහභාගි විය. මේ අතර ජවිපෙ අපේක්ෂකයින් වන රාමලිංගම් චන්ද්‍රසේකර් සහ සිසිර කුමාර සහභාගි වූ හපුතලේ ආසනයේ සංවිධානය කළ සුහද හමුවකට අනුර දිසානායකද සහභාගි විය. එම රැස්වීමට එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත‍්‍රී විශ්වනාදන් සහභාගි විය. සුහද හමුව අවසානයේ ඔහු අනුර දිසානායක නායකත්වයට පත්වීම පිළිබඳව සුභ පැතූ අතර මැතිවරණ ජයග‍්‍රහණයටද සුභ පැතීමට ඔහු අමතක කළේ නැත.


මේ අතර මොණරාගල ප‍්‍රදේශයේ රැස්වීම් ගණනාවකදී එක්සත් ජාතික පක්ෂ කි‍්‍රයාකාරීන් හිටපු ආසන සංවිධායකයින් සහ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් ගණනාවක් විජිත හේරත් මුණ ගැසී මෙම මැතිවරණයේ ජවිපෙට සහය පළ කරන බව පැවසූහ. මන්ත‍්‍රීතුමා අපි ගිය පාර මැතිවරණයේදී ආණ්ඩුවේ අයට කාර්යාල දැම්මා. ඒත් අපි සල්ලි දුන්න නිසා දැම්මේ. මේ සැරේ අපි ජේ.වී.එකට වැඩකරන්න තීරණයක් ගත්තා. බිබිල ප‍්‍රදේශයේ ශ‍්‍රීලනිපයට වැඩකළ තරුණයෝ පිරිසක්ද විජිත හේරත් මුණ ගැසී මැතිවරණයට සහය පළ කළෝය.

 

MOST VIEWED VIDEO STORIES

MORE >>