Back to Top

2014.08.22

August 22, 2014  


මේෂ

හදිසි මුදල් ලැබීම් වලට හේතුවන අතර සමහර විට ලොතරැයි දිනුම් ලැබීමට‍ ද වාසනාව ඇත්තේය. ධනවත් ඥාතියෙකුගෙන් උදව් ලැබීමට ද පුළුවන.

ජය අංකය -07

 

 වෘෂභ 

කාර්මික අංශයේ මෙන්ම තාක්ෂණික රැකියා අංශයේ නියුතු ශිල්පීන්ට විදෙස්ගත වීමට බෙහෙවින් ඉඩ කඩ ඇති වන්නේය. එමෙන්ම එම අංශයේ රැකියාවල උසස්වීම් වලට ද හේතුවේ.

ජය අංකය-06

 

මිථුන  

ප්‍රේම සබඳතා බිඳ වැටීම් හෝ ආදර සම්බන්ධතා වලට වැඩිහිටි විරෝධය ඇතිවීම නිසා හෝ හිත පීඩාවට පත්වේ. එහෙත් ඒ සියල්ලටම මුහුණදීමට හැකියාව ඇතිවේ.

ජය අංකය-04

 

කටක  

කාලයක් තිස්සේ නිවෙස අලුත්වැඩියා කර ගැනීමට ගන්නා උත්සාහය සාර්ථක වේ. එමෙන්ම පදිංචි ස්ථානය සමහර විට වෙනස් වීමට ද පුළුවන.

ජය අංකය-02

 

සිංහ 

නිෂ්ඵල ගමන් බිමන් ඇති වන අතර ආදායම් තත්ත්වයට වඩා වියදම් තත්ත්වය ඉහළයාමට පුළුවන. ණ්‍ය තුරුස්වීමට පවා ඉඩ තිබේ.

ජය අංකය-03


 කන්යා 

අවිවාහක අයට මංගල යෝජනා කිහිපයක්ම ලැබීමට ද ඉඩ ඇති අතර එම යෝජනා සාර්ථක කර ගැනීමට හැකි වාතාවරණයක් උදාවේ.

ජය අංකය-04

 

 තුලා  

අධ්‍යාපන කටයුතුවලට මෙතෙක් තිබූ බාධාවන් ඉවත් වන අතර විදෙස් අධ්‍යාපනය ලැබීමට උත්සාහ ගන්නේ නම් එය සාර්ථක වේ.

ජය අංකය-07

  

වෘෂ්චික  

යහපත් විවාහ යෝජනා ඇතිවීමටත් මෙතෙක් පැවැති ප්‍රේම සබඳතා වලට ඇති වූ බාධාවන් ඉවත්වීමත් වැඩිහිටියන්ගේ ආශිර්වාදයත් නිසා සුබ දිනයක් වේ.

ජය අංකය-09


 ධනු  

රැකිය‍ාවේ දියුණුව ගෙන දෙන සුබ දිනයකි. රැකියාවේ උසස්වීම් මෙන්ම විදෙස්ගතවීම් වලට පවා ඉඩ කඩ ඇත. ස්ථාන මාරුවක් ලැබීමට  ද පුළුවන.

ජය අංකය-03


 මකර  

උසස් අධ්‍යාපන කටයුතු වල නිරත අයට සුවිශේෂී ජයග්‍රහණයක් හිමිවීමට ඉඩ ඇති අතර විදෙස් ශිෂ්‍යත්ව පවා හිමිවීමට පුළුවන.

ජය අංකය-02

 

 කුම්භ  

පවුලේ එකිනෙකා අතර තිබූ අසමගි බව නැති වී සතුට හා සාමය ගෙනදීමට හැකි දිනයකි. විනෝද ගමන් වලට ද ඉඩ ඇත්තේය.

ජය අංකය-04


මීන  

අසල්වාසීන් සමග සුහදතාවය වර්ධනය වන අතර සමාජ සේවා කටයුතු නිසා ජනප්‍රියත්වයට පත්වන දිනයකි. ප්‍රභූන්ගේ සහයෝගය ලැබේ.

ජය අංකය-08

 

ජ්යෝතිෂ හා වාස්තු විද්‍යාවේදී

චන්ද්‍රසිරි ශ්‍රියානන්ද  සිල්වා 

පුස්තකාලයාධිපති (විශ්‍රාමික) 

සීමන් මාවත, මිනුවන්ගොඩ

MOST VIEWED VIDEO STORIES

MORE >>