බදුල්ල අපිට ලොකු ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙන්න බෑ
August 15, 2014
ආණ්ඩුවේ ප්‍රබලයින් කිහිපදෙනෙකු මොණරාගල ප්‍රදේශයේ ඡන්ද ව්‍යාපාරය ගැන සාකච්ඡා කළා.
මෙහිදී ආණ්ඩුව සිදුකළ සමීක්ෂණ ගැන ප්‍රබලයෙක් පැහැදිලි කළා.
‘‘බදුල්ල අපිට ලොකු ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙන්න බෑ. හරීන්ගේ පැමිණීමත් සමග විශාල විදිහට තරුණ පිරිස් ඒ පැත්තට ඇදිලා ගිහින්. ඒත් අපිට බදුල්ල දිනන්න පුළුවන්. හැබැයි යූ.එන්.පී. ය කරට කර සටනක් දෙනවා. මොණරාගලින් තමයි අපිට ගොඩ යන්න තියෙන්නේ.’’
ආණ්ඩුවේ ප්‍රබලයෙක් එහෙම කියද්දී මොණරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරන ආණ්ඩුවේ ඇමතිවරයෙක් එහි තත්ත්වය පැහැදිලි කළා.
‘‘විමල් වීරවංශ වෙනම ඉල්ලූවානම් මොණරාගලට බඩුම තමයි. වෙලාවට ජනාධිපතිතුමා විමල්ට සන්ධාන වේදිකාවේ තියාගත්තේ, අපේ ජනතාව යම් යම් කළකිරීම්වල ඉද්දී විමලූත් අපිට වෙන වේදිකාවක ඉඳන් ගහන්න ගත්තානම් අනිවාර්යයෙන් අපි පරදිනවා. යූ.එන්.පී. එක ගොඩයනවා. ජනාධිපතිතුමා මේ අනතුර දැකපු එක ලොකු දෙයක්.’’
මොණරාගල දිස්ත්‍රික්කයේ තත්ත්වය ගැන ඒ විදිහට පැහැදිලි කරද්දී ආණ්ඩුවේ ප්‍රබලයින් හිටපු මහ ඇමතිගේ තත්ත්වය ගැන විමසුවා.
‘‘රාජපක්ෂ පවුලේ කෙනෙක් නිසා මිනිස්සු වැඩි මනාප ප්‍රමාණයක් දෙයි. නමුත් ඔහු අපේ ජනතාවගෙන් ඈත්වෙලා දේශපාලන කරපු කෙනෙක්. ඒ නිසා ගියපාර ගත්ත මනාප ප්‍රමාණය නම් මේ පාර ගන්න බෑ. ඒ වගේම හරීන් ගන්න මනාප ප්‍රමාණය ගන්නත් බෑ.’’
‘‘අපිට පුද්ගලයෝ නෙමෙයි වැදගත් පක්ෂයේ ජයග්‍රහණය කිරීමයි මෙතනදී වෙන්න ඕන.’’
‘‘ඒ ගැන බය වෙන්න එපා. අපි මොණරාගල නියත වශයෙන්ම දිනනවා.’‘
පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ට මොණරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරන අමාත්‍යවරයා ජයග්‍රහණය පිළිබඳව සහතිකයක් දුන්නා.