Back to Top

ආණ්ඩුවට ගන්න පුළුවන් ආසන 14ක් පමණයි

August 15, 2014  



සුසිල් පේ‍්‍රමජයන්තගේ මැදිහත්වීමෙන් පසුගියදා බණ්ඩාරවෙලදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය. ඒ සඳහා ශ‍්‍රීලනිපයේ සමීපතමයින් කැඳවා තිබිණි. එයට ඌව පළාත් මැතිවරණය සම්බන්ධයෙන් සමීක්ෂණයක් කළ පිරිසකුත් සම්බන්ධවී සිටියහ. එම සාකච්ඡාවට සහභාගි වූ අයෙක් ඒ පිළිබඳව ජවිපෙ විජිත හේරත්ට කතා කළේය.


“ආණ්ඩුවට මේ සැරේ ඌවේ බලය පිහිටුවන්න බැරිවෙන හැඩක් තියෙන්නේ. මොකද මැතිවරණය ගැන කරපු සමීක්ෂණ ප‍්‍රතිඵලය අනුව ආණ්ඩුවට ගන්න පුළුවන් ආසන 14ක් පමණයි.” ආරංචිය දුන් පුද්ගලයා කීය.

“ඉතිං ඌව පළාත් සභාව පිහිටුවන්න ආසන 18ක් වත්  ඕන වෙනවනේ” විජිත හේරත් ප‍්‍රශ්නයක් මතු කළේය.


“ඒක තමයි. ආණ්ඩුව දැන් ප්ලෑන් කරලා තියෙන්නේ ලබන සතියේ ඉඳලා එක ආසනයකට එක ඇමති කෙනෙක් ගාණේ ඡන්ද වැඩට එවන්න. ඒ නිසා ආණ්ඩුව මොනම ක‍්‍රමයක් හරි දාලා ඡන්දේ දිනන්න වැඩ කරනවා. නමුත් බයකුත් තියෙනවා. ඒ අතරේ යූ.එන්.පී. එකෙන් අඩුම ගාණේ 04 දෙනෙක් වත් බාගන්න උත්සාහයක් තියෙනවා. ඒ හතර දෙනා ගැන අර සාකච්ඡාවේදී කතාබහ වුණා.” සාකච්ඡාවට සහභාගි වූ පුද්ගලයා විජිතට කියා සිටියා.


“කවුද ඒ හතර දෙනා දන්නවද?” විජිත හේරත් පෙරළා විමසීය.”නැහැ, නම් කවුද කියලා කිව්වේ නැහැ. කොහොම හරි ආණ්ඩුව ඌව පළාත් සභාව පිහිටුවන්න හදන්නෙත් යූ.එන්.පී එකේ ඡන්දවලින්” ආරංචිය ලබාදුන් පුද්ගලයා කියා සිටියේය.

මෙහෙම මිනිස්සුන්ටනේ ඡන්දෙ දෙන්න කියන්නෙ

මේ අතර පසුගිය 13වෙනිදා බදුල්ල දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ අපේක්ෂකයින්ගේ මනාප අංක ලබාදීම සහ මැතිවරණ නීති සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රැස්වීමක් කැඳවා තිබිණි. මේ අවස්ථාවට තේරීම් බාර නිලධාරී, බදුල්ල සහකාර මැතිවරණ කොමසාරිස්, මැතිවරණ කොමසාරිස්වරයාගේ විශේෂ පණිවිඩයක් රැගෙනවිත් සිටි මහනුවර සහකාර මැතිවරණ කොමසාරිස්, ඌව පළාත් භාර නි.පොලිස්පති, ඌව පළාතේ සියලූම පොලිස් ස්ථානාධිපතිවරු සියලූම පක්ෂවල අපේක්ෂකයින් කැඳවා තිබිණි. මැතිවරණ නිලධාරීන්ගේ පැහැදිලි කිරීමෙන් පසු පක්ෂවල නියෝජිතයින්ට අවස්ථාව ලබාදුන්නේ ගැටලූ ඉදිරිපත් කිරීමටය. එහිදී පළමු අවස්ථාව ලබාගත්තේ ජවිපෙ සමන්ත විද්‍යාරත්නය. ඔහු ගැටලූ 07ක් ඉදිරිපත් කළ අතර ඒ සඳහා පැහැදිලි කිරීම් ලබාගත්තේය. බදුල්ල කණ්ඩායම නායක බුද්ධදාස මේ අවස්ථාවේ සාකච්ඡාවට බාධා කළේය.

“අපිට මේ සාකච්ඡාවලින් වැඩක් නෑ. අපි ආවේ මනාප අංක ටික ගන්න” ශ‍්‍රීලනිප සහ යූඑන්පී අපේක්ෂකයෝ මැතිවරණ නිලධාරීන්ට දිගින් දිගටම බාධා කළෝය. අනතුරුව මැතිවරණ නිලධාරීන් විසින් මනාප අංක බෙදා දුන් අතර ශ‍්‍රීලනිප සහ එජාප අපේක්ෂකයෝ එතන සිටම මුද්‍රණාලවලට තමන්ගේ මනාප අංකය දැනුම් දුන්හ. රැස්වීම අතර මඟ නතර කිරීමට සිදුවිය.

“බලන්න මන්ත‍්‍රීතුමා මෙහෙම මිනිස්සුන්ටනේ ඡන්දෙ දෙන්න කියන්නේ. මේ වගේ අය එක්ක මොන සාධාරණ මැතිවරණද?” මැතිවරණ නිලධාරියෙක් සමන්ත විද්‍යාරත්නට පමණක් ඇසෙන සේ කීය.

අදටත් අපි ජීවත්වෙන්නේ ජවිපෙ නිසා - කිරි ගොවියෙක් හඳුන්නෙත්තිට කියයි.

මේ අතර සුනිල් හඳුන්නෙත්ති මැතිවරණ කටයුතු සඳහා ඌව පරණගම දික්කපිටිය ප‍්‍රදේශයේ සංචාරයක නිරතවිය. ඔහු එම ප‍්‍රදේශයේ ජනහමු කිහිපයකට සහභාගි විය.


“මන්ත‍්‍රීතුමා අපි අදටත් ජීවත් වෙන්නේ ජේවීපී එක නිසා” දික්කාපිටිය ප‍්‍රදේශයේ කිරිගොවීන් පිරිසක් ජනහමුවකින් පසු සුනිල් හඳුන්නෙත්තිට කියා සිටියහ.

“ඒ මොකද එහෙම කිව්වේ” සුනිල් හඳුන්නෙත්ති විමසුවේය. ”මන්ත‍්‍රීතුමා අනුර දිසානායක මහත්තයා කෘෂිකර්ම ඇමති වෙලා ඉන්න කාලේ හදපු කිරි ගොවි ගම්මානයක් තමයි මේ ගම. ගමේ කිරි ගොවියො හයදාහක් විතර ජීවිතය ගැට ගහ ගන්නේ ඒ වැඩපිළිවෙළ හින්දා” කිරි ගොවියෙක් පැහැදිලි කළේය.


“ඔයගොල්ලන්ට මේවා මතක තියෙන එක ගැන අපිට සතුටුයි. මම කතරගම ගිය වෙලාවේ තව දෙයක් අහන්න ලැබුණා. කතරගම ග‍්‍රාම සේවා වසම් පහෙන් හතරකටම වතුර ලැබෙන්නේ වෙහෙරගල ව්‍යාපෘතියෙන්. ඒක පටන් ගත්තෙත් අනුර දිසානායක සහෝදරයා ඇමතිකම කරන කාලේ. අද ඒ ප‍්‍රදේශයේ වැව් 19කට වතර ලැබෙන්නෙත් වෙහෙරගල ව්‍යාපෘතියෙන් කියලා ඒ ප‍්‍රදේශයේ අය මට කිව්වා.” සුනිල් හඳුන්නෙත්ති පිළිතුරු දුන්නේය.

“ඒක තමයි මන්ත‍්‍රීතුමා එක ඉර යට එකම රටේ එක පිරිසක් පිහිනුම් තටාකවලට වතුර පුරෝගන්න කොට තව පිරිසක් බොන්න වතුර නැතිව දුක් විඳිනවා. මේවා මිනිස්සු තේරුම්ගන්න දවසට කාගෙත් දුක නැති වේවි” එක් ගොවියෙක් කියා සිටියේය.


අනුරගේ කතාවට ෆේස්බුක් ලයික්ස් දහස් ගණනක්

මේ අතර පසුගිය සතියේ දැඩි සංවාදයට ලක්වී තිබුණේ අනුර දිසානායකගේ පාර්ලිමේන්තු කතාවකි. එය පාදක වී තිබුණේ විදේශ කටයුතු අමාත්‍යංශයේ කටයුතු පිළිබඳවය. පාර්ලිමේන්තුවේ කල්තැබීමේ යෝජනාවක් ගෙන එමින් අනුර දිසානායක ආණ්ඩුවේ ඉහළම තැන්වල රෙදි ගැලෙව්වේය. එම කතාව අනුර දිසානායකගේ නිල ෆේස්බුක් පිටුවේ පළකොට තිබුණි. එම කතාව විශාල පිරිසක් තමන්ගේ ෆේස්බුක් පිටුවලට ෂෙයාර් කරගත් අතර ලක්ෂ ගණනක් එම වීඩියෝව නරඹා තිබිණි. එමෙන්ම ඒ පිළිබඳව අනුර දිසානායකට ස්තූතිය පළකරමින් අදහස් පළ කර තිබුණේ එවැනි හෙළිදරව්වක් කිරීමට නොබියව ඉදිරිපත්වීම ගැන ප‍්‍රශංසා කරමිනි. 

රෙබෙකා ලාල්කාන්තගේ ළඟම මිතුරියක්

වෙද හාමිනේ නමින් විශාල ප‍්‍රසිද්ධියකට පත් රෙබෙකා නිර්මලී පසුගියදා ජීවිතෙන් සමුගත්තේය. ඇය ජවිපෙ ලාල්කාන්තගේ පාසල් මිතුරියක් විය. අනුරාධපුර නිවත්තකචේතිය මහ විද්‍යාලයේ සා.පෙළ පංතියේ ඉගෙනුම ලැබූ රෙබෙකා නිර්මලී ලාල්කාන්තගේ අසල්වැසියෙක්ද විය. ”වෙදහාමිනේ කතාවෙන් තමයි ගොඩක් දුරට අපි එයාව රංගන ශිල්පිනියක් විදියට අඳුරගත්තේ. අනෙක් අයගේ රෝගී තත්වයන් සුව කරපු වෙදහාමිනේට ඒ ඉරණමට ඇත්ත ජීවිතයේදී මුහුණ දෙන්න සිදුවීම ගැන කනගාටුයි. අද ලංකාවේ සෞඛ්‍ය තත්වයේ තරම තමයි මේ,” මීට සති කිහිපයකට ඉහත දී තම යෙහෙළියට දුරකතන ඇමතුමක් ලබාදුන් ලාල්කාන්ත ඇය සමග කියා තිබිණි.


MOST VIEWED VIDEO STORIES

MORE >>