Back to Top

සමාවෙන්න සර්, අපි මොනවා කරන්නද? ඉහළින් එන දේවල් තමයි

August 15, 2014  



පසුගිය සතියේ මැතිවරණ කොමසාරිස්වරයා ඌව පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රැස්වීමක් කැඳවා තිබුණේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයේය. ඒ සඳහා පක්ෂ නියෝජිතයින් කැඳවා තිබූ අතර මැතිවරණය භාර පොලිස් නිලධාරීහුද සහභාගි වූහ. ජවිපෙ නියෝජනය කළේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාය. රැස්වීම ආරම්භයේදීම ටිල්වින් සිල්වා පසුගියදා නාමයෝජනා භාරදීමෙන් පසු ආණ්ඩුවේ අනුර විදානගමගේ සහ තේනුක විදානගමගේ යන අය මැතිවරණ නීති උල්ලංඝණය කරමින් රථ පෙළපාලියේ යෙදීම සහ මැතිවරණ නිලධාරීන්ට මරණ තර්ජනය කිරීම පිළිබඳව ප‍්‍රශ්න කළේය.

“අපි ජවිපෙට ස්තූතිවන්ත වෙනවා. මැතිවරණ නීති හරියටම පිළිපැදීම පිළිබඳව. මේ වගේ විනයගරුක පක්ෂයක් එක්ක වැඩකරන්න හරිම ලේසියි. මම ඒ ගැන කියලා ස්තූති කරපු ලියුමකුත් ඔබතුමාලට දැම්මා.” මැතිවරණ කොමසාරිස් ටිල්වින් සිල්වාට පිළිතුරු දෙමින් කීය.


විජිත හේරත්ට ටිකට් එකක්

ඌව පළාත් සභා මැතිවරණ කටයුතු හේතුවෙන් ජවිපෙ නායකයින් වැඩි දෙනෙකු විසින් ඌව මැතිවරණ කටයුතු වෙනුවෙන් කාලය වෙන් කර තිබේ. මේ අතර මොණරාගල දිස්ති‍්‍රක්කයේ මැතිරණ කටයුතු මෙහෙයවන විජිත හේරත් පසුගිය සතියේ දිනෙක තණමල්විල සිට උඩවලව දෙසට ගමන් කරමින් සිටියේය. ඔහු එන අතරමග හමුදා නිල ඇඳුමින් සැරසුණු නිලධාරීන් දෙදෙනෙක් රාජකාරියේ නියැලී සිටියෝය. ඔවුහු විජිත හේරත්ගේ වාහනයට අත දමා නවත්වන ලෙසට සංඥා කළහ. විජිත හේරත්ගේ වාහනය නතර කෙරිණි. විජිත හේරත් සිතුවේ මාර්ග නීති සම්බන්ධයෙන් හෝ වෙනත් ආරක්ෂක හේතුවක් නිසා වාහනය නතර කළ බවය.

“අනේ සර් රේසින් තරඟයක් තියෙනවා. ඒකේ ටිකට් එකක් ගන්න පුළුවන්ද?” හමුදා නිලධාරියා ටිකට් පොතක් පෙන්වමින් විමසීය.

“මම පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත්” විජිත හේරත් කීය. කලබලයටත් ලැජ්ජාවටත් පත් හමුදා නිලධාරීහු දෙදෙනා දුක කියන්න පටන් ගත්තෝය.

“සමාවෙන්න සර්, අපි මොනවා කරන්නද? ඉහළින් එන දේවල් තමයි. අපේ සී. ඕ මහත්තයට ටිකට් පොත් දීලා විකුණන්න. ඉතිං එයා අපිට දෙනවා.” එක් හමුදා නිලධාරියෙක් කීය.

“රණවිරුවන්ට මේ ආණ්ඩුව සලකන විදිය තමයි නේද? මේවා ඉතිං හමුදාවෙන් සංවිධානය කරනවා කිව්වට කොළඹ ක්ලබ්වල ඉන්න මැති ඇමතිවරුන්ගේ පුත්තු ඇවිත් මෙහෙ රේස් පදිනවා. හමුදා නිලධාරීන් ලව්වා වැඩ ගන්නවා නේද?” විජිත හේරත් කියා සිටියේය.

“ඔව් මන්ත‍්‍රීතුමා, ඔබතුමාලාවත් මේවා රටේ මිනිස්සුන්ට දැනගන්න කියන්න” හමුදා නිලධාරීහු විජිත හේරත්ගෙන් ඉල්ලා සිටියෝය.


MOST VIEWED VIDEO STORIES

MORE >>