Back to Top

ජේ.එම්. බණ්ඩාර ඔබතුමාගේ සොහොයුරා එයා ඉන්නේ කුවේට්

August 11, 2014  




 

 

රිය අනතුරෙන් පසු පළමු වතාවට පසුගිය 05වෙනිදා අනුර දිසානායක පාර්ලිමේන්තුවට පැමිණියේය. ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ විශාල පිරිසක් අනුරගේ දුක සැප විමසන්න අමතක කර තිබුණේ නැත. රිය අනතුර පිළිබඳවත් ප‍්‍රතිකාර පිළිබඳවත් අනුර දිසානායකට පැහැදිලි කිරීමට සිදුවිය.

06වෙනි දින ශ‍්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ කි‍්‍රයාපටිපාටිය ප‍්‍රශ්න කරමින් කල් තැබීමේ යෝජනාවක් ගෙන ඒමට අනුර දිසානායක කටයුතු කළේය. ඔහුට ඒ සම්බන්ධයෙන් තොරතුර රැසක් ලැබී තිබිණි. ආණ්ඩුවේ ඥාති සංග‍්‍රහ පිළිබඳවත්, දේශපාලන පත්වීම් පිළිබඳවත් දැඩි ප‍්‍රහාරයක් අනුර දිසානායකගෙන් ආණ්ඩුවට එල්ල විය. සුපුරුදු පරිදි සෑම දේටම රීති ප‍්‍රශ්න මතුකරමින් බාධා කරන අස්වර් මන්ත‍්‍රීවරයාගේ බාධා කිරීම් මධ්‍යයේ අනුර දිසානයක විනාඩි හතලිහකට අධික වේලාවක් තම කතාව කරගෙන ගියේය.

 

“විදේශ තානාපති කාර්යාල ශ‍්‍රීලනිපයේ ශාඛා සමිතියක් වෙලා. තානාපතිවරු 49න් 14 දෙනයි විදේශ සේවයේ කටයුතු කරන අය ඉන්නේ. ඒකෙන් 3ක් විශ‍්‍රාම ගිහින්. අනෙක් 35 දෙනාම දේශපාලන පත්වීම්. මා ළඟ සියලූ දෙනාගේ විස්තර තියෙනවා.”අනුර දිසානායක කියා සිටියේය. ඒ අතර ඥාතීන්ගේ ලැයිස්තුවක්ද කියාගෙන ගියේය.

 

“චමිත‍්‍රී රඹුක්වැල්ල, මුතු පද්මකුමාර, උමයංගනා රන්දෙණිය, ජේ.එම්. බණ්ඩාර, මූලාසනාරූඩ ගරු මන්ත‍්‍රීතුමනි, ඔබතුමා දන්නවා එයා ගැන.”අනුර කියා සිටියේය. ”කියන්න ඒකත් කියන්න” මූලාසනයේ සිටි ජනක බණ්ඩාර කියා සිටියේය.

 

“ජේ.එම්. බණ්ඩාර ඔබතුමාගේ සොහොයුරා එයා ඉන්නේ කුවේට්” අනුර දිසානායක ඥාති පත්වීම්, දේශපාලන පත්වීම් සියල්ල දිග හැරියේ ආණ්ඩුවේ බොහෝ දෙනෙක් නිහඬ කරවමිනි. කිහිප දෙනෙකු පමණක් මහින්ද රාජපක්ෂගෙන් ලකුණු දා ගැනීමට කට ඇරියේය.

 

MOST VIEWED VIDEO STORIES

MORE >>