ශෂීන්ද්‍රගේ කෑම වට්ටෝරුව විජිතගේ අතේ
August 11, 2014
ඌව පළාත් සභාවේ නාමයෝජනා කටයුතු අවසන් වූ 06වෙනි දින මැතිවරණ නිලධාරීන් විසින් කැඳවන ලද සාකච්ඡාවක් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ඒ සඳහා ජවිපෙ සමන්ත විද්‍යාරත්න, රාමලිංගම් චන්ද්‍රසේකර්, සුදත් බලගල්ල සහභාගි වූහ. දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයට ළඟාවූ සමන්ත විද්‍යාරත්නට එජාපයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් මුණ ගැසිණි.
“ලොක්කා අපේ නාමයෝජනා ලැයිස්තුව කාලා තියෙන්නේ. එයාට ඕන කට්ටිය දාලා මිසක් දිනන්න ඕන අය දාලා නැහැ. හරීන් මන්ත්රීතුමාත් අප්සෙට් එකේ ඉන්නේ.”යැයි පැවසීය.
“හරීන් මන්ත්‍රීතුමා ආවාද රැස්වීමට” සමන්ත විද්‍යාරත්න විමසීය. ”ආවේ නැහැ. එයා පාර්ලිමේන්තුවෙන් අස්වෙලා ආවේ පක්ෂෙන් ලොකු සපෝර්ට් එකක් දෙයි කියලා. ඒත් හිතපු එක නෙවෙයි වෙන්නේ” එජාප අපේක්ෂකයා කියා සිටියේය.
අනතුරුව රැස්වීම පැවැත්විණි. එම රැස්වීමට ආණ්ඩුව නියෝජනය කරමින් සුසිල් පේ‍්‍රමජයන්ත, ඩිලාන් පෙරේරා, නිමල් සිරිපාල සහභාගි වූහ. රැස්වීමෙන් අනතුරුව සමන්ත විද්‍යාරත්න අසලට පැමිණි ඩිලාන් පෙරේරා ඔහුට සුබ පැතීය. නිමල් සිරිපාල වෙනදට වඩා සිනා මුසු මුහුණින් සමන්ත විද්‍යාරත්න අසලට පැමිණි අතර මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතීය.
මේ අතර පසුගියදා දෙරණ නාලිකාවේ 360 වැඩ සටහනට සහභාගිවූ සමන්ත විද්‍යාරත්න විශාල වශයෙන් ප්‍රතිචාර ගලා ආවේය. විදෙස් රටවලින් පවා දුරකතන ඇමතුම් ලැබිණි.
“ඔබතුමා හිටපු 360 වැඩසටහන අපි බැලූවා. ඔබතුමාලගේ කැපවීම් ගැන අහලා වැඩ සටහන අවසන් වෙනකොට ඇහට කඳුළු ආවා. අපි ඔබතුමාලට උදව් කරන්න කැමති. ඕන උදව්වක් ඉල්ලන්න. මම අවු. 18ක් චිකාගෝ ඉන්නේ. නමුත් අපි තවමත් අපේ රට ගැන අවධානයෙන් ඉන්නේ” චිකාගෝ සිට ඇමතු ශ්‍රී ලාංකිකයෙක් කියා සිටියේය.
මේ අතර මොණරාගල, සෙවණගල ප්‍රදේශයේ පැවැති ජනහමුවකට විජිත හේරත් සහභාගි විය. ඔහු මයික්‍රෆෝනය ගෙන කතාව ආරම්භ කිරීමට සූදානම් වනවාත් සමග වියපත් මවක් විජිත හේරත් අසලට පැමිණියාය.
ශෂීන්ද්‍රගේ කෑම වට්ටෝරුව විජිතගේ අතේ
“මෙන්න පුතේ බොන්න වතුර නැතිව ඉන්න අපිට දුන්න පෝෂණ මල්ල” කියමින් ඇය ශෂීන්ද්‍ර රාජපක්ෂගේ මව විසින් ජනතාවට බෙදා හරින ලද පෝෂණ මල්ලක් විජිත හේරත්ගේ අතට දුන්නාය. විජිත හේරත් එය ලිහා බැලීය. එහි තිබුණේ පිටි ග්‍රෑම් 500ක් සහ කෑම වර්ග සාදාගන්නා පොත් පිංචකි. විජිත හේරත් එය කියවා බැලීය. එහි තිබුණේ පීසා, ෆෑන් කේක්, කොත්තු, බටර් කේක්, පුඩිං සාදන ආකාරය පිළිබඳ විස්තරයකි. විජිත හේරත් රැස්වීමට සහභාගි වී සිටි අයටද ඇසෙන සේ එය කියවීය. කාගේත් අවධානයට ලක්වූයේ හිටපු මහ ඇමතිවරයාගේ කි‍්‍රයාකලාපය ගැනය.
ජවිපෙන් අපොස උස්සපෙළට බාධාවන පෙළපාලි නැහැ
මේ අතර පසුගිය 05වෙනිදා දිස්ති‍්‍රක්ක දෙක සඳහා ජවිපෙන් නාමයෝජනා බාරදීමෙන් අනතුරුව කිසිදු පෙළපාලියක් සංවිධානය කර නොතිබිණි. අපොස උසස් පෙළ විභාගය ආරම්භ වී ඇති බැවින් ඔවුන් විසින් විභාගයට බාධාවන ආකාරයේ කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගත්තේ නැත. බදුල්ල දිස්ති‍්‍රක්කය සඳහා නාමයෝජනා බාරදීම සඳහා ජවිපෙ ප්‍රධාන ලේකම්වරයාත් සමන්ත විද්‍යාරත්න, රාමලිංගම් චන්ද්‍රසේකර් සහභාගි වූහ. මොණරාගල දිස්ති්රක්යේ නාමයෝජනා බාරදීම විජිත හේරත්, ආර්.එම්. ජයවර්ධනගේ සහභාගිත්වයෙන් සිදුවිය. පෙ.ව. 10.45ට පමණ නාමයෝජනා බාරදී දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයෙන් එළියට පැමිණෙනවාත් සමග මොණරාගලට, සියඹලාණ්ඩුවට, බුත්තලට වර්ෂාවක් පතිත විය.
“මේක නම් ජවිපෙට සුභ ලකුණක්” දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ නිලධාරියෙක් විජිත හේරත් සමග කතා බහේ යෙදෙන අතරේ කියා සිටියේය.
මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනුර විදානගමගේ ගේ රථපෙළපාලියක් ලොග්ගල්ඔය ප්‍රදේශයේදී සංවිධානය කර තිබුණි. කෙසේ වෙතත් මැතිවරණ කොමසාරිස්වරයා විසින් කුරුණෑගල සහකාර මැතිවරණ කොමසාරිස් නාමල් තලංගම ඇතුළු පිරිසක් නිරීක්ෂණයට යොදවා තිබිණි. ඔවුන් විසින් අනුර විදානගම සංවිධානය කළ රථ පෙළපාලිය නතර කිරීමට උත්සහ දැරුවේය. ඔහු සමග පැමිණි පිරිස මැතිවරණ නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කළහ. මේ බව සමන්ත විද්‍යාරත්නට දැනගැනීමට ලැබිණි. ඔහු සුනිල් හඳුන්නෙත්තිට දුරකථන ඇමතුමක් ලබාදුන්නේය.
”ජනාධිපති ආරක්ෂක අංශයේ වාහනවලින් ඇවිත් මෙහේ රථ පෙළපාලි යන්නේ. මේ ගැන මැතිවරණ කොමසාරිස් දැනුවත් කළොත් හොඳයි නේද? මේක මාධ්‍යවලින් වහන්න ලොකු උත්සහායක් තියෙනවා. එතන හිටපු නිලධාරීන්ට ඉහළින් උපදෙස් ලැබිලා තියෙන්නේ මාධ්‍යවලට වොයිස් කට් දුන්නොත් බලාගෙනයි කියලා.”සමන්ත විද්‍යාරත්න කියා සිටියේය.
ඒ වහාම සුනිල් හඳුන්නෙත්ති මැතිවරණ කොමසාරිස්ට කතා කළේය. “මන්ත්‍රීතුමා එහෙම සිද්ධියක් නම් වෙලා තියෙනවා තමයි. අපි ඉතිං ඊළඟ සාකච්ඡාවේදී මේ ගැන කතා කරමු නේද?” සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රශ්නයෙන් මැතිවරණ කොමසාරිස් ලිස්සා ගියේය. අනතුරුව ජවිපෙ ලේකම් විසින් මේ සිදුවීම පිළිබඳ මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කරමින් ලිපියක් යොමු කළේය.