Back to Top

සර්ලා අපිව ගොඩදාන්න එන්නේ නැද්ද?

August 11, 2014  




එක්සත් ජාතික පක්ෂයෙන් ඌවේ මහඇමති අපේක්ෂකයා ලෙස නාමයෝජනා බාරදීම සිදුකළ හරීන් ප‍්‍රනාන්දු ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගත්තා.


ඉන් අනතුරුව හරීන් නායක රනිල් වික‍්‍රමසිංහට දුරකථන ඇමතුමක් ගත්තා.


‘‘සර් මම වැඬේට බැස්සා, තාමත් සජිත්ලාගේ පැත්තෙන් කිසිම සහනයක් නෑ, නාමයෝජනා අත්සන් කරන වැඬේටවත් එතුමා ආවේ නෑ. සර් තියෙන ප‍්‍රශ්න ටික විසඳලා ඒ අය මගේ සටනට එකතු කරන්න.’’


‘‘හරීන් මම ඔයාට පොරොන්දු වුණා පක්ෂයේ සියලූදෙනාම සමගි කරනවා කියලා. ඒක වෙනවා. සජිත්ව අනිවාර්යයෙන් ඔයාගේ වැඩේට එකතු කරනවා. මාව විශ්වාස කරලා වැඩ කරගෙන යන්න.’’

‘‘හොඳයි සර්’’කියමින් හරීන් දුරකථනය විසන්ධි කළා.



හරීන්, රනිල්ගේ වචනය විශ්වාස කරද්දී බදුල්ලේ අනිකුත් අපේක්ෂකයන් සජිත්ට දුරකථනයෙන් කතා කළා.


‘‘සර්ලා අපිව ගොඩදාන්න එන්නේ නැද්ද?’’


‘‘කිසිම ප‍්‍රශ්නයක් තව වෙනකම් විසඳලා නෑ. අඩුම තරමින් රටට පේන්න මෛත‍්‍රීලට ශිරාල්ලට පක්ෂ සාමාජිකත්වයවත් දීලා නෑ. නමුත් මම ඔයාලගේ ඡන්ද සටනට පුළුවන් උපරිමයෙන් සහය දෙනවා. සුබවාදී බලාපොරොත්තුවක් තියාගන්න.’’


සජිත් බදුල්ලේ අපේක්ෂකයින් කළ ඉල්ලීමට ඒ විදිහට ප‍්‍රතිචාර දැක්වුවා.


MOST VIEWED VIDEO STORIES

MORE >>