Back to Top

ගෝඨාභයට දේශපාලනයට තාම ආරාධනා නෑලු?

August 6, 2014  


ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයට පිවිසෙන වගට කණින් කොනින් කතා මතුවෙමින් තිබුණා.මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ මාධ්‍යයට සම්මුඛ සාකච්ඡා දෙමින් තමාගේ සූදානම පිළිබඳ ඔහුද කරුණු දක්වා තිබුණා.‘ජනපතිගේ ආරාධනාවක් ලැබු‍ණොත් දේශපාලනයට එන‘බවටත් මෑත කාලයේ එතුමා කියා සිටියා.


                       ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී එක් මාධ්‍යවේදියෙක් මේ ගැන විමසා සිටියා.


“මම තාම ආරාධනා කරලා නෑ“ ජනාධිපතිවරයා වහා කියා සිටියා.


එහෙත් ඉන් අනතුරුව ටික වේලාවක් කල්පනා කරමින් සිටි ජනාධිපතිවරයා
‘‘අපට ඉතිං හොඳ අමාත්‍යංශ ලේකම්වරුත් ඉන්න එපායැ“ යයි සිනාමුසුව කියා සිටියා.

MOST VIEWED VIDEO STORIES

MORE >>