Back to Top

රනිල් ජනපතිගේ ක්‍රියාමර්ග විවේචනය කරයි

August 1, 2014  



එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන කමිටුව පසුගියදා පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධාත්වයෙන් රැස් වුණා.


මෙහිදී අතුරුදන්වීම පිළිබඳ කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා ගත් කි‍්‍රයාමාර්ග නායක රනිල්ගේ විවේචනයට ලක් වුණා.


‘එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ජාත්‍යන්තර පරීක්ෂණයක් කිරීමට කමිටුවක් පත් කළහම රජය ඒකට විරුද්ධ වුණා. ජාත්‍යන්තර අත පෙවීම්වලට ඉඩ දෙන්නෑ කියලා පාර්ලිමේන්තුවේ යෝජනාවකුත් සම්මත කළා.


එහෙම තියෙද්දී හොර රහසේ අතරුදහන් වූවන්ගේ කොමිසමට උපදෙස් දෙන්න සුද්දෝ ටිකක් පත් කළා. මෙකෙන් වුණේ විදේශීය බලපෑම්වලට එරෙහිව පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කිරීමට අත උස්සපු මන්තී‍්‍රවරුන් පවා දුන්න එකයි.’


නායක රනිල්ගේ පැහැදිලි කිරීමෙන් පසුව මහලේකම් තිස්ස අත්තනායක යෝජනාවක් කළා.


‘අපි මේ ගැන රටට අනාවරණය කරමු. ඒ වගේම විදෙස් බලපෑම්වලට එරෙහිව ආණ්ඩුව ඇතුළේ කතාකරපු අය දැන් මොකද කියන්නේ කියලා ප‍්‍රශ්න කරමු.’


තිස්සගේ යෝජනා කි‍්‍රයාත්මක කිරීමට නායක රනිල් අනුමැතිය දුන්නා.


MOST VIEWED VIDEO STORIES

MORE >>