මම ඌවේ නැවතිලා හරි මැතිවරණය ගොඩදාන්නම්
August 1, 2014
ජාත්‍යන්තර උපදේශක කමිටුවක් පත් කිරීම ගැන ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය රැස්වුණ වේලාවේ එහි නායක අමාත්‍ය විමල් වීරවංශත් දැඩිව විවේචනය කළා.
‘අපි යෝජනා 12 ක් දුන්නා. ඒක ආණ්ඩුව පිළිගත්තා. ඒ යෝජනා අතර තියනවා ජාත්‍යන්තර කිසිම බලපෑමට යට නොවිය යුතුයි කියලා. ඒ වගේම මේ ප්‍රශ්නයට ජාත්‍යන්තර මැදිහත් වීමකට ඉඩ නොදිය යුතුයි කියලාත් තිබුණා.
ඒවාට ජනාධිපතිතුමා එකඟවුණා. දැන් අපිටත් නොදන්වා විදේශීය මැදිහත් වීමකට ඉඩ හදලා. ආණ්ඩුව හිතනවා නම් අපේ යෝජනා ඌව පළාත් සභා මැතිවරණයට යට කරලා හිතුවක්කාර ගමනක් යන්න එකට ඉඩ දෙන්න බෑ, අපිව නොසලකන අයට පාඩමක් උගන්වන්න නම් ඌව මැතිවරණයට අපි වෙනම තරඟ කරමු. ‘මම ඌවේ නැවතිලා හරි මැතිවරණය ගොඩදාන්නම්.’
ඌවට තනිව තරග කිරීමට වීරවංශ ගත් තීරණය දේශපාලන මණ්ඩලයේ එකමතිකව සම්මත කළා.