Back to Top

මල්ලි අපට ඔයාගේ වේදිකාවට නගින්න පක්ෂ සාමාජිකත්වයක්වත් නෑ

August 1, 2014  




මේ අතර ඌව මහඇමති සටනට ඒමට සූදානම් හරීන් ප‍්‍රනාන්දු මන්තී‍්‍රවරයා පක්ෂයේ සියලූ දෙනාම ඒකරාශී කිරීම තීරණය කළා.

ඒ තීරණය අනුව  ඔහු පළමුව කතා කළේ නීතිඥ මෛතී‍්‍ර ගුණරත්නටයි.

‘මෛතී‍්‍ර අයියේ මම ලොකු කැප කිරීමක් කරනවා පක්ෂය ගොඩ ගන්න. මම මේ සටන දිනන්නම් ඔයාලා මගේ වේදිකාවේ ඉන්න  ඕනේ. ඔයාලට වෙන්න  ඕනේ දේ කියන්න, මම නායකතුමාට කතා කරලා ප‍්‍රශ්නය විසඳන්නම්.’


‘මල්ලි අපට ඔයාගේ වේදිකාවට නගින්න පක්ෂ සාමාජිකත්වයක්වත් නෑ. ප‍්‍රතිසංවිධානය ගැන කතා කරපු අපි ඉක්මණින්ම හමුවෙලා වෙන්න  ඕනේ දේ ගැන යෝජනාවලියක් දෙන්නම්.’


මෛතී‍්‍ර හරීන්ට පොරොන්දු පරිදි පක්ෂ ප‍්‍රතිසංවිධානය වෙනුවෙන් පෙනී සිටි පිරිස සමග සාකච්ඡා කළා.


"මේ වේලාවේ නායක රනිල්ට කරන්න පුළුවන් යෝජනාවලියක් දෙමු. නැත්නම් ඌවේ ඡන්දේ ඉවර වෙනකම් සාකච්ඡා කර කර ඉන්න වෙන්නේ. එහෙම වුණොත් විනාශ වෙන්නේ පක්ෂය’.


මෛත‍්‍රීගේ පැහැදිලි කිරීමෙන් පසුව හරීන්ට ඉදිරිපත් කිරීම සඳහා යෝජනාවලියක් සකස් කළා.


පළවෙනි ඉල්ලීම වුණේ පක්ෂ ප‍්‍රතිසංවිධානය ගැන කතා කරලා සාමාජිකත්වය අහිමිවූ අයට යළි සාමාජිකත්වය ලබා ගැනීමයි.


ඒ වගේම තනතුර අහිමි වූ අයට යළි තනතුරු ලබා දීම ඇතුළු යෝජනා කිහිපයක් හරීන් වෙත ඉදිරිපත් කිරීමට මෛතී‍්‍ර ගුණරත්න පියවර ගත්තා.

MOST VIEWED VIDEO STORIES

MORE >>