Back to Top

තිබර්ටන් විදුලිබලාගාරයට ජාත්‍යන්තර පරිසරවේදීන්ගේත් විරෝධය

July 22, 2014  

 

 

කැලණි ග‍‍ඟේ අතු ගංඟාවක් වන මස්කෙළි ඔයේ ලක්ෂපාන දිය ඇල්ලට ඉහළින් සප්තකන්‍යා හයිඩ්‍රෝපවර් පුද්ගලික සමාගම විසින් ඉදිකරන තිබර්ටන් කුඩා ජල විදුලිබලාගාරය ඉදිකරමින් පරිසර පද්ධතියට සිදුකරන හානිය නවත්වන ලෙස ඉල්ලමින් ඔස්ට්‍රේලියාවේ බඩර් අප් පරිසර සංවිධානයේ තානාපති විද්‍යාඥ පැට්‍රික් කික්බි විසින් අප වෙත ලිපියක් යොමුකර ඇති අතර අදාළ බලධාරින් වෙත එය යෙමුකරන ලෙස ඉල්ලා ඇත.

 

දැනට විදුලිබලාගාරය ඉදිවෙන ප‍්‍රදේශයේ කලකට පෙර පර්යේෂණවල නියැළී සිටි වීද්‍යාඥ පැට්‍රික් කික්බි පෙන්වාදෙන්නේ මෙම විදුලි බලාගාරය දැවැන්ත ලෙස කදුකර පරිසර පද්ධතිය හා ලක්ෂපාන දිය ඇල්ල විනාශ මුඛයට ගෙන යනු ලබන බවයි.

මෙයට සති කිහිපයකට පෙර අප විසින් පෙන්වා දුන්නේ ලක්ෂපාන දිය ඇල්ලට මීටර් 200 ඉහළින් ඉදිකරන මෙම විදුලි බලාගාරය නිසා දිය ඇල්ලට හානි සිදු විය හැකි බවයි. එය පසක් කරමින් දිය ඇල්ලට උඩින් කරන පිපුරුම් නිසා දිය ඇල්ල දෙපස ඉවුරු හා මස්කෙළි ඔයේ ඉවුරු කඩා වැටීමට පටන් ගෙන ඇති අතර විදුලි බලාගාරයේ ඉදිකිරීමි නිසා දිය ඇල්ලේ ගල් ගැලවී වැටීමට ආසන්නව ඇත.

 

තවදුරටත් මෙම විදුලි බලාගාරයේ ඉදිකිරීමී කටයුතු සිදුවුවහොත් දියඇල්ලේ හැඩය පවා වෙනස් විය හැකිය.

දැනටමත් පිපුරුම් සිදු වී ඇති ලක්ෂපාන දිය ඇල්ලේ සිදුකරන විදුලි බලාගාරයේ ඉදිකිරීම් නිසා ප‍්‍රදේශය පුරා දැඩි පාරිසරික හායනයක් සිදුවෙමින් පවතින අතර එය ලක්ෂපාන දිය ඇල්ලේ සොඳුරු දසුන් විනාශ කරන සංවර්ධන කටයුත්තක ලෙස පෙන්වාදිය හැකිය.

 

වර්තමානයේ ලක්ෂපාන දිය ඇල්ලේ සියයට අසුවකට වැඩි ප‍්‍රමාණයක් ගල් පැලී එල්ලී ඇත. බලාගාරය ඉදිකිරීමේ අවශ්‍යාතාවයට කරන පිපුරවීම් නිසා අස්ථාවර කොලූවියල් පස්වල ගල් කුට්ටි ඇඳ හැළීමට ඉඩ ඇති බැවින්’’ මෙම ඉදිකිරීම් වහා නැවැත්වීමට වග කිවයුතු බලධාරීන් දැන්වත් කටයුතු කළ යුතුය.

 

එමෙන්ම දැනට මස්කෙළි ඔය තුළ මීටර් 500 වැඩි දිග පුමාණයක් සහිතව ඉදිකෙරෙන කොන්ක‍්‍රීට් ඇළ නිසා මස්කෙළි ඔයේ මිරිදිය මත්ස්‍යන් බොවන් ස්ථාන රාශියක් විනාශ වී ගොස් ඇති අතර මෙය සමස්ථ සප්ත්‍යකන්‍යා කඳු පංතියේ ජෛව විවිධත්වයට බරපතළ හානියක් බවට පත්වී ඇත.

 

මස්කෙළි ඔය හරහා දැනට ඉදිකෙරෙමින් පවතින අමුණින් ජලය අළුතින් ඉදිකෙරෙන කොන්ක‍්‍රීට් ඇළ මාර්ගයට හැරවීමට අවශ්‍ය සියලුම දේ මේවනවිට ඉදිකර අවසන් අතර මේ නිසා ගඟ වියළීම හා වෙනස්විමක් සිදුවෙයි. මේ නිසාවෙන් ජලය ආශී‍්‍රතව ජීවත් වන සතුන්ට දැඩි බලපෑමක් සිදුවන අතර හා ඇතැම් ජීවී විශේෂ වඳවී යාමටද හැකිය. ජලය ගල් කටාරම් හා පොකුණු මත රැස්වීමෙන් හා ජලය ගලාගෙන යන වේගය අඩුවීම තුළින් ජලයේ ඔක්සිජන් ප‍්‍රමාණය අඩුවීම හා ජලයේ උෂ්ණත්වය ඉහළ ගොස් උන්ට අවශ්‍ය පාරිසරික සාධක නැතිවීම මෙයට හේතු වී ඇත. ජලය ආශි‍්‍රතව ජීවත් වන දිය බල්ලා,ඒක දේශික මත්ස්‍ය විශේෂ වන ගල්

පාඩියා, දණ්ඩියා,මඩ කනයා, පුවක් බඩිල්ලා,ප‍්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම වඳවී යාමේ අවදානමක් මේ නිසා හටගෙන ඇත.

 

එමෙන්ම ඔය තුළ ඉදිකිරීම සඳහා යොදාගන්නා අමු ද්‍රව්‍යය වශයෙන් භාවිතා වන සිමෙන්ති හා රසායනික පිපුරුම් සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍යය වැසි ජලය සමග මිශ‍්‍ර වී මස්කෙළි ජලයට මුසු වීම තුළ අමුණත් බලාගාරයත් අතර හා සම්පූර්ණ මස්කෙළි ඔයේම ජලජ ජීවීන් හා ශාක සම්පූර්ණයෙන්ම වශයෙන්ම වඳවී යාමට පටන්ගන ඇත.

 

මෙවන් දැවැන්ත පාරිසරික හානියක් සිදුකරමින් සප්තකන්‍යා හයිඩ්‍රෝ පවර් පුද්ගලික සමාගම විසින් ඉදිකරන තිබර්ටන් කුඩා ජල විදුලිබලාගාරය මෙරටට පැමිණෙන සංචාරකයන්ගේද කනස්සලට හේතු වී ඇති අතර මෙහි පර්යේෂණ කටයුතුවල නියැළුණ වීද්‍යාඥ පැට්‍රික් කික්බි විසින් ගොනුකරන ලද වීරෝධය එයින් එකකි.

 

රවින්ද්‍ර කාරියවසම්

පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය

 

MOST VIEWED VIDEO STORIES

MORE >>