Back to Top

මට හිතා ගන්න බෑ සර්ගේ නම්‍යශීලීත්වය ගැන

July 21, 2014  

එජාපය අභ්‍යන්තරයේ දේශපාලන වේදිකාව.


‘‘සර් අපි කළ සමීක්‍ෂණයකට අනුව බදුල්ලෙන් මන්ත‍්‍රී ධූර දහයකුත් මොණරාගලින් මන්ත‍්‍රී ධූර හයකුත් ජවිපෙට මන්ත‍්‍රී ධූර දෙකකුත් එන්න ඉඩ තියෙනවා. එහෙම උනොත් අපිට ජවිපෙ එක්ක සහය ඇතුව ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්’’


‘‘හරීන් ඔය සමීක්‍ෂණ වලින් කියන ගාණට වඩා අපිට මන්ත‍්‍රී ධුර ලැබෙයි. මට තියෙන ප‍්‍රශ්නේ ඔයා මහඇමති කරද්දී පළාතේ ජ්‍යෙෂ්ඨයෙකු වු රවී සමරවීර බදුල්ලේ කණ්ඩායම් නායකත්වය බලාපොරොත්තු වෙනවා’’

‘‘කිසි ප‍්‍රශ්නයක් නෑ. රවීට ඒක දෙන්න මේක අපි එකතු වෙලා ගහන්න  ඕන ගේමක් පුළුවන් නම් සුළු පක්‍ෂවලටත් අවස්ථාව දෙන්න අලියාගෙන් ජන්දේ ඉල්ලන්න.’’

‘‘සර් මට එක දේකට අවසර දෙන්න, මම පුද්ගලිකවම සජීත්ටත් මෛත‍්‍රී ගුණරත්නටත් ශිරාල් ලක්තිලකටත් මගේ  වේදිකාවට ආරාධනා කරනවා. ඔවුන් මේ වැඬේට අත ගැහුවොත් අපි නියත වශයෙන්ම දිනනවා’’

‘‘හරීන් මටත්  ඕනේ මෛත‍්‍රීලා ශිරාල්ලා මේ වැඩේට එකතුකර ගන්න. සජිත්ව එකතු කර ගන්න එක මම භාර ගන්නම්. ඔයා අර දෙන්නව එකතු කර ගන්න’’

‘‘මට හිතා ගන්න බෑ සර්ගේ නම්‍යශීලීත්වය ගැන’’

‘‘මේ තමයි යූඑන්පී එකේ නැගිටීමේ ආරම්භය කියමින් නායක රනිල් හරීන්ට ධෛර්යය දුන්නා’’


MOST VIEWED VIDEO STORIES

MORE >>