Back to Top

ආ... මම කැන්ටිමේ ඉන්නේ එතනට එන්න

July 18, 2014  


 

 

 

පසුගිය 16වෙනිදා කෝට්ටේ ප‍්‍රදේශයේ පැවැති බතික් නිර්මාණ ප‍්‍රදර්ශනයකට සුනිල් හඳුන්නෙත්ති සහභාගි වූයේ ජවිපෙ හිටපු නාගරික මන්ත‍්‍රී අරෝෂ අත්පත්තුද සමගිනි. එම බතික් නිර්මාණ ප‍්‍රදර්ශනය සංවිධානය කොට තිබුණේ සුනිල් හඳුන්නෙත්තිගේ පාර්ලිමේන්තු ප‍්‍රතිපාදනයන්ගෙන් වෙන් වූ මුදලකින් බතික් පාඨමාලාවක් පවත්වා එහිදී පුහුණුව ලැබූවන් පිරිසක් විසිනි. එම ප‍්‍රදර්ශනය කෝට්ටේ සිරිහද විද්‍යාලයේදී පැවැත්වූ අතර විශාල පිරිසක් එය නැරඹීමටද පැමිණ සිටියහ.

 

 

බොහොම ස්තූතියි මන්ත‍්‍රීතුමා, අපිට ජොබ් එකක් නැතිව එහෙ මෙහෙ ඇවිද ඇවිද හිටියේ. අද එක්ෂිබිෂන් එකට එන්නත් කලින් ඉඳලා අපි බතික් නිර්මාණ කරලා විකුණලා මුදල් හොයාගත්තා.පුහුණුව ලැබූ කාන්තාවක් කියා සිටියා.

 

 

අපිට ප‍්‍රදර්ශනයට ගේන්නත් බඩු නැතිවයි හිටියේ. ගෙවල්වලින්ම අපේ නිෂ්පාදන මිලදී ගන්න කට්ටිය එනවා. අපිට දැන් හොඳ රස්සාවක් ලැබුනා. හොඳ ආදායමකුත් ලැබෙනවා.තවත් අයෙක් කියා සිටියා.

 

 

අපිට ආණ්ඩුවට වගේ බඩු බෙදන්න මුදල් නැහැ. නමුත් අපිට ලැබෙන සුළු මුදලින් මේ රටේ ජනතාවට වැඩක් කරන්න අපි සූදානම්. ඡන්දේ කාලේ බඩු බෙදලා ජනතාවට සෙතක් සලසන්න බැහැ. අපි වෙන්කරන මුදලේ ප‍්‍රමාණයට වඩා අපිට වැදගත් වන්නේ එයින් ජනතාව කොච්චර දුරට ප‍්‍රතිලාභ ගන්නවද කියන එකයි. මේ වගේ දේවල්වලින් මේ සමාජයට රටට වැඩදායි පුද්ගලයින් බිහි කිරීම තමයි අපේ අරමුණ. ඒ ජනතාව හොඳ සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් යොදාගන්නයි අපේ උත්සාහය.හඳුන්නෙත්ති ප‍්‍රදර්ශනය පැමිණ පිරිස ආමන්ත‍්‍රණය කරමින් කතාවක්ද කළේය.

 

 

 

අධ්‍යාපන අමාත්‍යංශයේ මහජන දිනයට ඇමති එන්නේ ඉඳහිටලූ.

 

 

මේ අතර සුනිල් හඳුන්නෙත්ති එදිනම අධ්‍යාපන අමාත්‍යංශයට ගියේ අධ්‍යක්ෂකවරයෙකු මුණගැසී රාජකාරී කටයුත්තක් කර ගැනීමටය. ඔහු යන විට අධ්‍යාපන අමාත්‍යංශයට විශාල පිරිසක් පැමිණ තිබුණේ එදින මහජන දිනය නිසාවෙනි. පැමිණ පිරිස තැන තැන කාලය ගතකරමින් සිටියේය. සුනිල් හඳුන්නෙත්තිද ගොස් තිබුණේ මහජනය දිනයට සහභාගි වන අධ්‍යක්ෂකවරයෙකු මුණ ගැසීමටය. අධ්‍යක්ෂකවරයා නිල කාමරයේ සිටියේ නැත. සේවකයෙකුගේ දැනුවත් කිරීමක් මත අධ්‍යක්ෂකවරයා රැඳී සිටින ශාලාවකට හඳුන්නෙත්ති යන විට අධ්‍යක්ෂකවරයා මහජන දිනය පැත්තක තබා හිතවතෙකු සමග සාමීචියේ යෙදෙමින් සිටියේය.

 

 

ආ... මම කැන්ටිමේ ඉන්නේ එතනට එන්නහඳුන්නෙත්ති දුරකතනයට උත්තර දුන්නේය.

 

මන්ත‍්‍රීතුමා මේ කැන්ටිම නෙවෙයිඅධ්‍යක්ෂකවරයා කීය. ආ එහෙමද? මම හිතුවේ කැන්ටිම කියලා. මගෙත් අද මහජන දිනය. මිනිස්සු රස්තියාදු කරන්න බැහැ. මට මගේ වැඩේ කරලා දෙන්න පුළුවන්ද?” හඳුන්නෙත්ති විමසීය.

 

 

මන්ත‍්‍රීතුමා අපිට නම් මහජන දිනය එපා වෙලා තියෙන්නේ. ඒකයි මම මෙහාට වෙලා ඉන්නේ.අධ්‍යක්ෂකවරයා පැවසීය.

 

 

එතකොට අද මහජන දිනයට ඇමතිතුමාත් ඇවිත් ඉන්නවද?” හඳුන්නෙත්ති විමසීය. නැහැ. ඇමතිතුමා ගොඩක් වෙලාවට මහජන දිනයට එන්නේ නැහැ. අපිටත් කියලා තියෙන්නේ මෙහෙමවත් මහජන දිනයට වැඩ කරන්න එපා කියලයි.අධ්‍යක්ෂවරයා පැවසීය.

 

 

කළුතර ව්‍යාපාරිකයින් වටගල සොයා එයි...

 

 

මේ අතර කළුතර නගරයේ වෙළෙන්දන් පරිසක් නීතිඥ සුනිල් වටගල හමුවීමට පැමිණීයේය.

 

මන්ත‍්‍රීතුමා අපිට නාගරික සංවර්ධන අධිකාරියෙන් ලියුමක් එවනවා ජූලි 10වෙනිදා හෙට දුම්රියපොළ පාරේ කඩවල් කඩන්න කියලා. කඩවල් 56ක් තියෙනවා වෙළෙන්දෝ 70ක් විතර ඉන්නවා. එකපාරම කඩවල් කඩන්න කිව්වාම අපි කොහොමද ඒක කරන්නේඑක් ව්‍යාපාරිකයෙක් කීය.

 

මෙතන නීතිඥ කාර්යාලත් තියෙනවා. ඒ අයට ආණ්ඩුවෙන් විකල්පයක් හදලා තියෙනවා. නමුත් ව්‍යාපාරික අපිට වෙන තැන් හොයාගන්න කියලා තමයි ලියුම් එවලා තියෙන්නේ.තවත් ව්‍යාපාරිකයෙක් පැවසීය.

 

මේකේ නීතිමය තත්ත්වයක් නැහැ. මේ ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් දාමු.සුනිල් වටගල කීය. ඒ අනුව 18වෙනිදා කළුතර ව්‍යාපාරිකයින් පිරිසක් කඩ කඩාදැමීමට විරෝධය පළකරමින් මානව හිමිකම් කොමිසමට පමිණිල්ලක් ගොනු කළේය.

 

MOST VIEWED VIDEO STORIES

MORE >>