July 18, 2014
ඌවේ මැතිවරණ සටන ඇරඹීමත් සමග විශාල ලෙස ජනතාව උද්ඝෝෂණවලට පිවිසෙමින් සිටිති. තමන්ගේ පාර අලූත්වැඩියා කර ගැනීමට, පානීය ජල ප්රශ්නය විසඳාගැනීමට මෙය අවස්ථාවක් කර ගත හැකි බව ජනතාව දැන් තේරුම් ගනිමින් සිටිති. එලෙස පැවැති උද්ඝෝෂණයකට ජවිපෙ ඌව පළාත් කණ්ඩායම් නායක සමන්ත විද්‍යාරත්නද සහභාගි විය. හපුතලේ ජනතාව විසින් පැවත්වන ලද එම උද්ඝෝෂණයෙන් ඉල්ලා සිටියේ හපුතලේ පාර අලූත්වැඩියා කර දෙන ලෙසයි. එම උද්ඝෝෂකයින් විසින් ඔසවා ගෙන සිටි සටන් පුවරු අතරේ අපූරු උද්ඝෝෂණ පුවරුවක් සමන්ත විද්‍යාරත්න දුටුවේය.
“ඌවේ මහ ඇමති කළුද සුදුද?” එම සටන් පාඨයේ සඳහන් වී තිබුණි. “ඇයි මේ විදියේ සටන් පාඨයක් දාන්න හිතුවේ” සටන් පාඨය සහිත පුවරුව රැගත් උද්ඝෝෂකයා වෙත ගිය සමන්ත විද්‍යාරත්න විමසීය.
“ඇත්තටම මන්ත්‍රීතුමා අපි මහ ඇමතියා දැකලා නැහැ. පත්තරවලින්, පෙරහැරේ යනකොට නම් දැකලා තියෙනවා. ඌව පළාතේ මහඇමති විදියට නම් අපි දැකලා නැහැ” ඔහු පිළිතුරු දුන්නේය.
මේ අතර ජවිපෙ නායක අනුර දිසානායකද සහභාගිවූ සම්මන්ත්‍රණයක් පසුගිය පහළොස්වන දින බදුල්ල තැපැල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ඒ, අපේ දැක්ම ප්‍රතිපත්ති මාලාව සම්බන්ධයෙනි. එම සම්මන්ත්‍රණයට ශ්‍රීලනිප, එජාප සාමාජිකයින් පිරිසක්ද පැමිණ තිබීම විශේෂයක් විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහියංගන ආසන සංවිධායකයෙක් වූ මෙන්ම පළාත් සභා අමාත්‍යවරයෙක් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ වික්‍රමරත්න (ලොක්කා මහත්තයා) සම්මන්ත්‍රණයට පැමිණි අතර සම්මන්ත්‍රණය අවසන් වන තුරු දේශනයට සවන් දුන්නේය. ඒ අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පාක්ෂිකයින් පිරිසක්ද සහභාගි විය.
එමෙන්ම ජවිපෙ අපෙක්ෂකයෙක් වන අලහකෝන්ගේ නිවසේ සමන්ත විද්‍යාරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැති සුහද හමුවක් සඳහා එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රීලනිපයේ ඉතා පැරණි මෙන්ම එම පක්ෂවල ඡන්දපොළ නියෝජිතයින් ලෙස කාලයක් කටයුතු කළ සාමාජිකයින් පිරිසක්ද පැමිණියේය. කන්ද කැටියේ මැතිවරණ කටයුතුවලට සහභාගිවූ සමන්ත විද්‍යාරත්න එජාප පාක්ෂිකයෙක්වූ පැරණි සාමාජිකයෙකුගේ නිවසටද ගොඩවුයේය. එහි සිටි පියෙක් සමන්ත විද්‍යාරත්නට අපූරු කතාවක් කීවේය. ඒ බිත්තියේ එල්ලා තිබූ බුද්ධ පින්තූරයක්ද පෙන්වමිනි.
“මට බුදුන්වහන්සේට වඩා වැඩි කෙනෙක් නැහැ. ඒ පින්තූරය දිහා බලාගෙන මම කියන්නේ. පුතේ මම අවුරුදු ගාණක් ඡන්දේ දුන්නේ එක්සත් ජාතික පක්ෂයට. අපේ ගෙදර ඡන්ද හයක් තියෙනවා. මේ පාර මම ඡන්දය දෙන්නේ ජේවීපීයටයි.”
බඩුබෙදිල්ල ආණ්ඩුවට බූමරංගයක් වෙලා...
විජිත හේරත්ද මේ දිනවල කාලය ගත කරන්නේ මොණරාගල දිස්ති‍්‍රක්කයේ ඡන්ද සටන වෙනුවෙනි. මොණරාගල පැවැති රැස්වීමකට සහභාගිවීමෙන් අනතුරුව පැමිණ සිටි පිරිස විජිත හේරත් වටකරගත්හ.
“කොහොමද මේ දවස්වල ඌවේ අයට ජයයි වගේ නේද? ආණ්ඩුවෙන් බඩු බෙදන නිසා” විජිත හේරත් සිනාසෙමින් ඇසීය.
“මන්ත්‍රීතුමා ඒකත් දැන් ගෝරියක් වෙලා තියෙන්නේ. ආණ්ඩුවේ මැති ඇමතිලා බඩු බෙදන්නේ ඒ ගොල්ලන්ගේම ශාඛා සමිතියේ නිලධාරීන්ට. ඒ ඒ අයම බඩු ටික බෙදාගන්නවා. බඩු ලැබුණේ නැහැ කියලා මිනිස්සු වගයක් ශ්‍රීලනිප ශාඛා සමිතියක සභාපතිටත් ගහලා. බඩුබෙදිල්ල ආණ්ඩුවට බූමරංගයක් වෙලා.” එක් අයකු පැවසීය.
“වැල්ලවායේ ප්‍රසිද්ධ මුදලාලි කෙනෙක් තමයි සුහද කඩේ මුදලාලි. එයා මහින්ද අමරවීරගේ අයියා කෙනෙක්. එයාටත් ජෙනරේටර් එකක් දීලා. තවත් මොනවද කතා” තවත් අයෙක් පැවසීය.
“මට තවත් කෙනෙක් කිව්වා මේ පැත්තේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් වෙන ව්‍යාපාරිකයෙකුටත් වතුර මෝටරයක් දීලා කියාලා” විජිත හේරත් කියා සිටියා.
“ඔව් මන්ත්‍රීතුමා මිනිහානම් කියන්නේ එයාට අපහාස කරන්න ඒක දුන්නා කියලා. මොකද එයාගේ කඩේ වතුර මෝටර් විකුණන්නත් තියෙනවා.” විජිත හේරත්ගේ කතාවට එකතු කරමින් ජනහමුවට පැමිණ සිටි අයෙක් කියා සිටියා.
“ඒක නෙවෙයි මන්ත්‍රීතුමා ඔබතුමා කිව්වා ඌව පළාත් තමයි ලංකාවේ දුප්පත්ම පළාත කියලා. ඒක වෙන්න පුළුවන්ද? මොකද අවුරුදු 30ක් යුද්ධය තිබුණ උතුරු නැගෙනහිරත් ඊට වඩා හොඳද?” එතන සිටි ගුරුවරයෙක් විජිත හේරත්ට ප්‍රශ්නයක් යොමු කළේය.
“ගොඩක් අයට විශ්වාස නැහැ තමයි. 2013 මහබැංකුවේ වාර්ෂික වාර්තාවේ පැහැදිලිව ඒක කියලා තියෙනවා. උතුරු නැගෙනහිරත් සටහන් වෙන්නේ ඌව පළාතට පස්සේ. ඒ කියන්නේ ඒ පළාත් ඌව පළාතට වැඩියෙන් හොඳයි.” විජිත හේරත් කියා සිටියා.