Back to Top

කාටද යකෝ අයිසේ කිව්වේ

July 11, 2014  





පසුගිය අඟහරුවාදා පැවති දෙරණ වාදපිටිය ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත්තේ දයාසිරි ජයසේකර සහ හරින් ප‍්‍රනාන්දු එකිනෙකාට චෝදනා එල්ල කරගැනීම නිසයි.


අවසන් වටයේ විරාමයකට ගිය වෙලාවෙදිත් ඔවුන් එකිනෙකාට බැණ ගනිමින් හිටියා.


නිවේදක චතුර අල්විස් වැඩසටහන පටන්ගන්න යන කොටම හරින් කිව්වේ මොකක්ද දන්නවද?


‘‘ගෙඹි කතා කියන්න එපා අයිසේ’’ කියලයි.


‘‘කාටද යකෝ අයිසේ කිව්වේ’’ කියමින් අසුනෙන් නැගිට්ට දයාසිරි හරීන් හිටපු තැනට ගියා.


හරීනුත් නැගිටලා දයාසිරි ළඟට ආවා.


එතැන් සිට වාදපිටිය යුදපිටියක් බවට පත්වුණා.


අවසානෙදි ගැටුමට මැදිවූ වාදපිටිය නිෂ්පාදක කණ්ඩායම දැඩි වෙහෙසක් දරා දයාසිරි සහ හරීන් දෙපැත්තට කළා.


දෙපැත්තට වෙන්වූ දෙන්නා එකිනෙකාට බැන ගනිමින් මැදිරි සංකීර්ණයෙන් එළියට එනතුරු ආරක්ෂක අංශ කිසිවක් දැනගෙන හිටියේ නෑ.


වැඩසටහන ඉවර වී එළියට ආවා කියලා හිතපු දයාසිරිගේ සහ හරීන්ගේ ආරක්ෂක අංශ ඔවුන්ව දාගෙන යන්න ගියා.


යළි විකාශන කටයුතු ආරම්භ කිරීමට නොහැකි තරමටම මැදිරියේ උපකරණ විනාශ වී තිබුණ නිසා වැඩසටහන නවත්තන්න නිෂ්පාදක කණ්ඩායම තීරණය කළා.


MOST VIEWED VIDEO STORIES

MORE >>