Back to Top

ආදරයට හැමදාම ආදරෙයි......

April 9, 2014  

ආදරයට හැමදාම ආදරෙයි......

“ඉර හඳ යට“  චිත්‍රපටයේ  “රඛිත“  නැමැති සොල්දාදුවා හරහා ලංකාවේ ප්‍රේක්ෂක සිත් දිනාගත්, වැහි පබළු සේල ,සක්විත්තෝ,ජීවිතය හොරු අරන්,  වැනි ටෙලි නිර්මාණ වලට දායක වු, ඔහු  මේ දිනවල ඔබ ශ්‍රී දළදාගමනය චිත්‍රපයට නරඹුවානම් ඔහු නොහඳුනන කෙනෙක් නැත. අද ආලින්දය හැඬගන්වන්න   පැමිණ සිටින්නේ ඔහුයි. ඔහු නමින් උදාර රත්නායකයි.
 

* උදාර, ඉතිං කොහොමද? මේ දවස්වල මොකද කරන්නේ?

පසුගිය දවස්වල ටිකක් කාර්යබහුලව හිටියේ.  දැන් ඒ  වැඩ කටයුතු ඉවර කරලා දිවුරුම්දීමේ බලාපොරොත්තුවෙන් ඉන්නවා.



* ඔබ රංගනයට පිවිසුණේ කොහොමද?

කලාවට එකතු වෙන්න මගේ පවුල් පසුබිමත් බලපෑවා. මොකද අපි කලා පවුලකට හිමිකම් කියනවා. මොකද මගේ පියා අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකවරයෙක් බෙනට් රත්නායක. ඉතින්  ගෙදර තිබුන පරිසරයත් එක්ක  කලාව කියන දේ ඇත්තටම අලුත් දෙයක් වුණේ නෑ. ඉතින් ඒ හරහා තමයි පොඩි කාලේ පොඩි පොඩි චරිත කරලා . ඉන් අනතුරුව මගේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා තමයි ප්‍රධාන චරිතයකට සහභාගී වුණේ.


*  “අද්භූත ලාම්පුව“  තමයි ඔබ  පළමුවෙන්ම රඟපෑ  ටෙලි නාට්‍යය ඒ ගැනත් මේ වෙලාවේ කතා කරමු?


පියා අධ්‍යක්ෂකවරයෙක් වුණා‍ කියලා එක පාරටම ප්‍රධාන චරිතයක් හම්බ වුණේ නෑ. මොකද ඒ කාලේ  පොඩි පොඩි චරිත ගොඩක් කරලා ඒ ආභාෂ ලබාගෙන තමයි "අද්භූත ලාම්පුව" කියන ටෙලි නාට්‍යයේ මුලින්ම රංගපෑවේ. මං හිතන්නේ මට අවුරුදු 15ක් විතර වගේ ඒකේ රඟපානකොට.



* “ඉර හඳ යට “ චිත්‍රපටයේ  “රඛිත“ නැමැති  චරිතය  චිත්‍රපටය ගැනත් මතක් කරමු මේ වෙලාවේ?

"රඛිත" කියන චරිතය මුලින්ම බාරගන්නකොට මට මුලින්ම පොඩි චකිතයකුත් තිබුණා.  බැරෑරුම් චිත්‍රපටය පූරාවටම. චිත්‍රපටය අරගෙන ගිය චරිතය තමයි "රඛිත" කියන චරිතය. පොඩි චකිතයක් තිබුණා. මේ චරිතය පිළිබඳව අධ්‍යනයකින් අනතුරුව මට විශ්වාසයක් ඇති වුණා. මේ චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් කියලා. ඉන් අනතුරුව ඒක කළා.


*  ක්ෂේත්‍රයේදී ලබපු අමතක නොවන අත්දැකීම්  ගැනත්  අපි ප්‍රේක්ෂකයින්ට කියමු?

එහෙම අත්දැකීම් තිබුණා. ඇත්තටම අමතක නොවන මුළු චිත්‍රපටය පුරාවටම ශාරීරික වශයෙන් අභියෝගයකට මුහුණ දෙන්න වුණු චරිතයක් ඒක.එක තැනක දර්ශනයක් තිබුණ මාව  එල්ලලා තියෙන. මාව ඇත්තටම පැය භාගයක් පැයක් විතර එල්ලලා තිබුණා. ඒ වගේම තව එකක් තිබුණා. වෙඩි තියාගෙන ය‍නකොට එක පාරටම ප්‍රපාතයකට වැටෙන එකක්.එකේ පළවෙනි ටේක්  එක ඉවර වෙලා  බලනකොට එකේ මම තාත්විකව වැටිලා තිබුණේ නෑ. ඉන් අනතුරුව දෙවැනි පාරටත් ඒක ගන්නකොට මං හිතුව මට මොනවා වුණත් කමක් නෑ ඒක කරනවා කියලා. ඉතින් ඒ වගේ සාර්ථක අත්දැකීම් තිබුණා.

* වර්තමානයේ රංගන ශිල්පීන්ට කටකතා හැදෙන්න මූලික හේතුව ජනප්‍රියත්වය කියලා ඇතැම් රංගන ශිල්පීන් කියනවා. කටකතා හදාගන්නෙ නැතුව ජනප්‍රියත්වය විතරක් තියාගෙන මේ ක්ෂේත්‍රයේ ඉන්න බෑ කියලද ඔබත් හිතන්නේ?


කටකතා කියන එක ඉතින් වළක්වන්න බෑ. මට නම් දෙයියන්ගේ පිහිටෙන් කටකතාවක් පැතිරිලා නෑ. මං දන්නේ නෑ ඔබලා කටකතාවක් හොයලා තියෙනවාද කියලා. මං දන්න තරමින් පෞද්ගලිකව මට කටකතා හැදිලා නෑ. හැබැයි නිකක්ම කටකතාවක් හැදෙන්නේ නෑ. කුමක් හෝ හේතුවක් තියෙන්නේ ඕන. සත්‍යය වර්ධනය වෙලා කටින් කටට යනකොට හාත්පසින් වෙනස් දෙයක් වෙන්න පුළුවන්.  ඒ වුණාට කො‍හින් හෝ ආරම්භයක් දුන්නෝත් තමයි කටකතාවක් පැතිරෙන්නේ. මං ගැන නම් එහෙම ජනප්‍රිය වෙච්ච ‍තටකතාවක් හැදිලා තියෙනවා කියලා මං දන්නේ නෑ. මොකද මං රූගත කිරීමකට ගියත් වෘත්තීමය විදියට තමයි කලාකරුවන් එක්ක සම්බන්ධකම් පවත්වන්නේ. හැමෝම යාලුවෝ. අද වෙනකම් එහෙම තරහාකාරයෙක්වත් නෑ. කාවවත් වැඩියෙන්ම ආශ්‍රය කරන්නෙත් නෑ. ඉතාමත් වෘත්තීමය අයුරුන් තමයි මම ඉන්නේ. ඉතින් ඒ හින්දාදෝ වෙන්න ඇති මට මඩක් හෝ කටකතාවක් හැදිලා නැත්තේ.


*  කලා ලෝකයට පිවිසෙන ඇතැම් නළු නිළියන් අනෙකුත් නළු නිළියම් සමඟ ගැටුම්කාරී තත්ත්වයන් නිර්මාණය කර ගන්නවා. විශේෂයෙන් නවක නිළියන් . ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස?

සමහරු අද එක රැයකින් ජනප්‍රිය වෙන්න හදනවා. එතන තමයි ගැටලුව තියෙන්නේ. ඇත්තටම අපිටත් ක්ෂේත්‍රයේ එක රැයකින් ජනප්‍රිය වෙන්න තිබුණා. නමුත් අපේ දොමාපියෝ සහ අපි කට්ටකලා. නිර්මාණ ගණනාවකට දායක වෙලා තමයි ප්‍රධාන නිර්මාණයකට දායක වුණේ. ඒත් අද තත්ත්වයත් එක්ක එක ටෙලි නාට්‍යයක් කරාම  ජනප්‍රියයි කියලා හිතනවා. ඉතින් එහෙම ලැබෙන්නේ තාවකාලික ජනප්‍රියත්වයක් තමයි . ඉතින් ඒ හරහා අධි මානසිකත්වයක් තමයි ඇති වෙන්නේ. ඉතින් මේ නිසා ගැටුම් ඇති වෙලා තියෙනවා. අධි මානසිකත්වයක් උඩ තමයි මම තමයි පොර සංකල්පය හැදෙන්නේ. මමයි වැඩ්ඩා, මමයි ජනප්‍රිය කියලා. එක ටෙලි නාට්‍යයක රඟපාල. ඉතාමත් කණගාටුදායක තත්ත්වයක් මේක. ඉතාමත් හොඳින් තේරුම්ගන්න ඕන ‍මේක මැරතන් එකක්  කියලා. මීටර් සියයක් නෙවෙයි දුවන්න තියෙන්නේ කියලා තේරුම්ගන්න ඕන.

* ක්ෂේත්‍රයට පිවිසෙන නවක නළු නිළියන්ට ඔබ දෙන අවවාද මොනවාද, මේ ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්නනම්.?


මම  ඉස්සල්ලා කිව්වා වගේ මේක දීර්ඝ මැරතන් එකක්. කෙටි ධාවනයක් නෙවෙයි කියලා. ක්ෂේත්‍රයේ අද තියෙක තත්ත්වයත් එක්ක මේක කලාකාරයෙක් නළුවෙක්ට ආධුණිකයෙක්ට කියලා වැරැද්ද පටවන්නත් බෑ. අද තියෙන මේ මෙගා රැල්ලත්, සංකෘතියත් එක්ක ඉතින් අලුත් ආධුණිකයින්ට මේක තේරෙන්නේ නෑ. ආපුගමන්   ජනප්‍රියත්වය වුණා කියලා‍ හිතනවා. මේක තමයි  මගේ හොඳම කාලය කියලා. ඉතින් එහෙම අධි මානසිකත්වයෙන් සිටියාම එයාට තියෙන ගෞරවය එතනින්ම ඉවරයි. ඉතින් ඒ දේවල් තේරුම් ගන්න ඕන. මං විශේෂයෙන්ම කියන්නේ අලුත් කෙනෙක් වුණත් නිහතමානී වෙන්න ඕන‍. කොච්චර වැඩ වුණත්. කොච්චර ජනප්‍රිය වුණත්,  නිහතමාණි ගමනක් ගියේ නැත්නම් සාර්ථක දීර්ඝ කාලීනව මේ ක්ෂේත්‍රයේ රැඳී ඉන්න බෑ. මොකද ජනප්‍රියතාවය කියන දේ එනවා යනවා. මේක රඳා පවත්වා ගැනීම තමයි අමාරුම දේ.



*  ඇත්තටම උදාර රත්නායක කියන චරිතය මොනවගේද?


මම ඉතාමත් සරල පුද්ගලයෙක්. මම නළුවෙක් වුණා කියලවත්, මම ජනප්‍රිය වුණා කියලවත්‍. මම වෙනස් වෙලා නෑ. එදා හිටිය උදාරමයි අදත් ඉන්නේ.  දේශපාලනයට පැමිණියත් ඒ දවස්වල හිටිය උදාරමයි අදත් ඉන්නේ‍. මට ජනප්‍රියත්වය කියන දේ පුරුදු දෙයක් මට ඒක ඇත්තටම විශේෂයක් දැනෙන්නේ නෑ. මම ඇවිත් මමම තමයි. එදා ඉස්කෝලේ ගිය උදාරම තමයි අදත්. මගේ ජීවන රටාව වෙනස් කරන්නේ නෑ. දේශපාලඥයෙක් වුණත්, නළුවෙක් වුණත්, හරි ‍දේට හරි කියන වැරදී දේට ඕනම තැනක කතාකරන. අපේ දෙමාපියෝ හෝ ගුරුවරයෙක් හෝ වේවා වැරදිනම් වැරදී. එතනින් එහාට මම වෙනම පුද්ගයෙක් නෙවෙයි.


* අපි මෙහෙම කිව්වොත් අපිට විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබෙනවා උදාර රත්නායක වඩාත්ම කැමති නිදාගන්න කියලා ඒකට ඔබ එකඟ වෙනවාද?

නිදාගන්නවා ඇත්තටම. නිදාගන්නවා කියන්නේ මං හිතන්නේ හොඳ සුව නින්දක් හැමෝටම අවශ්‍යයි. සාමාන්‍යයෙන්  ඕනම මිනිහෙක් පැය 8ක් නිදාගන්න ඕන. මං හිතන්නේ මමත් ඒ දේ තමයි කරන්නේ.


* මේ වෙලාවේ ශ්‍රී දළදාගමනය චිත්‍රපයට ගැනත් මතක් කරමු?


ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ චිත්‍රපටයේ "කිත්සිරි මෙවන්" රජතුමාගේ චරිතය තමයි රඟපාන්නේ. ප්‍රධාන චරිතයක් නෙවෙයි.ඒත් ඉතාම සතුටින් බාරගෙන කළා. නමුත් දැන් ඉන්න අලුත් අය ප්‍රධාන චරිත විතරයි කරන්නේ. ඉතාමත් කණගාටුදායකයි. මොකද තමන්ට ප්‍රධාන චරිතයක් ලැ‍බුණේ නැත්නම් චිත්‍රපටය බාර නොගන්න පිරිසක් අද ඉන්නේ. මට තේරෙන්නේ නෑ මොකක්ද ඒ මානසික තත්ත්වය කියලා. මට නම් කලාවෙන් ලැබෙන්නේ සතුටක්. මට එක සීන් එකක් හරි හරියට කරන්න පුළුවන් නම්. එකෙන් මං හොඳ තෘප්තියක් ලැබෙනවා. මේ චිත්‍රපයෙත් එහෙමයි ප්‍රධාන චරිතයක් නොවෙයි‍. චිත්‍රපටය අවසන් වෙන්නේ මගෙන්. ඒකට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේක වෙනස් කළ යුතුයි. කොහොම හරි වෙනස් කරන්න ඕන. මොකද ලෝකයේ රංගන ශීල්පියෙක් කියනකොට දැවැන්ත ප්‍රතිරූපයක් තියනවා. එයාලා ආර්ථික වශයෙන්ම මෙන්ම සමාජීය වශයෙන්ද ශක්තිමත් පුද්ගලයෙක්. එහෙම තත්ත්වයක් තමයි ලෝකයේ හැම රටකම තියෙන්නේ. නමුත් ලංකාවේ කලා ශිල්පීන්ට එහෙම තත්ත්වයක් නෑ.



*  ඔබට තිර පිටපතක් ලැබුණාම එම තිර පිටපතේ ඇති ගුණාත්මකභාවය ගැනද සිතන්නේ එසේත් නොමැතිනම් මුදල් ගැනද සිතන්නේ?

මුදල ගැන සැලකිලිමත් වෙනවානම් ඇත්තටම වෙන දේවල් කරන්නේ. කලාවට එන්නෙත් නෑ, දේශපාලනයට එන්නෙත් නෑ. මං හිතන්නේ නෑ කවුරුත් රංගනය තෝරා ගනියි කියලා මුදල් හම්බකරගැනීමේ පරමාර්ථයෙන්. මොකද ගොඩක් රංගන ශිල්පීන් මංපෞද්ගලිකව හඳුනනවා. එයාලා බොහෝම අමාරුවෙන් තමන්ගේ ජීවන රටාව ගෙනියන්නේ‍.  මොකද හොඳ නිර්මාණ වල හොඳ තැනක් ලැබෙනකොට නළුවෙක්ටත් හොඳ මුදලක් ඉල්ලන්න පුළුවන් වෙන්න ඕන.

* ආදරය ගැන මොනවගේ අදහසක්ද ඔබට තියෙන්නේ?


ආදරයට හැමදාම ආදරය කරපු පුද්ගලයෙක් මම

* මේ වෙනකොට ආදරය කරන්න ප්‍රධාන නිළියක්  ඉන්නවාද ජිවිතයේ ආදර කතාව තුළ ඔබට?


ප්‍රධාන නිළියක් ඇත්තටම නෑ. ප්‍රධාන නිළියෝ  හිටියා ඉස්සර. ඇවිල්ලා ගියා. ඉතින් යම් යම් හේතුන් නිසා ඒවා ඇති වුණා නැති වුණා. ජීවිතේ හැටි. අදටත් ඉතින් ඒ කිසිම දේයක් ගැන කණගාටුදායක නෑ. ආදරයට ආදරය කරන. මිනිස්සුන්ට ආදරය කරන. මට උදව් කරන්න පුළුවන් හැමෝටම උදව් කරනවා මම.  ඇත්තටම ප්‍රධාන නිළියක් නෑ. නමුත් ගෙදරින් නම් ප්‍රශ්නේ ප්‍රධාන නිළියක් හොයා ගන්න කියලා.




*  දැන් එතකොට ඔබේ ජීවිතයට එන්න ඉඩ දෙන්න හදන්නේ ප්‍රවීණ නිළියකටද එහෙම නැත්නම් නවක නිළියකටද?

මම මෙහෙම කියලා බෙදලා වෙන්කරලා නෑ. මෙහෙම කෙල්ලෙක්ට කියලා. මම ආදරය කරන්නේ සුදු, කෙට්ටු, මෙහෙම අධ්‍යාපනයක් තියෙන, මෙහෙම පවුල් පසුබිමක් තියෙන කියලා කොටු කරගෙන නෑ. කිසිම ආගම් ජාතිභේද, උස, කළු, සුදු කියන භේදයක් නෑ ඇත්තටම මට. ප්‍රධාන වශයෙන් හොඳ, පිරිසිදු පුද්ගලයෙක්, මිනිස්සු ගැන තැකීමක් තියෙන් ගැහැණියක් වෙන්න ඕන.



* දැන් හොයාගෙන යනවානේ එක්කෙනෙක්ව. මොනවගේ කාලයකදී ඇයව ඔබට හමුවෙයි කියලද හිතන්නේ.


මෙහෙමයි දැන් පොඩ්ඩක් තෝරා ගැනීමක් කරන්න විතරයි තියෙන්නේ. හම්බ වෙලා තියෙන්නේ, කිහිපයක්ම ඉන්නවා.

*  කිහිපයක් ඉන්නවා නම් දැන් ප්‍රධාන චරිතයකට කවද්ද අවස්ථාව දේන්නේ?


ඉදිරියේදී කියමු. දැනටනම් එහෙම නෑ.

* එතකොට අයදුම්පත් එහෙම දාන්න පුළුවන් වෙයි නේද? නමුත් අයදුම්පත් දාන්න සුදුසුකම් අවශ්‍ය නෑ කියලා ඔබ කිව්වා නේද?

සුදුසුකම් අවශ්‍ය නෑ. ඕනෑම සුසුදුකමක් සුදුසුකමක් හැටියට බාරගන්නවා. එහෙම වෙන් කරන්නේ නෑ. හොඳ හිතක් තියෙන,මිනිස්සු ගැන කැක්කුමක් තියෙන. කෙනෙක් තමයි.


*මේ දක්වා ක්ෂේත්‍රයේ පැමිණි දුර ගැන සෑහීමකට පත්වෙනවද?


 මෙහෙමයි, මම ලොකු නළුවෙක් කියන තැන මම නෑ. මම ලොකු රංගන ශිල්පියෙක්, මම ලොකු ජනප්‍රිය ශිල්පියෙක් කියන තැන මම නෑ. මම සීමිත කලා ශිල්පවලට තමයි මැදිහත් වෙලා තියෙන්නේ. දැනටනම් නිර්මාණ 10ට අඩුයි. අවුරුද්දකට එක නිර්මාණයක් වගේ තමයි කරන්නේ. ලැබුණු හැම නිර්මාණයක්ම ඉතාමත් ආදරයෙන් බාරගෙන කරන්න පුළුවන් උපරිමයෙන්ම කළා. ඉතින් ඇත්තටම සතුටුයි.



*ඔබේ පවුලේ විස්තරත් මේ වෙලාවේ කතාකරමු?

පවුලේ මමයි, අක්කයි, නංගියි, අම්මයි තාත්තයි. අක්කයි නංගියි දැන් විවාහ වෙලා දැන් ළමයින් ඉන්නවා. ඉතින් නංගිත් කලා පවුලකින් විවාහ වුණේ. තිස්ස නාගොඩවිතාන මහතාගේ පුතා සමඟයි. ඉතින් එයාලත් කලාවට ඉතාමත් සම්බන්ධකම් තියෙන. කලාවට එක අතකින් අයිතියක් තියෙන. ඔවුන්ට අපිට වඩා ක්ෂේත්‍රයේ ලංකාවේ සිනමාවේ ලොකු අයිතියක් තියෙනවා.



*අනාගත බලාපොරොත්තු?


ස්තූති කරන්න කියලා විශේෂයෙන් ඉන්නේ මගේ දෙමාපියන්ට. තාත්තිට විශේෂයෙන් සහ මගේ පවුලේ අයට. ඔවුන් තමයි මම ජීවිතයේ ගොඩාක් දේවල් කරපු පුද්ගලයෙක්. මම දිනලා තියෙනවා. මම  අනන්තවත් පැරදිලා තියෙනවා‍. මම කොච්චර පරාද වුණත් ඔවුන් මං ගැන විශ්වාසයක් තිබ්බා. දේශපාලනයට ආවත්. මං ගන්නා තීරණ ගැනත් ලොකු විශ්වාසයත් තිබුණා ඔවුන්ට. ඒ විශ්වාසය තමයි ලොකු ශක්තියක් වුණේ මට. හැම පැත්තකින්ම උදව් කරපු ලොකු පිරිසක් ඉන්නවා. ඔවුනටත් එක්කම ස්තූතියි. විශේෂයෙන්ම මගේ පවුලේ කට්ටියට තමයි ස්තූතිවන්ත වෙන්නේ.


MOST VIEWED VIDEO STORIES

MORE >>