Back to Top

ජීවිතේ සුන්දරයි.....!

November 12, 2013  

ජීවිතේ සුන්දරයි.....!



ඔබ අංජලිකා චිත්‍රපටය, කුස පබා චිත්‍රපටය නැරඹුවානම් ලංකාව තුළ මේවන විට ඉතා ජනප්‍රිය චරිතයක් ඒ වගේම විදේශ රටවලත් ඉතා ජනප්‍රියයි ඇය ඒ ඔබ කවුරුත් දන්න පූජා උමාශංකර්. අද ආලින්දයට හැඩ ගන්වන්නයි පැමිණ සිටින්නේ.


* ඉතින් පූජා කොහොමද මේ දවස්වල ජීවිතය ගෙවෙන්නේ? මොනවද අලුත් තොරතුරු?

ජීවිතය අති සුන්දරයි කියලා කියන්න ඕන. මොකද මට මේ දවස්වල තියෙන සතුට මගේ පාසල් කාලයේ සිටි යාලුවන් සමඟ ගත කරපු කාලයට සමානයි වගේ.දැන් මට හිතෙනවා මේ වෙනකොට මං නැවත පාසල් කාලයට ගියාදෝ කියලා. මට ගොඩාක් සතුටින් මේ දවස්වල ඉන්නේ. කියලා ‍වැඩක් නෑ ඒ ගැන.




* ඒ සතුට තවත් දෙගුණ වෙන්න ඇති නේද දෙරණ ‍Film Awards 2013 එකෙන් ජනප්‍රියම නිළිය වීමේ සම්මානය ලැබුණු නිසා?

ඒක සුභ ආරම්භයක්. මොකද දන්නවාද 13 කියන්නේ මගේ වාසනාවන්ත අංකය මොකද ගොඩාක් අයට 13 කියන්නේ හොඳ නැති අංකයක් කියල අපි කවුරුත් දන්නවානේ. ඉතින් 2013 වර්ෂයේදී මට ජනප්‍රියම නිළිය හැටියට සම්මානයක් ලැබුණා. ඉතින් ඒ සම්මානයත් එක්ක ලැබුණු සතුට මට  ටික ටික වැඩි වෙනවා. ඒ සතුට අඩු වෙන ඒක හොඳ දෙයක් නෙවෙයි.



* ඉතින් ඒ සම්මානයත් එක්ක මොනවාගේ ප්‍රතිචාරයක්ද ඔබට ලැබෙන්නේ?

දෙරණ ‍Film Awards 2013 පස්සේ ගොඩාක් කට්ටිය මට කතා කරනවා. එක එක දේවල්වලට මට සහභාගී වෙන්න එන්න කියලා .ඒ සම්මානයත් එක්ක  මට ගොඩාක් ආදරෙයි මිනිස්සු. ඉතින් මාත් ඒ ජනතාවට ගොඩාක් ආ‍දරෙයි. මේ මට ලැබිලා තියන වාසනාවෙන් මං ගොඩාක් අත්දැකීම් ලබමින්  ඉන්නේ. ඉතින් ඒක නිසා මං සතුටුයි. කියන්න බැරි තරමටම සතුටුයි.

* ඉදිරියේදී මොනවාගේ නිර්මාණ වලටද ආරාධනා කරලා තියෙන්නේ?

ඔබ මොනවාහරි අධ්‍යක්ෂණය කරනවානම්  මං එනවා.

* ඔබට මොනවාද බලාපොරොත්තුද ජීවිතයේ තියෙන?

මෙහෙමයි මගේ තාත්තානම් කියනවා රඟපාන ඒක නතර කරන්න කියලා. මං තාත්තට කිව්වා “තාත්ති මට රඟපාන්න හොඳ එකක් අවෝත් මං අනිවාර්යෙන් රඟපානවා කියලා“ මොකද දන්නවද එහෙම වුණෝත් ඒක අත්හරින එක හරිම මෝඩකමක්. ලංකාවේ කළ චිත්‍රපටියක් වන සුවඳ දැනුනා ජීවතේ චිත්‍රපටයෙන් පස්සේ මට හිතුණා දැන් ඇති රඟපෑවා කියලා. ඒ නමුත් කුස පබා චිත්‍රපටයට ආරාධනා කළාම මං ඒක බාරගත්තා. ඒ වගේම දැන් මොනවාහරි ආරාධනාවක් කරනවානම් ඒක ලස්සනනම් අනිවාර්යෙන් මම කරන්න ආසයි ඒක. ඉතින් මං හිතවා මොනවාහරි අලුත් දේකට ආරධනා ලැබෙයි කියලා. ඉතින් ඒක ආවාම මං කියන්නම්.




* මේ වෙනකොට ඔබට ජනප්‍රිය නිළියගේ සම්මානය ලැබිලා තියනවා. දැන් ඔබ කැමැත්තක් දක්වන්නේ නැද්ද දක්ෂතම නිළිය වීමට?

අනිවාර්යෙන් ආසයි. ඉතින් ආදරය කරන සම්මානය තමයි ජනප්‍රිය සම්මානය කියන එක. දක්ෂතම නිළියගේ සම්මානයට ගොඩාක් කැමතියි. ඉතින් ඒවාගේ සම්මානයක් ලබාගෙන්න හොඳ කතාවක් තියෙන්න ඕන. හොඳ අධ්‍යක්ෂණයක් තියෙන්න ඕන.ඒවාගේම හොඳ රඟපෑමක් තියෙන්න ඕන. ඉතින් ඒක ගැන කියන්න මං දන්නේ නෑ. බලමු අපි ඉදිරියට.

*ආදරය ගැන පූජා උමාශංර් මොනවාගේ හෑගීමක්ද තියෙන්නේ?


ආදරය ගැන අහන්න එපා මල්ලියා. කුස පබා චිත්‍රපටයේ හොඳ දෙබසක් තියනවා “ඒකනම් උඩ ඉන්න දෙවියෝ විතරයි දන්නේ“ කියලා ඉතින් ඒක තමයි මාත් කියන්නේ. ඒකනම් උඩ ඉන්න දෙවියේ විතරයි දන්නේ.




* ඉතින් දෙවියෝ මුකුත් ඉඟියක්වත් දෙන්නේ නැද්ද මට මේ වාගේ කෙනෙක් ලැබුණොත් හොඳයි කියලා?


අම්මා මට හැමදාම කියනවා “ පුජා මතක තියා ගන්න ඇතුළේ ඉන්න මනුස්සයා එළියට නෑ. ගොඩාක් මිනිස්සු රඟපානවා. ඒක නිසා ගොඩාක් පරිස්සමින් ඉන්න. බැටළු හම පෙරවගෙන වෘකයෝ ඉන්නවා ගොඩාක් මිනිස්සු. ඒක නිසා ඔයා පරිස්සම් වෙන්න ඕන ගොඩාක්“. අපි මේ වයසට ටිකක් කියන එක අහනවා අඩුයි නේ.  ඉතින් මම ඒ වෙලාවට කියනවානේ “මං දන්නවා ඒවා ගැන අම්මේ පිස්සු කතා කියන්නේ නැතුව ඉන්න කියලා“ ඉතින් ඒ වෙලාවට අම්මා කියනවා මට “පූජා මං ඔයාගේ අම්මා අපි කියන්නේ ඔයාගේ හොඳට.ඔයාට මොළේ තියනවානම් ඔයා පරිස්සම් වෙන්න දැන ගන්න ඕන“ කියලා.  මං හිතනවා මට  හොඳ සහකරුවෙන් ලැබෙයි කියලා.

* ඒ ලැබෙන සහකරුවා ඉන්දියානු ජාතිකයෙක් වෙයිද එහෙමත් නැතිනම් ලාංකිකයෙක් වෙයිද?


ඇත්තටම ඒ ගැනනම් මං දන්නේ නෑ හරියට. පුජාගේ හිත දැනගෙන.ගරු කරන පුද්ගලයෙක් නම් ආදරය කරන කෙනෙක්නම් ඒක තමයි මට ඕන. එහෙමත් නැත්නම් මං නිළියක්ද, මට සල්ලි තියනවාද නැද්ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. මගේ අම්මට උවමනා මං සතුටින් කසාද බැඳලා ජීවත් වෙනවානම්. සල්ලිවත් වෙන මොනවත් ඕන නෑ කියන ඒක සහකරුවාගෙන්. මගේ  අම්මා නම් කියන්නේ කඳුළු නැති සතුට තවත් වැඩි කරන කෙනෙක් වෙන්න ඕන අනිවර්යෙන්ම මට ලැබෙන සහකරුවා කියලා.




* ඔබගේ කලා කටයුතු වලට මොනවාගේ සහයෝගයක්ද ලැබෙන්නේ ගෙදරින්?

මගේ අම්මා ලොකු සහයෝගයක්  දෙනවා. සිංහල දන්නේ නැති කාලයේ තමයි මම අංජලිකා චිත්‍රපටය කළේ. ඒ දවස්වල චිත්‍රපටයේ දෙබස් වචනයෙන් වචනය මට තේරුම් කරලා දුන්නා. ඊට පස්සේ මට මහන්සි වෙනකොට අම්මා ඉඳගෙන ඉන්න පුටුව මට දෙනවා. ඒවාගේ විදියට මට මාර සහයෝගයක් දෙනවා. අම්මා කියන්නේ මගේ ජවය. අම්මත් එක්ක ඉඳලා හිටලා රණ්ඩු වෙනවා තමයි.ඒත් අම්මා නැතුව බෑ. ගොඩාක් ආදරෙයි නිසා තමයි මං අම්මත් එක්ක රණ්ඩු කරනෙත්.

* වැඩියෙන්ම කැමති ඉන්දියාවටද එහෙමත් නැත්නම් ලංකාවටද?

 ලංකාවට කැමතියි. ඉන්දියාවෙනම් ඕනතරම් බඩු තියනවා ගන්න. ඒත් අනේ මන්ද ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. පරිසරය අතින් ගත්තත් මාර ලස්සනයි ලංකාව. ඉන්දියාවේ ඉඳළා ගුවන් යානයකින් ලංකාවට එනකොට ඔක්කෝම පෙන්නේ තනිකර කොළ පාටට උඩ ඉඳලා බැලුවාම. අනිත් අතින් බැලුවාම සමහර විට මගේ ආච්චි සීයා ලාකාවේ ඉන්න හිටපු නිසාද දන්නේ නෑ. ඉන්දියාවේ ඉන්න ආච්චියි සියාටයි කැමතියි ඒත් ඊට වඩා ලංකාවේ ඉන්න ආච්චියි සීයාටයි කැමතියි.



* මේ පැමිණි ගමන් මග ගැන සෑහීමකට පත්වෙනවාද ඔබ?

අනිවාර්යෙන් ගොඩාක් සෑහීමකට පත්වෙනවා. මොකද ඉන්දියාවට වඩා මට මෙහෙදී ලැබුණු අවස්ථා වැඩියි. මං කරපු හැම චිත්‍රපටියක්ම මෙහෙදී ප්‍රසිද්ධ වුණා. ඉන්දියාවේදි කරපු සමහරක් චිත්‍රපට ප්‍රසිද්ධ වුණා. සමහරක් එවා මිනිස්සු දැකලාවත් නෑ. සමහර මිනිස්සු අහනවා මගෙන් ඒවාගේ චිත්‍රපට ආවදත් කියලා. නමුත් ලංකාවේ කරපු චිත්‍රපට ගොඩාක් ප්‍රසිද්ධ වුණා. මොකද මං ඇත්ත කියන්න ඕන. ගොඩාක් කට්ටිය කියනවා එහෙම කියලා  ඔයාගේ තත්ත්වට බාල කරගන්න එපා කියලා. ඇත්ත කියන්න ඕන ඉන්දියාවට වඩා ලංකාවේදී මගේ චිත්‍රපටි ප්‍රසිද්ධ වෙලා තියනවා.

* ඉන්දියාවේදී පූජා උමාශංකර් විවාහ වෙලා කියලා ආරංචියක් යනවා මේ වාගේ කටකතා ගැන මොනවාගේ දෙයක්ද ඔබට කියන්න තියෙන්නේ?


මේ වාගේ දේවල් වලට කළකිරෙන්නේ නෑ. හැබැයි කළ කිරෙනවා ඇත්ත දේවල් කියලා නැත්නම් ඒක අපිට වදිනවානම්. මෙහෙමයි  මගේ වැරද්දක් තියනවා මං මගේ දුරකතනයට කතා කරන්නේ නෑ. මට ගොඩාක් දුරකතන එනවා නමුත් මං එවාට කතා කරන්නේ නෑ. ගොඩාක් ප්‍රශ්න වුණා මට ඉන්දියාවේදී ඒක නිසා. මම හොඳ චිත්‍රපටි පවා නැති වුණා ඒ හේතුව  නිසා. මොකද මට දුරකතන අංකය හරියට දන්නේ නැත්නම් මං ඒ කෝල් එක ගන්නේ නැ. හැබැයි කටකතා වලින් මගේ චරිතයට හානියක් වෙනවානහ් මං අනිවාර්යෙන්ම ඒවාට ප්‍රතිචාර දක්වනවා.මට මාගේ අම්මා කියලා තියෙන්නේ කවුරුවත්ම විශ්වාස කරන්න එපා කියලා.ඔන්න බලන්න මාත් එක්ක ඔබ හොඳට කතා කරනවානම්. මට මුකුත් කරදරයක් නැත්නම් මං ඔබත් එක්ක හොඳින් ඉන්නවා. ඔබත් එක්ක එළකිරි වාගේ ඉන්නවා එච්චරයි.



* අමතක නොවන සිද්ධීන් තියනවානේ පූජාගේ ජීවිතයේ?

මට කවදාවත් අමතක වෙන්නේ නැ මට ආදරය කරන කට්ටිය. චිත්‍රපටිවල පසුතල අමතක වෙන්න පුළුවන්.සිංදු අමතක වෙන්න පුළුවන්, දෙබස් අමතක වෙන්න පුළුවන්, අධ්‍යක්ෂකවරුන්ගේයි කැමරාමන්ස්ලාගේ නම් අමතක වෙන්න පුළුවන් ඒ ඔක්කෝම අමතක වෙන්න පුළුවන් හැබැයි මට දෙවියෝ දුන්න දායාදය අමතක වෙන්නේ නැහැ. ගොඩාක් කට්ටිය මට  වඩා  ලස්සන වෙන්න පුළුවන්, මට වඩා ලස්සනට රඟපාන්න පුළුවන්.මට වඩා ලස්සනට නටන්න පුළුවන් අය ඇති හැබැයි එයාලට ඒ අවස්ථාව ලැබුණේ නැහැ. මං මේ තත්ත්වයෙන් ලංකාවේ ඉන්නේ මිනිස්සු මට ආදරය කරන නිසා. මගේ චිත්‍රපටි එක වතාවක් නොවෙයි තුන් වතාවක් බලන මිනිස්සු ඉන්නවා. ඉතින් එයාලා නිසා තමයි මං අද ජීවත් වෙන්නේ. මං දෙරණ වේදිකාවලත් කියලා තියනවා එයාලා තමයි මගේ පවුලේ කට්ටිය කියලා. ඒ මිනිස්සුන්ගේ ආදරය මට කවදාවත් අමතක වෙන්නේ නෑ.



* මේ පැමිණි ගමන් මග තුළ ස්තූති කරන්න අය ඕන තරම් ඉන්නවා ඇති අපි එයාලවත් මතක් කරමු මේ වෙලාවේ?

මට වචනයකින් හරි උදව් කරපු. මට ආදරය කරන සහ  නොකරන  හැමොටම මං ස්තූති කරනවා.










 
 









MOST VIEWED VIDEO STORIES

MORE >>