Back to Top

මහත්මා ගාන්ධි මෙන් සැරසී ලෝක වාර්තාවක් තබයි

March 8, 2012  

මහත්මා ගාන්ධි මෙන් සැරසී ලෝක වාර්තාවක් තබයි

ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියකු වන මහත්මා ගාන්ධි මෙන් සැරසුණු දරුවන් 485 දෙනෙකු ඉන්දියාවේ කල්කටා නගරයට එක්ව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ. ඒ එකම ස්ථානයකට රැස්වූ මහත්මා ගාන්ධි මෙන් සැරසුණු වැඩිම ජන පිරිස ලෙසය. 1948 වසරේ දී මහත්මා ගාන්ධිගේ මරණයට පත්වූ දිනය අනුස්මරණයට සමගාමීව, දිවිපිදූවන්ගේ දින සැමරුම වෙනුවෙන් පුණ්‍යායතනයක් මගින් සංවිධානය කරන ලද සාමකාමී පා ගමනක එක් අංගයක් ලෙස මෙම අවස්ථාව නිරූපණය කර තිබේ. වයස අවුරුදු 10 ත් 16 ත් අතර වයස් සීමාවෙහි පසුවන දරුවන් පිරිසක් මෙම පා ගමන සඳහා එක්ව ඇති අතර ඔවුන් කල්කටා නගරයේ මයෝ පාරේ සිට ගාන්ධි ප්‍රතිමාව දක්වා ගමන් කර ඇති බව සඳහන්ය.

MOST VIEWED VIDEO STORIES

MORE >>