Back to Top

2014.04.15

April 15, 2014  


 

මේෂ

නව ව්‍යාපාර ඇරඹීමට ඉතාම සුදුසු දිනයකි. ආදායම් තත්ත්වය ඉහළ නංවා ගැනීමට හැකි අවස්ථාවක් උදාවේ. ජීවිතයේ නැවුම් බලාපොරොත්තු ඇති වේ.

ජය අංකය 01

 

 

වෘෂභ 

ආගමික අංශ කෙරෙහි වැඩි නැඹුරුතාවයක් ඇති වන අතර වන්දනා ගමන් බිමන් මෙන්ම දානමය පිංකම් වලට සහභාගිවීමට හැකිවේ.

ජය අංකය- 09

 

මිථුන  

මිතුරු වෙසින් සිටින සතුරන් හැඳින ගැනීමට හැකි වන අතර අනුන් කළ වරදක් නිසා අස්ථාන චෝදනාවලට ලක්වීමට ඉඩ තිබේ.

ජය අංකය- 07

 

කටක  

විදේශ සබඳතා තහවුරු කර ගැනීමට හැකි අවස්ථාවක් උදාවන අතර විදේශ ගතව සිටින හිතවතෙකුගේ අභාවය දැන ගැනීමට හැකිවේ.

ජය අංකය- 03

 

සිංහ 

ආදායමට වඩා වියදම් තත්ත්වය ඉහළ යාමට පුළුවන. අනවශ්‍ය ගමන් බිමන් මෙන්ම වියදම් තත්ත්වය ඉහළ යාම නිසා ණය වීමට පවා ඉඩ ඇත.

ජය අංකය- 05

 

කන්‍යා

දුර පළාතක වෙසෙන ළඟම ඥාතියෙකු නිසා ධනය මෙන්ම කාලයද වැය කිරීමට සිදුවේ. එහෙත් අනාගත බලාපොරොත්තු සඵලවීමට පුළුවන.

ජය අංකය- 05


තුලා  

පදිංචි නිවස හෝ ඉඩම නිසා ආරවුල් ඇතිවීමෙන් නීතියේ පිළිසරණ සෙවීමට සිදුවේ. කෙසේ වුවත් තමාට වාසි සහගත ලෙස සියල්ල නිරාකරණය වේ.

ජය අංකය- 09

 

වෘෂ්චික  

ලද දෙයින් සතුටුවීමට හැකි අවස්ථාවකට මුහුණදීමට සිදුවේ. බලාපෙ‍ාරොත්තු කඩවීම නිසා හිතට අසහනය ගෙනදීමට පුළුවන.

ජය අංකය- 02


ධනු  

කාර්මික අංශයේ මෙන්ම කෘෂිකර්මාන්තයේ නියැළෙන අයට විශේෂ වාසි සහගත අවස්ථාවන් උදාවේ. සමහර විට ඉඩකඩම් ලාබ ලැබීමට පුළුවන.

ජය අංකය- 01


මකර  

දුවා දරුවන් වෙනුවෙන් ‍මුළු දවසම වැය කිරීමට සිදුවන අතර වන්දනා ගමන් බිමන් හෝ විනෝද චාරිකා වලට ද හේතුවේ.

ජය අංකය- 07


කුම්භ  

තමා අතින් සිදුවු වැරදී නිසා මානසික අසහනය ගෙනදීමට පුළුවන. එහෙත් තවදුරටත් අනවශ්‍ය ලෙස කටයුතු කිරීමෙන් වැළකීමට හැකිවේ.

ජය අංකය- 06


මීන  

හවුල් ව්‍යාපර වලින් ලාබ ගෙනදෙන අතර තම ආදායම් තත්ත්වය ඉහළ නංවා ගැනීමට නව ව්‍යාපාර කටයුතුවලට හිත යොමුවේ.

ජය අංකය- 04


ජ්යෝතිෂ හා වාස්තු විද්යාවේදී

චන්ද්රසිරි ශ්රියානන්ද  සිල්වා 

පුස්තකාලයාධිපති (විශ්රාමික)

සීමන් මාවත, මිනුවන්ගොඩ

MOST VIEWED VIDEO STORIES

MORE >>