ඒක අද කුජීත මණ්ඩලයක් වෙලා
April 5, 2014
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය මැතිවරණයෙන් පසුව රැස්වුණා.
මුලින්ම බස්නාහිර විපක්ෂ නායකකම හිටපු විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගලට දීලා බස්නාහිර විපක්ෂයේ සංවිධායක ලෙස හර්ෂණ රාජකරුණා පත් කළා.
දකුණේ විපක්ෂ නායකකම හම්බන්තොට තෙන්නකෝන් නිලෙමෙට දීලා බන්දුලාල්ට විපක්ෂයේ සංවිධායකකම දුන්නා.
මේ පත් කිරීමෙන් පසුව සජිත් පේ‍්‍රමදාස නැගිටලා දීර්ඝ කතාවක් කළා.
‘‘ හම්බන්තොට දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති පේන්න තියෙද්දී අපි රාජපක්ෂ පාලනයට අභියෝගයක් කළා. මට උදව් කරපු රංජිත්ලා තලතලාට වගේම මෛත්‍රි ශිරාල්ටත් මේ වෙලාවේ ස්තූතිවන්ත වෙනවා. හම්බන්තොට අපි වර්ධනයක් පෙන්නුවාට වැඩක් නෑ. අනිත් දිස්ත්‍රික්ක කඩා වැටිලා,
අපි දක්ෂයින්ට තැන දුන්නානම් පක්ෂය මේ විදිහට කඩා වැටෙන්නෑ, එක එක පුද්ගලයන්ගේ පටු අරමුණු වෙනුවෙන් නායකත්ව මණ්ඩලයට වැඩ කරන්න සිද්ධ වුණා. නායකත්ව මණ්ඩලයට මේවා වෙනස් කරන්න බලයක් නෑ, ඒක අද කුජීත මණ්ඩලයක් වෙලා. එකේ ඉන්න අය පඹයෝ ගාණට වැටිලා.
මම අද සතුටුවෙනවා නායකත්ව මණ්ඩලයට නොගිය එක ගැන.මම කියන්නේ ජ.වි.පෙ නැගිටීමට පක්ෂ නායකත්වය වෙනස් කිරීම බලපෑවා. ෆොන්සේකාට අපේ ඡන්ද විශාල විදිහට කැඩිලා ගියා. අපි වෙනස් විය යුතුයි’’
සජිත් ගේ දීර්ඝ කතාවෙන් පසුව කබීර් හෂීම් නැගිට්ටා.
‘‘ සජිත්ගේ කතාවට මම සියට සීයක් එකඟයි. අපි අවුරුද්දෙන් පසුව පක්ෂය තුළ වෙනස්කම් කරමු. අපි හැමෝම ඒ මතයේ ඉන්නවා’’ කියමින් කබීර් හෂීම් කෘත්‍යාධිකාරි මණ්ඩලයට පොරොන්දුවක් වුණා.
.