Back to Top

නිවැරදි ප‍්‍රතිඵල ලේඛනය මැතිවරණ නිලධාරියාගේ සාක්කුවේ

April 5, 2014  




ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ කොළඹ දිස්ත‍්‍රික් ලැයිස්තුවෙන් වැඩිම මනාප අංක 09 යටතේ තරග කළ අපේක්ෂකයා ලබාගෙන ඇති බව මැතිවරණ කටයුතු භාර  නිලධාරියෙකු ප‍්‍රකාශ කළා.


ගණන් කිරීමේ කාමරවල ප‍්‍රතිඵල ගැන සෝදිසියෙන් හිටපු  අංක 17 යටතේ තරග කළ එම පක්ෂයේම අපේක්ෂකයෙකු ප‍්‍රතිඵල කියපු නිලධාරියා සමග රණ්ඩු වුණා.


රණ්ඩුව අතරතුර මැතිවරණ නිලධාරියාගේ සාක්කුවේ තිබුණ නිවැරදි ප‍්‍රතිඵල ලේඛනය උදුර ගත්තා.


ඒ ලේඛනයට අනුව අංක 17 යටතේ තරග කළ අපේක්ෂකයා වැඩිම මනාප ලබාගෙන තිබු නිසා ප‍්‍රතිඵල ලේඛන දෙකම අතට ගෙන පසුදින මැතිවරණ කොමසාරිස්වරයා හමුවුණා.


ඒ ප‍්‍රතිඵල ලේඛන දෙක පරීක්ෂා කර බලපු මැතිවරණ කොමසාරිස්වරයා වැරැද්දක් සිදුවී ඇති බව පිළිගෙන අංක 17 යටතේ තරඟ කළ අපේක්ෂකයා ජයග‍්‍රහණය කර ඇති බව ප‍්‍රකාශ කළා.


ප‍්‍රතිඵල ප‍්‍රකාශ කළ නිලධාරියාට අනුව වැඩිම මනාප ලබාගත්ත අංක 09 යටතේ තරඟ කළ අපේක්ෂකයත් මැතිවරණ කොමසාරිස්ට අනුව වැඩිම මනාප ලබාගත්ත අංක 17 යටතේ තරඟ කළ අපේක්ෂයාත් අවසානයේදී ගහමරා ගත්තා.


MOST VIEWED VIDEO STORIES

MORE >>